මහනුවර ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

191

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (5) අවසන් වූ අතර එම තරග දෙකෙන්  එක් තරගයක පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් විය.

රුවින් ශතකයකට යද්දී ඉසුරු හා නිම්නගෙන් අර්ධ ශතක

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (4) ආරම්භ විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

ධර්මරාජ විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (4) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මරාජ ක්‍රීඩකයන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

වමතින් පිතිකරණයේ නිරත වන ඉසුරු දයානන්දගේ අර්ධ ශතකය සවියක් කර ගත් ධර්මරාජ ක්‍රීඩකයින් තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199ක් වාර්තා කර ගැනීමට සමත් විය. දෙවන දිනයේ පළමු මිනිත්තු කිහිපය තුල තවත් ලකුණු කිහිපයක් ඔවුන්ගේ පළමු ඉනිමට එක්කාසු කර ගත් ධර්මරාජ ක්‍රීඩකයින් හට ලකුණු 224කින් සෑහීමකට පත් වීමට සිදු විය. 

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ලොහාන් අරෝෂණ ලකුණු 72කට කඩුලු 4ක් දවා ගන්නා විට ඔහුට සහය වූ චානක ජනංග හා මතීෂ සශ්මික කඩුලු දෙක බැගින් දවා ගන්නා ලදි.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් පිතිකරණයෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූයේ පන්දු යැවීමේ දී ද කඩුලු 4ක් දවා ගත් අරෝෂණ පමණි. 

ඔහු මේ ඉනිමේ දී ලකුණු 47ක් වාර්තා කර ගත් අතර තෙවින් බුද්ධිම ලකුණු 21ක් වාර්තා කරගනිමින් ධර්මාශෝක පළමු ඉනිමට යම් සහයක් වුවත් පළමු ඉනිමේ පරාජයෙන් බේරීමට ඔවුන්ට අවස්ථාව උදා වූයේ නැත. 

පන්දු යැවීමේ දී චේතිය බණ්ඩාර, උපේන්ද්‍ර වර්ණකුලසූරිය හා යසිත් සුමනරත්න අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ධර්මරාජ විද්‍යාලය – 224 (83): ඉසුරු දයානන්ද 51, සහන් සිරිවර්ධන 36, යසිත් සුමනරත්න 33, දුලාජ් බණ්ඩාර 29, ජනිත් ගුණතුංග 22, ලොහාන් අරෝෂණ 4/72, චානක ජනංග 2/22, මතීෂ සශ්මික 2/51. සහ 5/0 (2):

ධර්මාශෝක විද්‍යාලය  – 146 (65.2): ලොහාන් අරෝෂණ 47, තෙවින් බුද්ධිම 21, චේතිය බණ්ඩාර 3/14, උපේන්ද්‍ර වර්ණකුලසූරිය  3/23, යසිත් සුමනරත්න 3/39.

තවත් ශ්‍රී ලාංකික ප්‍රබලයෝ තුනකට ඩුබායි වරම්

ලබන මස 15 වැනිදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න…………

ද මැසනොඩ් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස කඳාන ද මැසනොඩ් විදුහල් පිටියේ නිමා වූ මේ තරගයේ දී සත්කාරක කණ්ඩායමේ රුවින් ෆොන්සේකා අගනා ශතකයක් වාර්තා කරගත්තේය. ද මැසනොඩ් විද්‍යාලය මේ තරගයේ වැඩි ගෞරවය දිනා ගත් නමුත් අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට ද මැසනොඩ් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 288ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටි අතර ඔවුන්ගේ ලකුණු සටහන 313/9ක් ලෙස දැක්වෙද්දී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය ලබා ගත් දැවැන්ත ලකුණු ප්‍රමාණය නිසා යම් පීඩනයකින් පැමිණි සාන්ත ජෝසප් වාස් විද්‍යාල පිතිකරුවන්ව ඉතාමත් හොඳින් සිය ග්‍රහණයට නතු කර ගැනීමට ප්‍රමෝද් රාජමුනින්ද්‍ර ඇතුළු ද මැසනොඩ් පන්දු යවන්නෝ සමත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත ජෝසප් වාස් පළමු ඉනිම ලකුණු 73කට සීමා විය. 

ලකුණු 240ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිටි ද මැසනොඩ් විද්‍යාලයට ඉනිමක ජයක් ලබා ගැනීම වෙනුවෙන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම ද පිතිකරණයේ නිරත කර වීමට අවස්ථාව තිබූ නමුත් මෙය සුහද කාණ්ඩයේ තරගයක් වූ නිසා ද මැසනොඩ් පිතිකරුවන් හට මෙය හොඳ පෙර පුහුණු තරගයක් බවට පත් කරගැනීමට අවස්ථාව උදා කරදෙන ලදි. 

අවසානයේ ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 210ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ දෙවන ඉනිම අත්හිටුවන ලදි. මේ තරගයේ දී ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් ෆොන්සේකා, සෙනාෂ් ප්‍රනාන්දු, සහන් කෝසල වැඩි දස්කම් දැක්වීමට සමත් විය.

ද මැසනොඩ් විද්‍යාලය – 313/9d (79.4): රුවින් ෆොන්සේකා 113, නිම්න ප්‍රනාන්දු 51, සෙනාෂ් ප්‍රනාන්දු 52, සහන් කෝසල 28, සොහාන් ශෙනිල් 4/82, මනුල පෙරේරා 3/81. සහ 210/8d (48.1): සහන් කෝසල 46, සෙනාෂ් ප්‍රනාන්දු 40, චමෝද් දනංජය 37, මනූෂ පෙරේරා 6/85.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 73 (27): නෙත්මල් ද සොයිසා 29, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 3/09, සෙනාෂ් ප්‍රනාන්දු 3/18, චානුක සිල්වා 2/14. හා  1/0 (2.3):

Photos: St. Peter’s College Cricket Team Preview 2019/20

ThePapare.com | Waruna Lakmal | 04/11/2019 Editing and re-using images without permission……………

පළමු දිනයට පැවති තරග 

කොළඹ නාලන්දා විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය 

නාලන්දා විදුහල් පිටියේ පැවති මේ සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

නාලන්දා විද්‍යාලය -166 (62.2): චනුල අතුකෝරල 33, මහීම වීරකෝන් 31, මෝක්ෂ සංකල්ප 25, ලක්ෂාන් කාශ්‍යප 20, කනිෂ්ක මධුවන්ත 5/50, රුවින් සෙනෙවිරත්න 2/40.

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 41/0 (12): 


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සහිරා විද්‍යාල නායක මොහොමඩ් ශමාස් පළමුව පන්දුවට පහර දීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට ඇරයුම් කළේය.

රිච්මන්ඩ් විද්‍යාලය – 114 (38): භානුක මනෝහර 35*, විශාන් රුවින් 5/17.

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 78/6 (40): නලීන් ශේක්ත් 22, කල්ප නෙත්සර 3/24.

පළමු දිනයට පැවති තරග සියල්ලම හෙට (6) දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<