ධර්මරාජ, සාන්ත ජෝසප් හා මාරිස් ස්ටෙල්ලා පළමු දිනය අවසානයේ පෙරමුණේ

102

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (7) ආරම්භ විය.

රිච්මන්ඩ් හා සාන්ත පීතර විදුහල් පළමු ඉනිම ජය ගනියි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්…

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ධර්මරාජ පිටියේ දී ආරම්භ වූ  අතර කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබා ගත් ලකුණු 191කට පිළිතුරු ලෙස තරගයේ පළමු දිනය අවසන්  වන විට ධර්මරාජ විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 154ක් වාර්තා කරගනිමින් ඉතාමත් ප්‍රබල තැනක පසුවිය.

තරගයේ පළමු දිනයේ දී සත්කාරක ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් නායක දුලාජ් බණ්ඩාර ලකුණු 72*ක් ලබා ගන්නා විට, උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 56කට කඩුලු 6ක් දවා ගත්තේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 191 (50.2): මනේන්ද්‍ර ජයතිලක 45, අමිත දාබරේ 36, අභිෂේක් ලියනාරච්චි 35, පුමුදිත පෙරේරා 39, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 6/56, තුශාන් බණ්ඩාර 3/29.

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 154/3 (42): දුලාජ් බණ්ඩාර 72*, දිනුක තුශ්මිත 57.

Video – ගැටලුවලිනුත් එකමුතුකම වැඩි කර ගන්න – මොරටු මහා විද්‍යාල Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ …

 කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

ද මැසනොඩ් විදුහල් පිටියේ පැවති මෙම A කාණ්ඩයේ තරගය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 195ක් වාර්තා කරගනිමින් තරගයේ පළමු දිනය තුලම පළමු ඉනිම ජයග්‍රහණය කළේය. 

කාසියේ වාසිය දිනා ගත් ද මැසනොඩ් විද්‍යාලයට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කරන අශේන් ඩැනියල් ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාල පන්දු යවන්න හමුවේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණි.  

ද මැසනොඩ් විද්‍යාලය – 109 (40.1): සෙනාෂ් ප්‍රනාන්දු 26, නිම්න ප්‍රනාන්දු 22, චමෝද් ධනංජය 21, අශේන් ඩැනියල් 4/35, ශාලින්ද සෙනෙවිරත්න 3/28.

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 195/7 (52): දිනෙත් ජයකොඩි 75, මිරංග වික්‍රමගේ 43, අශේන් ඩැනියල් 20, සිහින සිතුමිණ 4/35.

Video – පාසල් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීම විතරද වැදගත් ? – ක්‍රිකට් වටරවුම

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්වය කෙබදුද? තරග වදිනු ලබන පාසල් මොනවද? …

කොළඹ ඉසිපතන විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

කණ්ඩායම් දෙකේම පිතිකරුවන් තරගයේ පළමු දිනය තුල ඉතාමත් හොඳින් ලකුණු අතරට පැමිණි මෙම තරගය අද ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පළමු දිනය සඳහා ක්‍රියාත්මක විය. 

පළමුව පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් රවිඳු රත්නායක හා සවිඳු උත්සර යන ක්‍රීඩකයින් දෙදෙනා ලබා ගත් අර්ධ ශතක සවියක් කර ගනිමින් ස්ථාවර ලකුණු පුවරුවක් වෙත යාමට ඉසිපතන විද්‍යාලයට හැකි විය. 

කඩුලු 9ක් දැවී ලකුණු 275ක් ලබාගෙන සිටි ඔවුන් අවසානයේ සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. තරගයේ පළමු දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන මහින්ද විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 92ක් ලබා ගෙන සිටියේය.

ඉසිපතන විද්‍යාලය – 275/9d (69.2): රවිඳු රත්නායක 84, සවිඳු උත්සර 53, ලෙශාන් අමරසිංහ 44, තෙවිඳු දික්වැල්ල 39, කවිඳු ආමන්ත 36, සුබානු රාජපක්ෂ 3/59, කුශාන් මධූශ 3/82.

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 92/0 (23): කෞෂිත කොඩිතුවක්කු 59*, සඳෙව් ඉඳුවර 26* 

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය  

ගම්පොල වික්‍රමබාහු විද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ලෙස සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගන්නා ලදි. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 207 (46.2): තරිඳු මධුවන්ත 50, ආමන්ත පෙරේරා 32, චෙමිඳු වීරවංශ 28,සහන් දුල්සර 32, චරිත් රාජගුරු 4/31, ශෂික බස්නායක 3/64  

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 134/6 (33.3): චන්දුල ජයකොඩි 31, මලිත් ලක්ෂාන් 29, චරිත් රාජගුරු 27*, තිලින පෙරේරා 3/43, සංදීප ප්‍රනාන්දු 2/32.

මේ තරග සියල්ලම හෙට (8) දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<