සාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්

87

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් සාර්ථක ලෙස අද (5) අවසන් විය.

අද පැවති තරග බොහෝමයක් ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් යාපනය සාන්ත ජෝන් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරගයෙන් ඉනිමක හා ලකුණු 50ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය වරම් දිනා ගත්තේය. 

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සාන්ත ආනවරුන් මවිත කරයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය….

දෙවන දිනයට පැවති තරග 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය 

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 50ක දැවැන්ත ජයක් හිමිකර දෙමින් අවසන් වූ මෙම තරගය සාන්ත තෝමස් පිටියේ දී නිමාව දිටීය.

සුහද තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන්ට ආරාධනා කළ අතර ඔවුන්ගේ මුල් ඉනිම පන්දුවාර 30කුත් පන්දු 5ක් තුල අවසන් කිරීමට යසිරු රොද්‍රිගෝ  ඇතුළු සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

ඔවුන් ලබා ගත් ලකුණු 98ට පිළිතුරු ලෙස සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 250ක් ලබා ගනිමින් සිය මුල් ඉනිම අද උදෑසන අත්හිටුවන ලදි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩියොන් ප්‍රනාන්දු මනරම් 4 පහර 9ක් එල්ල කරමින් ලකුණු 76ක් වාර්තා කරගත්තේය. උමයංග සුවාරිස් ලකුණු 41යි.

ලකුණු 152ක දැවැන්ත පළමු ඉනිමේ අවාසියක් ඇතිව පිටියට පැමිණි සාන්ත ජෝන් විද්‍යාලය දිල්මින් රත්නායකගේ පන්දු යැවීමේ හමුවේ ඉනිමක පරාජයෙන් බේරීමට වෑයම් කළත් එය සාර්ථක වූයේ නොමැත. 

එම්. සවුමින් හා ටී. දිනෝෂන් පිළිවෙළින් ලබා ගත් ලකුණු 28 හා ලකුණු 24 නිසා ඔවුන් සිය ලකුණු සටහන ශතකයක් දක්වා රැගෙන ආ නමුත් ඉනිමක පරාජයෙන් ඔවුන්ව ගලවා ගැනීමට ඔවුන්ගේ කිසිදු ක්‍රීඩකයෙක් හට අවස්ථාව උදා වූයේ නොමැත. 

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම – 98 (30.5): ඇන්ටන් අභිෂේක් 38, ටී. දිනෝෂන් 21, යසිරු රොද්‍රිගෝ  6/22, දිල්මින් රත්නායක 2/12

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 250/7d (64): ඩියොන් ප්‍රනාන්දු 76, උමයංග සුවාරිස් 41, යසිරු රොද්‍රිගෝ 34*, තෙවින් ඊරියගම  33*, විතුශාන් 3/73.

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම –  102 (44.4): එම්. සවුමින් 28, ටී. දිනෝෂන් 24, දිල්මින් රත්නායක 5/53, උමයංග සුවාරිස්  2/00

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 50ක ජයක් 


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 

වත්තල සාන්ත අන්තෝනි පිටියේ දී පැවති මේ සම්ප්‍රදායික තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. ඊයේ (4) ආරම්භ වූ මේ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබාගෙන සිටියේය. 

Photos: St. Anthony’s College, Wattala vs Kingswood College | U19 Cricket Tournament 2019/20

දිනුක විශාල් ලබා ගත් ශතකයෙන් සහ කනිෂ්ක ගිම්හාන් ලබා ගත් අර්ධ ශතකයෙන් වර්ණවත් වූ සාන්ත අන්තෝනි ඉනිම ලකුණු 300 සීමාව අභිබවා ඉදිරියට රැගෙන ගිය අබ්දුල් රහුමාන් ලකුණු 45ක් ලබා ගන්නා ලදි. අවසානයේ ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 323ක් රැස්කරගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

තරගයේ නියමිත අවසන් සහ දෙවන දිනය අවසන් වන විට කිංග්ස්වුඩ් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටි අතර තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය. දිම්දිය පොල්කොටුව ලකුණු 30*යි. 

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 323/8d (92): දිනුක විශාල් 102, කනිෂ්ක ගිම්හාන් 91, අබ්දුල් රහුමාන් 45, අවිශ්ක තරිඳු 28, ගිහාන් සශ්මික 25, දුමිඳු බණ්ඩාර 2/38.

කිංග්ස්වුඩ් විද්‍යාල පළමු ඉනිම – 98/4 (41): දිම්දිය පොල්කොටුව 30*, මහසෙන් රණසිංහ 26*, කවීෂ දුලංජන 2/26

සචින් තෙන්ඩුල්කාර් නම් ඉන්දියානු දෙවියා

සචින් තෙන්ඩුල්කාර් යනු ඉන්දියානුවන්ට එක්තරා ආකාරයකින් දෙවියෙකි…..


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මපාල විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. ඊයේ දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මලියදේව විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 48ක් වාර්තා කරගෙන ඉතාමත් අසීරු මට්ටමක සිටි නමුත් චලුක අතපත්තු ලබා ගත් ලකුණු 23 නිසා යම් ගෞරවාන්විත මට්ටමකට සිය විද්‍යාලයේ පළමු ඉනිමේ රැගෙන ඒමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.

ලකුණු 34ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ ධර්මපාල ක්‍රීඩකයින් පළමු ඉනිමට සාපේක්ෂව වැඩි වගකීමකින් පිතිකරණයේ නිරත වීම නිසා ලකුණු 141ක් දක්වා සිය ඉනිම වර්ධනය කර ගැනීමට ඔවුන්ට හැකි විය. 

නදීෂ බණ්ඩාර ලකුණු 32යි. ඒ අනුව දෙවන ඉනිමේ ලබා ගත් ලකුණු 141ක හා පළමු ඉනිමේ ලබා ගත් වාසිය ද එකතුව මලියදේව විද්‍යාලයට තරගය ජය ගැනීම සඳහා ලකුණු 176ක ඉලක්කයක් ලබා දෙන ලදි.

දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක දිනිත් නෙලුම්දෙණිය තරගය පුරාවටම පන්දු යැවීමෙන් දස්කම් දැක්වූයේ කඩුලු 11ක් දවාගෙනයි. ධර්මපාල විද්‍යාලයට මෙම තරගය ජය ගැනීමට වැඩි අවස්ථාවක් තිබූ නමුත් මලියදේව දෙවන ඉනිම 83/8ක් ලෙස අසීරු මට්ටමක තිබිය දී අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේ ඉතාමත් උණුසුම් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි. 

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 132 (37.4): නවිඳු නවීන් 39, සකිඳු විජේරත්න 2/24, බ්‍රයන් කරුණානායක 2/25, මතිෂ වීරසිංහ 2/30.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 98 (46.3): චලුක අතපත්තු 23, දිනිත් නෙලුම්දෙණිය 6/31, විහඟ ගුණරත්න 2/24 

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම – 141 (45.3): නදීශ බණ්ඩාර 32,. නවිඳු නවීන් 28, ලක්ෂිත පූරසිංහ 25, සකිඳු විජේරත්න 4/22, ගයාන් වීරසිංහ 4/26.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම  – 83/8 (28): දිනිත් නෙලුම්දෙණිය 5/39, තිසර ශිහාර 2/21


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය 

මහනුවර සාන්ත අන්තෝනි පිටියේ දී පැවති මේ සම්ප්‍රදායික තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ වැඩි වාසිය හිමිකර දෙමිනි.  

කාසියේ වාසිය දිනා ගත්තේ සාන්ත අන්තෝනි විද්‍යාලය ඊයේ දිනය පුරාවට පිතිකරණයේ නිරත වෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 266ක් වාර්තා කරගත්තේය. එහි දී චමිඳු වික්‍රමසිංහ අගනා අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දක්වන විට දයාන් පංකජ ලකුණු 46කට දැවී ගියේය. එස්. සකීර්තන් ලකුණු 68කට කඩුලු 3යි.

Photos: St. Anthony’s College, Kandy Vs Wesley College, Colombo | U19 Cricket Tournament 2019/20

දෙවන දිනයට තරගය ආරම්භ කරන විට සාන්ත අන්තෝනි විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවමින් පිටියට පැමිණියේ වෙස්ලි විද්‍යාලයට පිතිකරණය සඳහා අවස්ථාව ලබා දෙමිනි. සාහිල් ඩයස් ලබා ගත් ලකුණු 26 ද සවියක් කර ගත් වෙස්ලි විද්‍යාලය තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 172ක් වාර්තා කරගෙන තිබුණි.  නිම්නක ජයතිලක කඩුලු 5යි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 266/7d (65): චමිඳු වික්‍රමසිංහ 67, දයාන් පංකජ 46, ලසිත් වෙරල්ලගම 33, සසිත් හිරුනික 24*, ගිහාන් ඊබර්ට් 22, එස්. සකීර්තන් 3/68, නිම්නක අධිකාරි 2/45.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 172/8 (62): සාහිල් ඩයස් 26, අනුදිත් වික්‍රමසිංහ 24, නිම්නක ජයතිලක 5/60

2019 නැගී එන ආසියානු කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ‘2019 ආසියානු…


පළමු දිනයට පැවති තරග 

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස සහිරා විදුහල් පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය විසිනි. 

සහිරා විද්‍යාල පළමු ඉනිම – 77 (27.3): මොහොමඩ් ඩිල්හාඩ් 23, මෙනූෂ පෙරේරා 4/06, අචින්ත ප්‍රනාන්දු 2/04, කවිඳු මදුරංග 2/07.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 157 (56.3): නිපුන් ධනංජය 41, මෙනූෂ පෙරේරා 40,ඉශාඩ් රොහෙයිම් 3/13, රිස්වාන් රහීම් 2/16, ඉමිතියාස් ස්ලාසා 2/20.

සහිරා විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 13/2 (5)

පළමු දිනයට පැවති තරගය හෙට (6) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වේ.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<