19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පාසල් 16 තීන්දුයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

156

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය මේ වන විට අවසන් වී තිබෙන අතර එහි දී ඒ ඒ පාසල් කණ්ඩායම් දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 16ක් දෙදින තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

Video – ICCයෙන් නම් කළ යොවුන් ලෝක කුසලාන කණ්ඩායමේ අංක 03 පිතිකරු – රවිඳු රසාන්ත – Powerplay

සාන්ත තෝමස් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා යොවුන් ජාතික කණ්ඩායමට තේරී පත්වී 2020 19න් පහල ලෝක…

මේ තරගාවලියේ පළමු තරග වටය ක්‍රිකට් ක්‍රීඩාංගණ රැසක දී මාස 7කට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක විය. සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වූ මේ තරගාවලිය සඳහා කාණ්ඩ 4ක් යටතේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 36ක් තරග වැදුණු අතර පසුව එම එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 දිනා ගත් කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 4 යටතේ පාසල් 16ක් සුපිරි 16 දෙනාගේ තරග වටය නොහොත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට තේරී පත්ව ඇත.

සුපිරි 16 දෙනාගේ තරග වටය ජයග්‍රහණය කරන කණ්ඩායම් අට තරගාවලියේ අවසන් පූර්ව වටය නොහොත් සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර ගියවර තරගාවලියේ දෙවන වටය දක්වා පැමිණි ප්‍රබල කණ්ඩායම් කිහිපයක් වන සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහින්ද විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ඇතුළු ප්‍රබල කණ්ඩායම් කිහිපයක් දෙදින තරගාවලියේ පළමු වටය තුල දීම තරගාවලියෙන් ඉවතට යාම කැපී පෙනුණි

තවද සෑම තරගාවලියක්ම අවසානයේ තරග වැදුණු පාසල් සියල්ලන්ම අතර සම්පූර්ණ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙක දිනා ගත් පාසල් දෙක දෙවන පෙළ දක්වා පහතට හෙලනු ලැබේ. ඒ අනුව මෙවර තරගාවලියේ 36 වැනි ස්ථානය දිනා  ගත් මොරටු මහා විද්‍යාලය සහ 35 වැනි ස්ථානය දිනා ගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලබන වසරේ දී දෙවන පෙළ යටතේ තරග වදිනු ඇත.

පාසල් රැසක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්…

පසුගිය වසරේ දී දෙවන පෙළින් පළමු පෙළට සුදුසුකම් ලබාගත් මහනුවර සාන්ත අන්තෝනි සහ කොළඹ රාජකීය යන විද්‍යාල දෙකම පිලිමළුන් පිටු දැකීමේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබීම මෙවර තරගාවලියේ තිබෙන අනෙක් සුවිශේෂිතම කාරණය වේ.

මූලික වටය අවසානයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමස්ථ පාසල් 36 අතරින් ඉදිරියෙන්ම සිටින අතර එහි දෙවන තැන දිනාගෙන ඇත්තේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයයි.

සුදුසුකම් ලබාගත් පාසල් 16,

A කාණ්ඩය – සාන්ත ජෝසප් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය, කඳාන ද මැසනොඩ් විද්‍යාලය 

B කාණ්ඩය – කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය

C කාණ්ඩය – නාලන්දා විද්‍යාලය, මහානාම විද්‍යාලය, ගුරුකුල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය 

D කාණ්ඩය – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මාතර සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

සුපිරි 16 වටයේ තරග කාලසටහන,

  • සාන්ත ජෝසප් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය
  • මහානාම විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය 
  • සාන්ත තෝමස් විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය 
  • ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය
  • නාලන්දා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 
  • කොළඹ රාජකීය විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය 
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා  ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

එක්දින තරගාවලිය සඳහා පාසල් 32ක්,

 

මෙවර දෙදින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ඒ ඒ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානයන් 8 දිනා ගන්නා කණ්ඩායම් 8 බැඟින් කාණ්ඩයන් 4 සිටින පාසල් 32ක් මෙවර එක්දින තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

පසුගිය වර එක්දින තරගාවලියේ ශුරතාවය දිනාගත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වන අතර එහි අනුශූරතාවය දිනාගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි.

තරග කාලසටහන,

  • සාන්ත ජෝසප් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය
  •  වේල්ස් කුමර විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය
  • රිච්මන්ඩ් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය
  • මහානාම විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය
  • මලියදේව විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
  • ත්‍රිත්ව විද්‍යාලය සහ ධර්මපාල විද්‍යාලය
  • නාලන්දා විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ධර්මාසෝක විද්‍යාලය
  • සාන්ත ආනා විද්‍යාලය සහ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
  • රාජකීය විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය
  • ගුරුකුල විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය
  • ද මැසනොඩ් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මෙම තරග කාලසටහන් සහ පළමු පෙළින් දෙවන පෙළ දක්වා පහතට වැටෙන කණ්ඩායම් කවුරුන්ද යන වග තවමත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර තරග පැවැත්වෙන දිනයන් සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ඇතුළු තොරතුරු ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න. ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<