වේල්ස් කුමර, මාතර සාන්ත තෝමස් සහ ධර්මපාල විද්‍යාල මුල් ඉනිම් ජය ගනියි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

126

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තුනක් අද (07) දින නිමාවට පත්වූ අතර එම තරග තුනම මුල් ඉනිමේ ජයග්‍රහණ හිමිකර දෙමින් අවසන් විය. ඒ අනුව මාතර සාන්ත තෝමස් විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිමේ ජයග්‍රහණ තහවුරු කර ගන්නා ලදි. 

ත්‍රිත්ව, මහින්ද සහ සාන්ත තෝමස් ජයග්‍රාහකයින් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අද (6) නිමාවට…….

දෙවන දිනයට ක්‍රියාත්මක වූ තරග 

වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ තවදුරටත් රැඳී සිටීම වෙනුවෙන් මොරටු මහා විදුහලට ඉතාමත් වැදගත් වූ මෙම ක්‍රිකට් තරගය මොරටු මහා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. 

කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාල නායක මදුශාන් දිලක්ෂණ පළමුව පන්දු යවමින් වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම ලකුණු 202කට සීමා කළ නමුත් එයට පිළිතුරු ලෙස ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණි. එහිදී වේල්ස් කුමර පළමු ඉනිම වෙනුවෙන් පසිඳු පැතුම් අර්ධ ශතකයක් වාර්තා කරගත් අතර පන්දු යැවීමේ දී මොරටු මහා විද්‍යාලයේ විනුර නිපුන් සහ වේල්ස් කුමර විද්‍යාලයේ කාවින්ද ද මෙල්  කඩුලු 5 අවස්ථාවන් සනිටුහන් කර ගන්නා ලදි. 

වේල්ස් කුමාර විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 118ක් රැස්කර ගනිමින් සිය දෙවන ඉනිම අත්හිටවූයේ මොරටු මහා විද්‍යාලයට ලකුණු 195ක ඉලක්කයක් හිමිකර දෙමිනි. කෙසේ නමුත් සත්කාරක මොරටු මහා විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 97ක් රැස්කර ගෙන සිටියදී තරගයේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීම නිසාවෙන් පූර්ණ තරග පරාජයකින් ගැලවීමට ඔවුන්ට අවස්ථාව උදා විය. 

වේල්ස් කුමර විද්‍යාලය : 202 (73.3) පසිඳු පැතුම් 50, ලක්ෂාන් පෙරේරා 38, ඔමේෂ් මෙන්ඩිස් 24, තරිඳු අමරසිංහ 23, විනුර නිපුන් 5/53, රෂාන් කවිෂ්ක 2/29, විශ්ව දිදුලන 2/44. සහ 118/9d (31.2) දිනුර ප්‍රනාන්දු 39, රෂාන් කවිෂ්ක 4/25, එරන් හංසමාල් 3/31, විශ්ව දිදුලන 2/18. 

මොරටු මහා විද්‍යාලය : 126 (52.1) නිරාජ් කවිෂ්ක 30, විශ්ව දිදුලන 29, කාවින්ද ද මෙල් 5/25, රවිඳු ජනිත් 2/33. සහ 97/8 (35) මදුශාන් දිලක්ෂණ 28, එරන් හංසමාල් 21*, කාවින්ද ද මෙල් 3/39, නදුක ප්‍රනාන්දු 2/17, රවිඳු ජනිත් 2/26. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජය)


සාන්ත ආනා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

සාන්ත ආනා විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර කවිඳු ඒකනායක රැස්කර ගත් අර්ධ ශතකය සවියක් කර ගනිමින් ලකුණු 168ක් වෙත යාමට ඔවුන්ට අවස්ථාව උදා විය. 

කෙසේ නමුත් එයට පිළිතුරු දුන් ධර්මපාල විද්‍යාලය, දිනිත් නෙලුම්දෙණිය ඔවුන්ගේ මැදපෙළට ලබා දුන් ජවය පෙරදැරි කර ගනිමින් ලකුණු 183ක් රැස්කර ගත්තේ සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගනිමිනි. 

ලකුණු 15ක මුල් ඉනිමේ අවාසියක් සමඟ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් නායක කවිඳු රණසිංහ ලකුණු 62ක් රැස්කර ගත්තේ මුල් ඉනිමේ රැස්කර ගත් ලකුණු 35ට අමතරවයි. පන්දු යැවීමේ දී ධර්මපාල විද්‍යාලයේ දකුණතින් මඳ වේගපන්දු යවන ලක්ෂිත පූරසිංහ සහ සාන්ත ආනා විද්‍යාලයේ දඟපන්දු යවන ක්‍රීඩක මනාන් මුසම්මිල් කඩුලු 5 අවස්ථාවන් වාර්තා කර ගත්හ. 

සාන්ත ආනා විද්‍යාලය : 168 (54.5) කවිඳු ඒකනායක 68, කවිඳු රණසිංහ 35, පසිඳු දිමුදිත 3/12, ලක්ෂිත පූරසිංහ 5/35. සහ 159/8d (51) කවිඳු රණසිංහ 62, විහඟ ගුණරත්න 2/06, ලක්ෂිත පූරසිංහ 2/20, පසිඳු දිමුදිත 2/39, දිනිත් නෙලුම්දෙණිය 2/44. 

ධර්මපාල විද්‍යාලය : 183 (82.1) දිනිත් නෙලුම්දෙණිය 38*, සංචන ලංකා 27, තිසර ශිහාර 25, මනාන් මුසම්මිල් 5/42, කවිඳු රණසිංහ 3/50. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (ධර්මපාල විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

“වයස අදාළ නැහැ දක්ෂතාවයි වැදගත්” – චමරි අතපත්තු

වයස නොබලා දක්ෂතාවය අනුව ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් ගන්නා බවත් දක්ෂතාවය සඳහා වයස බාධාවක්….

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

දකුණුලක පළමු පෙළ පාසල් දෙකක් අතර පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය. 

රිච්මන්ඩ් විද්‍යාලයේ ආරාධනයෙන් ගාලු ජාත්‍යන්තර තණතීරුව මත පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 193ක් රැස්කර ගත්තේය. එහිදී හිරන්ත ලක්ෂාන් ලකුණු 41ක් රැස්කර ගන්නා විට, හිරුෂ ජීවජිත් නොදැවී ලකුණු 48*ක් වාර්තා කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. 

ඊට පිළිතුරු දුන් රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් දිමුත් සඳරුවන් රැස්කර ගත් ලකුණු 26 අභිබවා ලකුණු රැස්කරන්නට ඔවුන්ගේ අනෙක් ක්‍රීඩකයින් හට හැකියාවක් නොලැබුනි. පන්දු යැවීමේ දී සිනෙත් සිතාර ලකුණු 25කට කඩුලු 5ක් දවා ගනිමින් රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම ලකුණු 113කට සීමා කිරීමට සවියක් විය. 

ලකුණු 80ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය හරින්ද්‍ර ජයසේකර රැස්කර ගත් අර්ධ ශතකය සවියක් කර ගනිමින් ලකුණු 172ක් දක්වා සිය ඉනිම ඔසවා තැබුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 253ක දැවැන්ත ඉලක්කයක් රිච්මන්ඩ් විද්‍යාලයට ලබා දෙමිනි. කෙසේ නමුත් දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීම නිසා රිච්මන්ඩ් දෙවන ඉනිම එක් පන්දුවාරයකට පමණක් සීමා විය. 

සාන්ත තෝමස් විද්‍යාලය : 193 (82) හිරුෂ ජීවජිත් 48*, හිරන්ත ලක්ෂාන් 41,  කල්ප මෙත්සර 3/18, සඳුන් මෙන්ඩිස් 2/17, තරිඳු නිර්මාල් 2/26, සුගීත් නිම්නාද 2/28. සහ 172 (60.5) හරින්ද්‍ර ජයසේකර 68, වොෂිත අප්සර 33, සචිර රශ්මික 25, දිලුම් සුධීර 5/58, තරින්ද නිර්මාල් 2/21, සුගීත් නිම්නාද 2/49. 

රිච්මන්ඩ් විද්‍යාලය : 113 (50.4) දිමුත් සඳරුවන් 26, දිලුම් සුධීර 24, සිනෙත් සිතාර 5/25, හිරුෂ ජීවජිත් 3/27. සහ 1/0 (1) 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග 

ලුම්බිණි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

සහිරා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ලුම්බිණි විද්‍යාලය : 151 (40.3) ටශික් නිර්මාල් 54, සහන් කෞශල්‍ය 35*, මොහොමඩ් ශමාස් 3/15, මොහොමඩ් ඩිහාන් 2/14. 

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 196/6 (52) මොහොමඩ් ශමාස් 58, ඉම්තියාස් ස්ලාසා 27, මොහොමඩ් මහධි 26, ටශික් නිර්මාල්l 3/47. 


සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත බෙනඩික් විද්‍යාලය (සුහද තරගය) 

සාන්ත පීතර විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත පීතර විද්‍යාලය : 266/9d (77.2) රිශික සන්තුෂ් 68, ශෙනාල් බොතේජු 35, කනිෂ්ක මධුවන්ත 31, රුවින් සෙනෙවිරත්න 30*, වනුජ කුමාර 28, නිපුනක ෆොන්සේකා 27, ඉසුරු ලක්ෂාන් 2/34, මලින්ද පෙරේරා 2/53. 

සාන්ත බෙනඩික් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 65/6 (14.5) විහඟ රුවනාර 30, විනුද ලියනගේ 4/16. 

රාජකීය විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය (A කාණ්ඩයේ තරගය) 

රාජකීය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ද මැසනොඩ් විද්‍යාලය : 183 (68.4) සහන් කෝසල 104*, නිම්න ප්‍රනාන්දු 23, ගිශාන් බාලසූරිය 3/18, මනුල පෙරේරා 3/19, ප්‍රශාන් කල්හාර 3/49. 

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 100/6 (24) අහන් වික්‍රමසිංහ 25, ප්‍රමෝද් රාජමුනීන්ද්‍ර 2/16, අසිත සිල්වා 2/26, සිහින සිතුමිණ 2/39. 

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග හෙට (08) දිනයේ දී දෙවන දිනය වෙනුවෙන් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<