අඛණ්ඩව දෙවන වරටත් ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය සේනානායකයන්ට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

113

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (08) දිනයේ දී ක්‍රියාත්මක විය. ඒ අතරින් ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය වෙනුවෙන් ඩී. එස්. සේනානායක සහ සාන්ත ඇලෝසියස්  විද්‍යාල දෙක අතර පැවති තරගය කාගේත් වැඩි අවධානයක් දිනාගත් තරගයක් බවට පත්වූවා. 

පෙරළියක් කළ සාන්ත තෝමසුවන්ට අතපත්තු – හලංගොඩ කුසලානය

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…..

එම තරගයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 5 කින් පරාජයට පත්කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය නොකඩවා දෙවන වතාවටත් ආර්. අයි. ටී. අලස් සමරු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 130 ක් රැස්කර ගත් අතර එහිදී කවිඳු දිල්හාර වාර්තා කළ සටන්කාමී ලකුණු 75* නොවන්නට ඩී. එස්. සේනානායක විද්‍යාලයට මෙම තරගය පහසුවෙන්ම ජයගැනීමට අවස්ථාව තිබුනි. කෙසේ නමුත් සාන්ත ඇලෝසියස් පිතිකරුවන් පාලනය කරමින් දස්කම් දැක්වූ අමිත දාබරේ කඩුලු 4 ක් දවා ගනිමින් ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. ඊට අමතරව සනිරු දිසානායක සහ ශෂික චන්දිර අතරේ පිළිවෙළින් කඩුලු 3 ක් සහ කඩුලු 2 ක් බෙදී ගියේය. 

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ අමිත දාබරේ ඇතුළු ඩී. එස්. සේනානායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 204 ක් වාර්තා කරගනිමින් ලකුණු 74 ක පළමු ඉනිමේ වාසියක් ද හිමිකර ගැනීමට සමත් විය. එහිදී වමතින් පිතිකරණයේ නිරත වන අමිත දාබරේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වෙමින් සිය තුන් ඉරියව් දස්කම් දක්වන ලද්දේ ලකුණු 75 ක් රැස්කර ගැනීමට සමත් වෙමිනි. ඊට අමතරව නොදැවී පිතිකරණයේ නිරත වූ මනීන්ද්‍ර ජයතිලක ලකුණු 54* ක් රැස්කර ගත්තේය. 

පළමු ඉනිමේ ලද අවාසියත් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත ඇලෝසියස් විද්‍යාල පිතිකරුවන් හට පළමු ඉනිමේ දී තරම් සාර්ථක වීමට නායක මුදිත ලක්ෂාන් ඇතුළු ඩී. එස්. පන්දු යවන්නෝ අවස්ථාව නොදුන්හ. ඒ නිසාවෙන් එම ඉනිම ලකුණු 117 කට සීමා වූ නිසා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තරගය ජයගැනීම සඳහා ලබා ගැනීමට නියමිත වූයේ ලකුණු 44 ක් පමණි. ඔවුන් එම ඉලක්කය පන්දුවාර 14 කුත් පන්දු 3 ක් අවසානයේ සපුරා ගැනීමට සමත් විය. ඒ සඳහා ඔවුන්ට වැය වූයේ කඩුලු 5 ක් පමණි. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය : 130 (38.4) කවිඳු දිල්හාර 75*, අමිත දාබරේ 4/44, සනිරු දිසානායක 3/22, ශෂික චන්දිර 2/21. සහ 117 (42.3) අර්ෂණ නදීශාන් 38, මුදිත ලක්ෂාන් 4/32, චමත් යටවර 3/13.

ඩී. එස්. සේනානායක විද්‍යාලය : 204 (64) අමිත දාබරේ 75, මනීන්ද්‍ර ජයතිලක 54*, මුදිත ලක්ෂාන්  28, නිදුක මල්සිත් 4/30, චාමික සඳරුවන් 2/25, සඳුන් මදුසංක 2/43. සහ 44/5 (14.3) දුල්මිණ දසුන් 2/04, ආධිත්‍ය යාපා  2/08. 

ඩී. එස්. සේනානායක විද්‍යාලයට කඩුලු 5 ක ජයක් හිමි විය. 


කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

ද මැසනොඩ් විද්‍යාල පිටියේ දී නිමාව දුටු මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. 

වමතින් දඟපන්දු යවන කනිෂ්ක මධුවන්ත ඇතුළු සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නෝ ද මැසනොඩ් පළමු ඉනිම ලකුණු 92 කට සීමා කිරීම නිසා සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩකයින් පහසුවෙන්ම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කළ අතර එහිදී වනුජ කුමාර, බනුක ද සිල්වා සහ ශෙනාල් බොතේජු අර්ධ ශතක ලබා ගන්නා ලදි. වනුජ, බනුක සහ ශෙනාල්ගේ පිතිකරණයෙන් වර්ණවත් වූ සාන්ත පීතර පළමු ඉනිම ලකුණු 276 කට සීමා වූ අතර සෙනාෂ් ප්‍රනාන්දු ලකුණු 71 කට කඩුලු 5 ක් දවා ගනිමින් සාන්ත පීතර පළමු ඉනිම එවැනි මට්ටමකට හෝ පාලනය කළේය. 

ලකුණු 184 ක දැවැන්ත පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පිවිසි ද මැසනොඩ් විද්‍යාල ක්‍රීඩකයින් හට ඔවුන්ගේ දෙවන ඉනිම දිනය අවසන් වන තෙක් පවත්වා ගැනීමට නොහැකි වීම නිසා ඉනිමක සහ ලකුණු 67 ක දැවැන්ත පරාජයක් සඳහා උරුමකම් කීමට සිදුවිය. 

තරගය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් මෙම තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ මධුවන්ත පළමු ඉනිමේ කඩුලු 6 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 5 ක් ඇතුළුව කඩුලු 11 ක් දවා ගනිමින් දස්කම් දැක්විය. 

ද මැසනොඩ් විද්‍යාලය : 92 (27.2) සහන් කෝසල 20, කනිෂ්ක මධුවන්ත 6/27, ට්‍රිශේන් වික්‍රමසිංහ 3/17. සහ 117 (38.1) ලෙස්ටර් ජයවීර 43, සහන් කෝසල 25, කනිෂ්ක මධුවන්ත 5/55, රුවින් සෙනෙවිරත්න 4/32. 

සාන්ත පීතර විද්‍යාලය : 276 (77.3) වනුජ කුමාර 52, බනුක ද සිල්වා 51, ශෙනාල් බොතේජු 50, නිපුනක ෆොන්සේකා 28, විනුද ලියනගේ 26, සෙනාෂ් ප්‍රනාන්දු 5/71, රුවින් ෆොන්සේකා 2/35, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 2/70. 

සාන්ත පීතර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 67 ක ජයක් හිමි විය. 


රිච්මන්ඩ් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස හම්බන්තොට සූරියවැව ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය : 249 (64.2) බානුක මනෝහර 106, සඳුන් මෙන්ඩිස් 83, යුගාන්ත මල්ෂාන් 21, රමේෂ් මදුසංක 5/59, යසිරු යුගාත් 3/74, ටශික නිර්මාල් 2/61.

ලුම්බිණි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 108/7 (28) රවිඳු රසංක 49, සෙනේෂ් නිම්නද 4/22, කවිඳු නිර්මාණ 2/35. 

ඉර්ෆාන් පතාන් ක්‍රිකට් දිවියට තිත තබයි

ඉන්දියාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වමතින් වේගපන්දු යවන….


රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක දේවපතිරාජ ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහරදෙන ලදි. 

දේවපතිරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 93 (61.3) කේෂර නුවන්ත 6/24. සහ 0/0 (1). 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 78 (37.2) පුෂ්පිත ඩිල්ශාන් 31, ඉරුෂික තිමිර 5/21, පවන් සංදශ් 2/20, සුධීර වීරරත්න 2/27. 

අද දින ආරම්භ වූ තරග හෙට (09) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<