මාරිස් ස්ටෙල්ලා, රාජකීය, ආනන්ද විදුහල් ජය පැන් බොයි

490

පිතිකරුවන්ගේ දස්කම්වලට සාපේක්ෂව පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණු අද (30) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම පැවැත්විය. එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා රාජකීය විද්‍යාලය එක් ඉනිමකින්ම තරග ජය අත්පත් කරගන්නා විට ආනන්ද විද්‍යාලය ද පූර්ණ ජයක් වාර්තා කර ගැනීමට සමත් විය.

කෘෘස්පුල්ලේ හා තෙවිඳු ශතක අතරට

වයස අවුරුදු 19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් අද (29) පැවැත්වුණු අතර සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 5ක ජයක් හිමිවූ තරගයට අමතරව සාන්ත තෝමස් විද්‍යාලයට…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

B කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගය ඉනිමකින් හා ලකුණු 149කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ජනාධිපති විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 82ක් පෙරමුණේ සිටියේය. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් අද දිනය තුල රවිඳු ප්‍රනාන්දු දස්කම් අතරට පිවිසියේ ලකුණු 54ක් ලබාගෙනයි. චතුර අනුරාධ ලකුණු 46යි. පන්දු යැවීමේ දී ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවා ගැනීමට විමුක්ති ලංකා සමත් විය.

ලකුණු 219ක දැවැන්ත පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි ජනාධිපති විද්‍යාලයට එම ඉනිම තුල එල්ල වුන දැඩි පීඩනය නිසාවෙන් පළමු ඉනිම තරම්වත් සාර්ථක වීමට අවස්ථාව නොලැබුණු අතර ඉන් උපරිම වාසිය ලබාගත් වමතින් දඟපන්දු යවන පසිඳු උෂෙට්ටි ලකුණු 34ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ඉනිමක ජයක් ලබා ගැනීමට සවිය විය.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – 194/10 (52.3): රිෆාස් මවුරස් 43*, හිරුණ සිගේරා 41, ටශික නිර්මාල් 33, කෙවින් පෙරේරා 3/19, පසිඳු උෂෙට්ටි 3/34.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම – 413/10 (58): ලසිත් කෘෘස්පුල්ලේ 104, රවිදු ප්‍රනාන්දු 54, රොශේන් ප්‍රනාන්දු 48, චතුර අනුරාධ 46, කෙවින් පෙරේරා 33, විමුක්ති ලංකා 4/79.

ජනාධිපති විද්‍යාලය දෙවන ඉනිම – 70/10 (16): පසිඳු උෂෙට්ටි  6/34.

කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

රාජකීය විද්‍යාලයට ඉනිමක හා ලකුණු 31ක ජයක් හිමි වූ මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමා විය.

එක්‌ ශතකයක් හා අර්ධ ශතක දෙකක් වාර්තා වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් වුවත්, අද දිනයේ මුල් පැය දෙකක පමණ කාලය තුල ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම ලකුණු 98කට සීමා කිරීමට කමිල් මිශාර ඇතුළු රාජකීය පන්දු යවන්නන් සමත් විය.

රාජකීය විද්‍යාලය ඉනිමක ජයක් බලාපොරොත්තුවෙන් නැවතත් පිතිකරණයේ නිරත වීමට ධර්මරාජ විද්‍යාලයට ඇරයුම් කරන ලදි. එහි දී රාජකීයන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට මනුල පෙරේරා හා කමිල් විශාල මෙහෙයක් ඉටු කළේ ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිමේ කඩුලු 7ක් දවා ගනිමිනි. එහි දී මනුල හා කමිල් පිළිවෙළින් කඩුලු 4ක් හා 3ක් දවා ගන්නා ලදි. ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් බවන්ත උඩුගමුව ලකුණු 43යි.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 301/10 (66.3): තෙවිඳු සේනාරත්න 115, භාග්‍ය දිසානායක 68, ගයාන් දිසානායක 52, නවිඳු ඩිල්ෂාන් 3/57, රුක්මාල් දිසානායක 3/62.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – 98/10 (44): කසුන් ගුණවර්ධන 32, සචින්ත සේනානායක 31, කමිල් මිශාර 6/20, මනුල පෙරේරා 4/25.

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම – 172/10 (42.4): බවන්ත උඩුගමුව 43, යසිත් සමරරත්න 28, මනුල පෙරේරා  4/69, කමිල් මිශාර 3/46.

කුඩා ජොනීගේ ඛේදනීය අත්දැකීම සුඛාන්තයක් වූ දා

1998 වසරේ ජනවාරියේ තවත් එක් සීතල රාත්‍රියකි. වයස අවුරුදු 8ක ජොනී බෙර්ස්ටෝව්, අවුරුදු 7ක බාල සොහොයුරිය බෙකී සහ ඔවුන් දෙදෙනාගේ පිළිකා රෝගී මව ජැනට් සමඟ නිවසට…

කොළඹ ආනන්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

අද දිනය ආරම්භ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් ලෙස සටහන් වූ ආනන්ද විද්‍යාලයේ දෙවන ඉනිම වෙනුවෙන් දුශාන් හෙට්ටිගේට අමතරව ලහිරු හිරන්‍ය නොදැවී ලකුණු 50*ක් සිය විද්‍යාලය වෙනුවෙන් රැස්කරන ලදි.

කඩුලු 5ක් දැවී ලකුණු 225ක් ලෙස ආනන්ද විද්‍යාලයේ ලකුණු පුවරුව දැක්වෙද්දී සිය දෙවන ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කරන්නේ ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම පළමු ඉනිම මෙන් ඉක්මනින් අවසන් කර තරගය ජය ගැනීමේ අරමුණ ඇතිවයි.

ලකුණු 320ක දැවැන්ත ලකුණක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් කුශංක පිරිස් ලකුණු 68ක් ලබාගෙන ධර්මපාල විද්‍යාලයට යම් සහනයක් ගෙන ආවද දිනය නිමා වනතුරු පිතිකරණයේ නිරත වීමට ඔවුන් අපොහොසත් විය. ඒ වමතින් පා දඟපන්දු යවන අසේල සිගේරා දක්ෂ ලෙස පන්දු යැවූ නිසාවෙනි. එහි දී සිගේරා කඩුලු 5ක් දවා ගන්නා ලදි.

අවසානයේ ආනන්ද විද්‍යාලයට ලකුණු 131ක් සුපිරි ජයක් හිමි විය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 136/10 (48.4): හසිඳු ශමින්ක 27*, කනිෂ්ක රන්තිලකගේ 27, ඩිල්ෂාන් ද සිල්වා 4/34, චමිඳු සමරසිංහ 4/36,

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 42/10 (16.2): ශාමල් හිරුශාන් 6/10, තුෂාන් හෙට්ටිගේ 3/07.

ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම  – 225/5d (48): දුශාන් හෙට්ටිගේ 59, ලහිරු හිරන්‍ය 50*, කනිෂ්ක රන්තිලකගේ 47, රමේෂ් නිර්මාල් 27.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 188/10 (51.4): කුශංක පිරිස් 68, අමිල දහනායක 25, අසේල සිගේරා 5/47, දමිඳු රිශාන් 3/13.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස මහනුවර අස්ගිරිය ක්‍රිකට් පිටියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

සිය සුපුරුදු තණතීරුව මත පළමුව පිතිකරණය සඳහා අවතීර්ණ වූ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් නිමා වූ තරගයේ දී ද ලකුණු අතරට පිවිසි අභිෂේක් ආනන්ද කුමාර් ලකුණු 53ක් ලබා ගන්නා ලදි. ඔහුට අමතරව චානුක කුමාරසිංහ ද ලකුණු 24ක් ලබා ගත්තේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 178ක් දක්වා ගෙන යමිනි. පන්දු යැවීමේ දී සහිරු රොෂේන් 4/12යි.

අද දිනය සඳහා තරගය නවතා දමන විට පිළිතුරු ප්‍රථම ඉනිම දියත් කළ බණ්ඩාරනායක විද්‍යාලය  කඩුලු 8ක් දැවී ලකුණු 131ක් ලබා ගැනීමට සමත්ව සිටියි. ඔවුන් ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 47ක් පසුපසින් සිටියි.

නොදැවී ක්‍රීඩා කරන අරෝෂ මදුෂාන් ලකුණු  61*ක් ලබාගෙන  කඩුල්ලේ රැඳී සිටින්නේ කෙසේ හෝ සිය විද්‍යාලයට පළමු ඉනිමේ හෝ ජයක් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 178/10 (57.4): අභිෂේක් ආනන්ද කුමාර් 53, චානුක කුමාරසිංහ 24, සහිරු රොෂේන් 4/12.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 131/8 (46.5): අරෝෂ මදුෂාන් 61*.

උමේග චතුරංගගෙන් දක්ෂ පන්දු යැවීමක්

වමතින් පා දඟපන්දු යවන උමේග චතුරංග කළුතර නාගරික ක්‍රීඩකයන් 7 දෙනෙක් ලකුණු 79කට දවා ගනිමින් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් Tier B තරගාවලියේ දෙවැනි දිනයේ…

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට තර්ස්ටන් විද්‍යාල ලකුණු පුවරුව කඩුලු දෙකක් දැවී ලකුණු 132ක් ලෙස දැක්විය.

කාසියේ වාසිය දිනාගත් සත්කාරක තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ශෙනාල් චන්ද්‍ර ලකුණු 49ක් ලබාගෙන  අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඔහුට සහය වූ අයන්ත ද සිල්වා ලකුණු 36යි. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලයේ සඳරු ඩයස් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට නිමේෂ් පෙරේරා හා පසිඳු දේශාන් තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම සඳහා පිළිවෙළින් ලකුණු 67*ක් හා ලකුණු 30* ලබාගෙන සිටී. අයන්ත ද සිල්වා කඩුලු 3යි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – 163/10 (45.5): ශෙනාල් චන්ද්‍ර 49,  අයන්ත ද සිල්වා  36, සඳරු ඩයස් 4/42.  

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 132/3 (36): නිමේෂ් පෙරේරා 67*, පසිඳු දේශාන් 30*, අයන්ත ද සිල්වා 3/16.

පළමු දිනය සඳහා පැවැත්වූ තරග සියල්ල හෙට (31) දෙවන දිනටත් පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න