තරගය කණපිට හැරවූ සාන්ත සර්වේසස් ජය ලබයි

207

ක්‍රමයෙන් උණුසුම් වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වුණු අතර ඒ තරග අතරින් නිමා වූ තවත් තරගයක් ජය ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වුනේ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජයට පත් කරමිනි.  

සාන්ත සර්වේසස් විද්‍යාලය ලබා ගත් එම ජයග්‍රහණයේ සුවිශේෂිත්වය වන්නේ එම තරගයේ පළමු ඉනිමේ ජය ලබා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ඔවුන් හමුවේ පරාජය වීමයි.

රවිඳු හා චේතකගෙන් අර්ධ ශතක

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට්

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

ශසික දුල්ශාන්ගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් මාතර උයන්වත්ත පිටියේ දී ක්‍රියාත්මක වූ මේ සුහද තරගයෙන්  කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වුනා.

සුහද තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද (7) දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 91ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවුනා. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 122කට සීමා කළ මාරිස් ස්ටෙල්ලා පන්දු යවන්නන් සිය විද්‍යාලයට ලකුණු 41ක පළමු ඉනිමේ වාසියක් ලබා දුන්නා.

පළමු ඉනිමේ වැඩි වාසි දිනාගෙන පිටියට පැමිණි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය දෙවන ඉනිම ලකුණු 97කට සීමා කළ සාන්ත සර්වේසස් විද්‍යාලයේ මතීෂ මදුශාන් හා වමතින් පා දඟපන්දු යවන  රුවින්ද රෝචන කඩුලු 2ක බැගින් දවා ගනිමින් මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම සුනුවිසුනු කළේ සාන්ත සර්වේසස් විද්‍යාල පිතිකරුවන්ට ලකුණු 149ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි.

ටේලර් හා බෝල්ට් නවසීලන්ත අඳුරු මතක මකා දමයි

පසුගිය දා නිමා වූ පාකිස්තාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ඉතාමත් දරුණු

එම ඉලක්කය පන්දුවාර 46කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සපුරා ගන්නට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් වූයේ මෙවර තරග වාරය තුල ලබාගත් තවත් ජයග්‍රහණය ද වාර්තා කරගෙනයි. රුශිර ලක්වින් එහි දී නොදැවී ලකුණු 54ක් ලබා ගත් අතර ශසික දුල්ශාන් ලකුණු 45ක් ලබාගෙන සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළා.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම: 163 (60.5) – රවිඳු ප්‍රනාන්දු 85, තිලින පෙරේරා 28, පසිඳු මනුප්‍රිය 4/16, ශසික දුල්ශාන් 3/55, චරිත් හර්ෂණ 2/15.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම: 122 (45): චේතක දෙනුවන් 57, රවිඳු ප්‍රනාන්දු 4/33, අශාන් ප්‍රනාන්දු 2/02, අවිශ කේෂාන් 2/17, පසිඳු උෂෙට්ටි 2/28.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දෙවන දෙවන ඉනිම: 97 (28.4): රවිඳු ප්‍රනාන්දු 35, කෙවින් පෙරේරා 31, මතීෂ මදුශාන් 2/14, රුවින්ද රෝචන 2/14.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම: 149/5 (46.5): රුශිර ලක්වින් 54*, ශසික දුල්ශාන් 45, රවිඳු ප්‍රනාන්දු 2/61.


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේ පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් වුනා. තරගය අද දෙවන දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ඇලෝසියස්  විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටියේ සිය පළමු ඉනිමේ පන්දු 36ක් තුලයි.

පන්දුවාර 51ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත්තා. සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ඔමල් සංදීප් ලකුණු 42යි. සිතුම් දිසානායක කඩුලු 3යි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට පිටියට ලුම්බිණි විද්‍යාලයට ආරාධනා කළා. එම ආරාධනය පිළිගත් ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 130ක් ලබා ගත්තේ පසිඳු පමොදිත හා එශාන් හංසක ලබා ගත් ලකුණු සවියක් කරගෙනයි. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 49ක් හා ලකුණු 25*ක් ලබාගත්තා.

හේරත්ගේ සාර්ථක නික්ම යෑමකට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි

පන්දු යැවීමේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මනුෂ්ක සමිත් ලකුණු 40කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

සුහද තරගයක් වන මෙය පැවැත්වුනේ කොළඹ කොල්ට්ස් පිටියේ දීයි.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 130 (51): පසිඳු පමොදිත 49, එශාන් හංසක 25*, සිතුම් දිසානයක 23, මනුෂ්ක සමිත් 5/40, සඳුන් මදුසංක 4/55

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 133/8 (51): ඔමල් සංදීප් 42, කවිඳු දිල්හාර 22, සිතුම් දිසානායක 3/16, යසිරු යුගත් 2/26, රවිෂ්ක විජේසිරි 2/52.


ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් පළමු දිනය තුල වැඩිම ලකුණු ලාභියා වූ දකුණත් පිතිකරු කෞශිත කොඩිතුවක්කු ලකුණු 38ක් ලබා ගත්තේ වර්ණවත් පිති හරඹයක නිරත වෙමිනි.

ඊට අමතරව මිනුර දුල්සර හා ලහිරු භාෂණ පිළිවෙළින් ලකුණු 34ක් හා ලකුණු 32ක් මහින්ද විද්‍යාල ලකුණු සටහනට එකතු කළා. මේ තරගයේ පන්දුවාර 39ක් ක්‍රියාත්මක කොට තිබිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ පළමු දිනය අවසන් කිරීමට තරග විනිසුරුවරුන් පියවර ගත්තා. තරගය හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා.

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 128/3 (39): කෞශිත කොඩිතුවක්කු 38,  මිනුර දුල්සර 34, ලහිරු භාෂණ 32.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (9) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<