රවිඳු හා චේතකගෙන් අර්ධ ශතක

174

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (7) පැවැත්විය.

වර්ෂාවෙන් තරගවලට බාධා වෙද්දී පන්දු යවන්නෝ කඩුලු දඩයමක

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

සුහද තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 91ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයකට සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලයේ ආරාධනයෙන් පළමු ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 163ක් ලබා ගත්තේය. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන රවිඳු ප්‍රනාන්දු ලකුණු 85ක් ලබාගෙන තරගයේ ජීවය ඉතාමත් ඉහළින් පවත්වා ගෙන යාමට සහය විය. ඊට අමතරව තිලින පෙරේරා ලකුණු 28යි. පන්දු යැවීමේ දී පසිඳු මනුප්‍රිය ලකුණු 16කට කඩුලු 4ක් දවාගන්නා ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පිළිතුරු ලෙස සිය පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කළ නමුත් මාරිස්  ස්ටෙල්ලා පන්දු යැවීම හමුවේ එය ව්‍යර්ථ විය. තරගයේ පළමු දිනය අවසන් වන විට චේතක දෙනුවන් ලකුණු 57ක් ලබාගෙන සාන්ත සර්වේසස් විද්‍යාලයට සහය විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිම: 163 (60.5) – රවිඳු ප්‍රනාන්දු 85, තිලින පෙරේරා 28, පසිඳු මනුප්‍රිය 4/16, ශසික දුල්ශාන් 3/55, චරිත් හර්ෂණ 2/15.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 91/6 (32) – චේතක දෙනුවන් 57, අශාන් ප්‍රනාන්දු 2/02, පසිඳු උෂෙට්ටි 2/17.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

පැහැදිලි කාලගුණ තත්වයක් යටතේ පැවති මේ තරගයේ ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට පිටියට ලුම්බිණි විද්‍යාලයට ආරාධනා කරන ලදි .එම ආරාධනය පිළිගත් ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 130ක් ලබා ගත්තේ පසිඳු පමොදිත හා එශාන් හංසක ලබා ගත් ලකුණු සවියක් කරගෙනයි. එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 49ක් හා ලකුණු 25*ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මනුෂ්ක සමිත් ලකුණු 40කට කඩුලු 5ක් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලුම්බිණි විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටියේ සිය පළමු ඉනිමේ පන්දු 36ක් තුලයි.

සුහද තරගයක් වන මෙය කොළඹ කොල්ට්ස් පිටියේ දී පැවැත්වේ.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 130 (51): පසිඳු පමොදිත 49, එශාන් හංසක 25*, සිතුම් දිසානයක 23, මනුෂ්ක සමිත් 5/40, සඳුන් මදුසංක 4/55

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 9/1 (6):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (8) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<