රත්ගමින් ලැබුණු අභියෝගය නිසා ඉසිපතනය අසීරුවෙන්

224

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (7) දිනයේ පැවති තරගවල දී ලක්ෂිත රසාංජන, චමිඳු විජේසිංහ, මහීම වීරකෝන්, කවිඳු රණසිංහ, පැතුම් මදුසංක හා ජීවක රශ්මිත යන පිතිකරුවන් අර්ධ ශතක ලබාගත් අතර පන්දු යැවීමේ දී පසන් පෙතන්ගොඩ හා දිලුම් සුධීර යන ක්‍රීඩකයින් කඩුලු 5 අවස්ථාවන් සාර්ථක කරගත්තේය.

පළමු ඉනිමේ දී වැටුණු ඩී. එස් විද්‍යාලය දෙවන ඉනිමේ දී ගොඩ යයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය….

කොළඹ නාලන්දා විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

කොළඹ නාලන්දා විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ මහින්ද විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ නාලන්දා පිතිකරුවන් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 324ක් ලබා ගන්නා ලදි.

නාලන්දා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන නායක ලක්ෂිත රසාංජන (ලකුණු 72) ලබාගත් වටිනා අර්ධ ශතකය වටා සිටගත් අනෙකුත් පිතිකරුවන් වන චමිඳු විජේසිංහ (ලකුණු 72) හා මහීම වීරකෝන් (ලකුණු 59) ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වූ නිසාවෙන් මුල්පෙළ කඩුලු කිහිපයක් බිඳ වැටීමේ අඩුව පියවා ගැනීමට නාලන්දා විද්‍යාලයට හැකි විය. ඒ අතර නාලන්දා විද්‍යාල පළමු ඉනිමේ පසුපෙළ සවිමත් කිරීමේ වැඩි ගෞරවය හිමි විය යුත්තේ මහීම හටයි.

පන්දු යැවීමේ දී වමතින් පිට දඟපන්දු යවන පසන් පෙතන්ගොඩ කඩුලු 5ක් දවා ගත්තේය.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 324/9 (95): ලක්ෂිත රසාංජන 72, චමිඳු විජේසිංහ 72, මහීම වීරකෝන් 59, කවිෂ මදුරප්පෙරුම  39*, අවිශ්ක පෙරේරා 35, පසන් පෙතන්ගොඩ 5/73, නිපුන් මාලිංග 2/57.

තොග වශයෙන් කණ්ඩායම වෙනස් වුනේ කොහොමද? අසන්ත පහදයි

අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා ක්‍රිකට්….


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කුරුණෑගල සාන්ත ආනා විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ රිච්මන්ඩ් විද්‍යාලය  සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

රිච්මන්ඩ් විද්‍යාල ආරාධනය පිළිගත් සාන්ත ආනා විද්‍යාල නායක කවිඳු රණසිංහ ලකුණු 87ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ හැකි ක්‍රීඩක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබෙන දිලුම් සුධීර කඩුලු 6ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 58ක් ලබා සිටියේ සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 122ක් පසුපසින් සිටිමිනි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 180 (83.3): කවිඳු රණසිංහ 87, දිලුම් සුධීර 6/68, සඳුන් මෙන්ඩිස් 3/50.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ)  – 58/0 (20):

අත්තපත්තුගේ උත්සාහය වතුරේ යයි

පළමු තරග දෙකට සාපේක්ෂව වෙනස්ම මුහුණු වරක් ගත් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා…


රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

කොළඹ BRC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම A  කාණ්ඩයේ තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ විද්‍යාලය සිය පළමු ඉනිම ලකුණු 273ක් වැනි ඉහළ මට්ටමේ ලකුණකට ඔසවා තැබුවේය.

පැතුම් මදුසංක හා ජීවක රශ්මිත පිළිවෙළින් ලකුණු 98ක් හා ලකුණු 81ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී මෙවර තරගාවලියේ දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩි  දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් වන සවිඳු උත්සර කඩුලු 3ක් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ඉසිපතන විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 26ක් ලබා සිටියේ දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 247ක් පසුපසින් සිටිමිනි.

දුනිත් ජයතුංග ලකුණු 56ක් ලබාගෙන සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින නිෂිත අභිලාෂ් ලකුණු 59යි.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම – 273 (89.3): පැතුම් මදුසංක 98, ජීවක රශ්මිත 81, පවන් සංදේශ් 26, සවිඳු උත්සර 3/55.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 26/2 (6):

හෙට (8) කොළඹ නාලන්දා විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයේ දෙවන දිනය ද සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<