දකුණු ලක රිච්මන්ඩ් සහ සාන්ත සර්වේසස් ජයග්‍රාහකයින් වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

103

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (09) දිනයේ දී ක්‍රියාත්මක විය.  නිමාව දුටු තරග දෙකම ප්‍රතිඵල සමඟ අවසන් වූ අතර එහි දී දකුණු ලක පාසල් ද්විත්වයක් වන සාන්ත සර්වේසස් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය පූර්ණ තරග ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

අඛණ්ඩව දෙවන වරටත් ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය සේනානායකයන්ට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…..

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය 

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී නිමාව දුටු මේ තරගයේ දී පන්දු යවන්නන් වැඩි ලෙස දස්කම් අතරට පැමිණීම නිසා ඉතාමත් අඩු ලකුණු තරගයක් වාර්තා වුනු නමුත් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය  සමත් විය.

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක දේවපතිරාජ ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 93කට සීමා වූ අතර සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත සර්වේසස් පළමු ඉනිම ලකුණු 78කට සීමා විය. 

එහි දී ලකුණු 15ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ දේවපතිරාජ විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට වඩා ලකුණු වාර්තා කර ගත් අතර තරගයේ වාර්තා වූ එකම අර්ධ ශතකය සඳහා හිමිකම් කියූ සුධීර වීරරත්න ලකුණු 71ක් ලබා ගන්නා ලදි.

Video – මෙවර ලෝක කුසලානයේ දී අපිට ලොකු තැනකට එන්න පුළුවන් වේවි – හෂාන් තිලකරත්න

13වන වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය…….

ලකුණු 137ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය සාන්ත සර්වේසස් ක්‍රීඩකයින් පන්දුවාර 36ක් අවසානයේ කඩුලු 6ක් පමණක් වැය කරමින් මේ තරගය ජයග්‍රහණය කරන ලදි. ශෙහාන් කළිඳු ලකුණු 44යි.

සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ  නායක කේෂර නුවන්ත පළමු ඉනිමේ කඩුලු 6ක් දවා ගත් අතර දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් ඉරුෂික තිමිර පන්දුවෙන් වැඩි දස්කම් දක්වන ලදි.

දේවපතිරාජ විද්‍යාලය – 93 (61.3) කේෂර නුවන්ත 6/24. සහ 121 (55.2) සුධීර වීරරත්න 71, මදුශාන් සිල්වා 3/13, දනජය අමරසිංහ 3/21, කොකුම් ඉන්දුම 3/35  

සාන්ත සර්වේසස් විද්‍යාලය – 78 (37.2) පුෂ්පිත ඩිල්ශාන් 31, ඉරුෂික තිමිර 5/21, පවන් සංදේශ් 2/20, සුධීර වීරරත්න 2/27. සහ 137/6 (36) ශෙහාන් කළිඳු 44, පුෂ්පිත ඩිල්ශාන් 25, ඉරුෂික තිමිර  4/51, සුධීර වීරරත්න 2/40.

සාන්ත සර්වේසස් විද්‍යාලයට කඩුලු 4ක ජයක් 


රිච්මන්ඩ් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස හම්බන්තොට සූරියවැව ක්‍රිකට් පිටියේ දී නිමා වූ මෙම තරගය ලකුණු 140කින් ජය ගැනීමට රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. එහි දී රිච්මන්ඩ් ජයග්‍රහණයේ පිතිකරණ නියමුවා බවට පත්වූ  පිතිකරණයේ නිරත වන බානුක මනෝහර පළමු ඉනිමේ දී ශතකයක් සහ දෙවන ඉනිමේ දී නොදැවුණු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 163ක් වාර්තා කරගත්තේය. ඊට අමතරව නායක සඳුන් මෙන්ඩිස්  සහ කවිඳු නිර්මාණ අර්ධ ශතක අතරට පිවිසෙන ලදි.

ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් රවිඳු රසාංක ලකුණු 49ක් ලබාගත් නමුත් අනෙක් පිතිකරුවන් හට එතරම් වැඩි ලකුණු අතරට පිවිසීමට අවස්ථාව උදා වූයේ නැත. පන්දු යැවීමේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ දකුණතින් පා දඟපන්දු යවන සුගීත් නිම්නාද පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ කඩුලු 7ක් ද සහිතව කඩුලු 13ක් දවා ගනිමින් සුපිරි දස්කම් දක්වමින් සිය පාසලේ ජයග්‍රහණය සඳහා දායක විය. ඊට අමතරව ලුම්බිණි විද්‍යාලයේ රමේෂ් මධුසංක තරගය පුරාවට කඩුලු 7ක් දවා ගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය – 249 (64.2) බනුක මනෝහර 106, සඳුන් මෙන්ඩිස් 83, යුගාන්ත මල්ෂාන් 21, රමේෂ් මධුසංක 5/59, යසිරු යුගාත් 3/74, ටශික නිර්මාල් 2/61. සහ 163/4d (39) බනුක මනෝහර  57*, කවිඳු නිර්මාණ 51, රමේෂ් මධුසංක 2/36, ටශික නිර්මාල් 2/41 .

ලුම්බිණි විද්‍යාලය – 154 (47) රවිඳු රසාංක 49, ගිම්හාන තීක්ෂණ 37, සුගීත් නිම්නාද 6/41, කවිඳු නිර්මාණ 2/35. සහ 118 (38.3) යසිරු යුගාත් 30*, සහන් කෞශල්‍ය 26, සුගීත් නිම්නාද 7/45. 

රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 140ක ජයක්


පළමු දිනයට පැවති තරග 

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මපාල ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. 

ධර්මපාල විද්‍යාලය – 113 (51.1) නවිඳු නවීන් 30, නදීෂා බණ්ඩාර 28, එරන් හංසමාල් 3/16, මහීත් මෙත්දිනු 3/22.

මොරටු මහා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) -78/6 (41) මදුශාන් දිලක්ෂණ 33*.

කවර් ඩ්‍රයිව් පහරේ සන්නාමය – කුමාර් සංගක්කාර

ක්‍රිකට් ප්‍රේක්ෂකයන් උන්මාදයට පත් කරවන සචින් තෙන්දුල්කාර්ගේ…..


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස ගාලු ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක වේල්ස් කුමාර විද්‍යාල ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. 

වේල්ස් කුමාර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 89 (31.2) තරිඳු අමරසිංහ 35, ලොහාන් අරෝෂණ 7/19, චානක ජනංග 2/23. සහ 64/6 (22) විනුජ රන්පුල් 38, ලොහාන් අරෝෂණ 5/19  

ධර්මාශෝක විද්‍යාලය – 127 (38.5) සචිඳු මල්ෂාන් 31, ලොහාන් අරෝෂණ 28,රවිඳු ජනිත් 5/25, නඩුක ප්‍රනාන්දු 2/16, කාවින්ද ද මෙල් 2/37 .


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස කදිරාන ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

තර්ස්ටන් විද්‍යාලය – 191 (50.4) යොහාන් ලියනගේ 49, අවිශ්ක කෞශල්‍ය 42, රනේෂ් සිල්වා 26, ජයවිහාන් මහවිතාන 27, අශේන් ප්‍රනාන්දු 4/20, තිලින පෙරේරා 4/52.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 125/6 (41.3) කවීන් ප්‍රනාන්දු 60*, ශෙහාන් ආධිත්‍ය  29, යොහාන් ලියනගේ 3/31, පුන්තිල සමන්කුමාර  2/38. 

ඊයේ දින ආරම්භ වූ තරග අද (10) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<