නාලන්දය හමුවේ ත්‍රිත්වයින් පරාජය වේ

306
U19 Singer School Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (28) තරග දෙකක් පැවැත්වූ අතර, ඊයේ (27) ආරම්භ වූ කොළඹ නාලන්ද හා මහනුවර ත්‍රිත්ව විදුහල් අතර තරඟය අවසන් වූයේ පළමු ඉණිමේ ජයග්‍රහණය නාලන්ද විද්‍යාලයට හිමිකර දෙමිනි. එක් තරඟයක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා නොපැවැත්විය.

පසුගිය ලිපි: හරීන් හා නවිදු ඇලෝසියස් ජය තහවුරු කරයි

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඊයේ (28) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේදි ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් නාලන්ද විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ ප්‍රථම දිනය අවසානයේ දී  නාලන්ද විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 2ක් දැවී ලකුණු 15ක් ලබාගෙන සිටි අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය. දහවල් වන විට වර්ෂා තත්වය පහවගිය අතර, එතැන් පටන් තරගයේ අවසන් දිනය ක්‍රියාත්මක විය. නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් මාලිංග අමරසිංහ ලකුණු 46ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත විය. එම පිතිකරණයද පිටුවහලක් කරගෙන නාලන්ද විද්‍යාලය අවසන් මොහෙතේ පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. ශැනොගීත් ශන්මුගනාදන් ලකුණු 46කට කඩුලු 4ක් දවාලන ලදි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 48.1): හසිත බෝයගොඩ 35, හසින්ත ජයසූරිය 31, උමේක්ෂ ඩිල්ශාන් 5/24, දසුන් සෙනවිරත්න 2/11

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 144 (පන්දුවාර 40.5): මාලිංග අමරසිංහ  46, ශැනොගීත් ශන්මුගනාතන් 4/46


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩය යටතේ අද (29) ජෝසප් පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට බණ්ඩාරනායක විද්‍යාලයට ආරාධනා කරන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 33ක් ලබාගෙන සිටියි.

බණ්ඩාරනායක විද්‍යාලය තම පළමු ඉණිම සාන්ත ජෝසප් පන්දු හමුවේ ලකුණු 173ක් දක්වා ගෙනඑන ලදි. බණ්ඩාරනායක විද්‍යාලයට අරෝශ් මදුෂාන් හැරෙන්නට සෑහීමකට පත්විය හැකි පිතිකරණයක නිරත වීමට අනෙකුත් පිතිකරුවන්ට නොහැකි විය. ඔහු ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය.

බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 62.3): අරෝශ් මදුෂාන් 26, දිනෙත් ජයකොඩි  4/34, රැචිර ඒකනායක 3/42, ජෙහාන් ඩැනියල් 2/30

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 33 (10.3):

සාන්ත ජෝශප් විද්‍යාලය බණ්ඩාරනායක විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 140ක් පසුපසින් පසුවෙයි.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය C කාණ්ඩයේ තරගයක් ලෙසින් අද (29) පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබුණද, කාලගුණික තත්ත්වය යහපත් නොවූ නිසා තරඟය නොපැවැත්විණි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට