සහිරාව අවශ්‍යම ජයක් ලබා ගනිද්දී රාජකීයට නොතිබූ ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

73
Schools Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) ක්‍රියාත්මක වූ අතර නිමාව දුටු තරග අතරින් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සහ සහිරා විද්‍යාලය සමත් විය. 

වේල්ස් කුමර, මාතර සාන්ත තෝමස් සහ ධර්මපාල විද්‍යාල මුල් ඉනිම් ජය ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තුනක් අද (07)

දෙවන දිනයට ක්‍රියාත්මක වූ තරග 

ලුම්බිණි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

සහිරා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දු යැවූ අතර ලබන වසර සඳහා ද පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය තුල රැඳී සිටීම සඳහා සහිරා විද්‍යාලයට මේ තරගය ජය ගැනීමට ඉතාමත් වැදගත් විය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක මොහොමඩ් ශමාස් නැවතත් සිය පාසල් කණ්ඩායමට පැමිණ සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් සහිරා විද්‍යාල ක්‍රීඩකයින්ට ජවයක් ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මොහොමඩ් මහධි  සහ ඉම්තියාස් ස්ලාසා ද ඔවුන්ගේ තුන් ඉරියව් දස්කම් දක්වමින් ශමාස්වෑයම සාක්ෂාත් කර ගැනීම සඳහා සහය විය.

ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ටශික් නිර්මාල් තරගය පුරාවට කඩුලු 7ක් දවා ගනිමින් සිය දස්කම් ප්‍රදර්ශනය කළේය.

ලුම්බිණි විද්‍යාලය: 151 (40.3) ටශික් නිර්මාල් 54, සහන් කෞශල්‍ය 35*, මොහොමඩ් ශමාස් 3/15, මොහොමඩ් ඩිහාන් 2/14. සහ  125 (42.1) හිරු චේතන 31, මොහොමඩ් මහධි 5/43, ඉම්තියාස් ස්ලාසා 3/02.

සහිරා විද්‍යාලය: 196/6 (52) 228 (62.4) මොහොමඩ් ශමාස් 58, අරවින්ත් රාජේන්ද්‍රන් 36*, ඉම්තියාස් ස්ලාසා 27, මොහොමඩ් මහධි 26, ටශික් නිර්මාල් 7/61. සහ 49/1 (11.5) 

සහිරා විද්‍යාලයට කඩුලු 9ක ජයක්

කිවියන්ගේ අලුත්ම අත්හදාබැලීම ඉන්දීය පිළ දණ ගස්වයි!

මීට පෙර කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැති 25 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නෙකුගේ ආගමනයෙන් ශක්තිමත් වුනු නවසීලන්ත


රාජකීය විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය) 

දිනයේ ක්‍රියාත්මක වූ උණුසුම්ම තරගය වූ මේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට  ද මැසනොඩ් විද්‍යාල සමත් වුවත් සිය ජයග්‍රහණය පසු පස හඹා ආ රාජකීය විද්‍යාලය මේ තරගයෙන් කඩුලු 9ක ජයක් ලබා ගත්තේය.

රාජකීය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. සහන් කෝසල ලබා ගත් ශතකය නිසාවෙන් ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම ලකුණු 183කට සීමා වූ අතර එයට පිළිතුරු දුන් රාජකීය පළමු ඉනිම ලකුණු 155කට සීමා කිරීමට ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර ඇතුළු ද මැසනොඩ් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ. අසිත සිල්වා කඩුලු 3යි.

Photos: Royal College Vs De Mazenod College | U19 Cricket Tournament 2019/20

වමතින් දඟපන්දු යවන ගිශාන් බාලසූරිය ලකුණු 28ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පැමිණි ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම ලකුණු 91කට සීමා කළේය. 

ඒ අනුව සිය ජයග්‍රහණය සඳහා ලකුණු  120ක ඉලක්කයක් හඹා ගිය රාජකීය විද්‍යාලය පන්දුවාර 29කුත් පන්දු 3ක් වැය කරමින් සිය ඉලක්කය වෙත ඇදී ගියේය. එහිදී කඩුලු රකින පිතිකරු කමිල් මිශාර නොදැවී ලකුණු 52*ක් ලබාගත් අතර, ඉසිවර දිසානායක නොදැවී ලකුණු 49*ක් ලබා ගන්නා ලදි. 

ද මැසනොඩ් විද්‍යාලය: 183 (68.4) සහන් කෝසල 104*, නිම්න ප්‍රනාන්දු 23, ගිශාන් බාලසූරිය 3/18, මනුල පෙරේරා 3/19, ප්‍රශාන් කල්හාර 3/49.  සහ 91 (35) සෙනාෂ් ප්‍රනාන්දු 35, ගිශාන් බාලසූරිය 5/13, ප්‍රශාන් කල්හාර 2/17, කවිඳු පතිරත්න 2/47

රාජකීය විද්‍යාලය: 155 (41.4) තෙවිඳු සේනාරත්න 33, අහන් වික්‍රමසිංහ 25, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 4/23, අසිත සිල්වා 3/41, සිහින සිතුමිණ 2/46. සහ 121/1 (29.3) කමිල් මිශාර 52*, ඉසිවර දිසානායක 49*, කෞශාන් කුලසූරිය 20

රාජකීය විද්‍යාලයට කඩුලු 9ක ජයක්


සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (සුහද තරගය) 

සාන්ත පීතර විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් රිශික සන්තුෂ් ලබාගත් අර්ධ ශතකය සවියක් කරගනිමින් කඩුලු 9ක්  දැවී ලකුණු 266ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලදි.

මෙතක් කාලයක් පුරාවට දඟපන්දු යැවූ විනුද ලියනගේ වේගපන්දු යවමින් කඩුලු ත්‍රිත්වයක් ද සමඟ ලකුණු 50කට කඩුලු 5ක් දවාලන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ලකුණු 142කට සීමා විය. 

ලකුණු 124ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 264ක් ලබාගෙන සිටියේය. 

රිශික සන්තුෂ් එම ඉනිම තුල ද ලකුණු 80ක් ලබා ගනිමින් මේ තරගයේ ලබා ගත් සිය දෙවන අර්ධ ශතකය වාර්තා කරගත්තේය.

සාන්ත පීතර විද්‍යාලය: 266/9d (77.2) රිශික සන්තුෂ් 68, ශෙනාල් බොතේජු 35, කනිෂ්ක මධුවන්ත 31, රුවින් සෙනෙවිරත්න 30*, වනුජ කුමාර 28, නිපුනක ෆොන්සේකා 27, ඉසුරු ලක්ෂාන් 2/34, මලින්ද පෙරේරා 2/53.  සහ 264/7 (80) රිශික සන්තුෂ් 80, කනිෂ්ක මධුවන්ත 79, නිම්න උමේෂ් 67, මලින්ද පෙරේරා 2/24, අකිඳු කරුණාරත්න 2/35.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය: 142 (28.4) අශාන් ද සොයිසා 88, විහඟ රුවනාර 30, විනුද ලියනගේ 5/50, දනාල් හේමනන්ද 2/21 

සචිත්‍රගෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලුම අංශවලට සමු දීමට අද (8)


පළමු දිනයට පැවති තරග 

වෙස්ලි විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාය (D කාණ්ඩයේ තරගය)

වෙස්ලි විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය – 190 (60) සඳුන් මෙන්ඩිස් 80, දිලුම් සුධීර 34, රාහුල් ගුණසේකර 4/35, දෙනුවන් මෙන්ඩිස් 3/46.

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 68/8 (35) බුද්ධිම විජේසුන්දර 29, කවිඳු නිර්මාණ 2/09, දිලුම් සුධීර 2/20, අම්ෂි ද සිල්වා 2/22.


ධර්මපාල විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

සාන්ත අන්තෝනි ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ධර්මපාල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි

ධර්මපාල විද්‍යාලය – 130 (40.4) ලක්ෂිත පූරසිංහ 42, සංචන ලංකා 31, සසිත් හිරුදික 3/22, දිව්යේෂ් රාමයියා 2/15, නිම්නක ජයතිලක 2/32.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 138 (47) සසිත් හිරුදික 32, නදීෂ බණ්ඩාර 2/05, ලක්ෂිත පූරසිංහ 2/21, යසිරු ගාල්ලගේ 2/17.

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග හෙට (09) දිනයේ දී දෙවන දිනය වෙනුවෙන් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<