සාන්ත ආනා විද්‍යාලය අභිබවා ගිය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට වැඩි වාසිය

541

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (7) ක්‍රියාත්මක විය.

නිශාන් මදුෂ්ක, මනුෂ්ක හා දුල්ශාන්ගෙන් වැඩි දස්කම්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

සාන්ත ආනා විදුහල් පිටියේ පැවති මෙම සුහද කාණ්ඩයේ තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද උදෑසනම සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම  ලකුණු 79කට සීමා කළ සාන්ත ඇලෝසියස් පන්දු යවන්නෝ නැවත වතාවක් සාන්ත ආනා විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම දියත් කිරීමට අවස්ථාව ලබා දුන්නේ ඉනිමක ජයග්‍රහණයක් වාර්තා කරගැනීමේ බලාපොරොත්තුව ඇතිව නමුත් ලසිත් වර්ණකුලසූරිය හා රිෂිත පෙරේරා එක්ව සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ එම බලාපොරොත්තු සුනුවිසුනු කර දැමුවේ ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමිනි. නොදැවී ක්‍රීඩා කළ  හිමංශ සිල්වා ලකුණු 26*යි.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම  – 213/9d (78.2): මනුෂ්ක සමෙත් 50, චතුර ප්‍රභාත් 48, සංදීප චමෝද් 30, කවිඳු දිල්හාර 27, කවිඳු රණසිංහ  4/52.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම –  79 (46): ලසිත් වර්ණකුලසූරිය 25, මනුෂ්ක සමිත් 3/19.

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 167/7 (70): ලසිත් වර්ණකුලසූරිය  55, රිෂිත පෙරේරා 39, හිමංශ සිල්වා 26*.


පළමු දිනයට පැවති තරග

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 294 දී අත්හිටුවීමට ඔවුන් තීරණය කරන ලදි.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 103*ක් ලබාගත් අතර නිපුනක ෆොන්සේකා ලකුණු 86යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් මදුසංක ලකුණු 69කට කඩුලු 3ක් දවා ගත්තේය.

සිය පිළිතුරු ඉනිම දියත් කළ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ දකුණතින් පිතිකරණයේ නිරත වන රවිෂ්ක විජේසිංහ ලකුණු 39*ක් ලබාගෙන තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩක ශිවාන් පෙරේරා ලකුණු 28කට කඩුලු 3යි. තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලුම්බිණි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටියේ සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 179ක් පසුපසිනි සිටිමිනි.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 294/7d (44): සන්තුෂ් ගුණතිලක 103*, නිපුනක ෆොන්සේකා 86,  බානුක ද සිල්වා 32, ප්‍රභාත් මදුසංක 3/69.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 115/6 (25): රවිෂ්ක විජේසිංහ 39*, ශිවාන් පෙරේරා 3/28.

කෝලි ප්‍රමුඛ ඉන්දියානුවන් ඕස්ට්‍රේලියාවේ දී ඉතිහාසය වෙනස් කරයි

මේ මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක….


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් පිටියේ දී පැවැත්වෙන සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලබා ගත්හ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ නිෂිත අභිලාෂ් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 88ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව සාන්ත සෙබස්තියන් පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ ටශික් පෙරේරා ලකුණු 38ක් ලබාගෙන සිය විද්‍යාලයේ පළමු ඉනිම ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ ශාලින්ද සෙනෙවිරත්න ලකුණු 81කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 148ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියේ සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 84ක් පසුපසින් සිටිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමට පළමු දිනයේම අර්ධ ශතකයක් එකතු කළ නායක ජොහෑන් ද සිල්වා  ලකුණු 80ක් ලබා ගත්තේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 232 (64.4): නිෂිත අභිලාෂ් 88, ටශික් පෙරේරා 38, දුනිත් ජයතුංග 37, නුවනිඳු ප්‍රනාන්දු 35, ශාලින්ද සෙනෙවිරත්න 6/81.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 148/2 (32): ජොහෑන් ද සිල්වා 80, ශෙවෝන් ඩැනියල් 37.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 239ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියේය. එහි දී ගිහාන් සද්මික හා නිසල් සිල්වා යන දෙදෙනාම අර්ධ ශතක ලබාගන්නා ලදි. දමින්ද රෙෂාන් කඩුලු 3යි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  239/7 (98): ගිහාන් සද්මික 82, නිසල් සිල්වා 50, සංසිත් හිරුශාන් 49, දමින්ද රෙෂාන් 3/44.


කොළඹ ඉසිපතන විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව උදාකරගත් අතර එහි දී අශේන් ගුණවර්ධන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 41ක් ලබාගෙනයි.

ඉසිපතන විද්‍යාලය ලබාගත් ලකුණු 154ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ ධර්මාශෝක විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 88ක් ලබාගෙන සිටියේය. තිමුක දිල්ශාන් ලකුණු 32යි. පන්දු යැවීමේ දී නායක මදුෂික සඳරුවන් ලකුණු 12කට කඩුලු 3යි.

තරගය කොළඹ කොල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම –  154 (58.4): අශේන් ගුණවර්ධන 41, රවිඳු රත්නායක 30, තිමුක දිල්ශාන් 3/14, කවිඳු නදීශාන් 3/26.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 88/6 (40): තිමුක දිල්ශාන් 32, මදුෂික සඳරුවන් 3/12.

පූර්ණ තරගාවලි පරාජයකින් ශ්‍රී ලංකාව ගැලවෙයි ද?


ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට ද මැසනොඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 307ක් රැස්කර ගෙන පළමු ඉනිම නිමා කළ අතර ඩී. එස්. සේනානායක විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 73ක් ලබාගෙන සිටියේ ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 234ක් පසුපසින් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පළමු ඉනිම වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු, නදුන් ඩිල්ශාන් හා මිතුන් සෙනරත් අර්ධ ශතක ලබා ගත්තේය. පන්දු යැවීමේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලයට සවියක් වූ දඟපන්දු යවන ක්‍රීඩක මුදිත ලක්ෂාන් ලකුණු 85කට කඩුලු 4ක් දවා ගනිමින් ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම පාලනය කරන ලදි.

තරගයේ පළමු දිනය නිමා වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින අභිෂේක් ලියනාරච්චි ලකුණු 40*යි. මේ තරගය B කාණ්ඩයේ තරගයකි.

කඳාන ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම – 307 (76.4): නිම්න ප්‍රනාන්දු 90, නදුන් ඩිල්ශාන් 82, මිතුන් සෙනරත් 73*, මුදිත ලක්ෂාන් 4/85.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  73/1 (16): අභිෂේක් ලියනාරච්චි 40*.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (8) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<