සාන්ත පීතර විද්‍යාලයේ සන්තුෂ් වසර 10ක වාර්තාවක් අලුත් කරයි

343

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (05) අවසන් වූ අතර ඒ තරග අතරින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 7කින් පරාජය කළ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 7ක ජයක් ලබා ගත්තේය.

ඊට අමතරව සාන්ත පීතර විද්‍යාලයේ දකුණතින් පිත්ත හසුරුවන සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 252*ක් ලබාගෙන සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගයක් තුල ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු සඳහා හිමි වාර්තාව තම නමට ඉදිරියෙන් සටහන් කරගන්නා ලදි.

මහින්ද – මලියදේව විද්‍යාලය කරට කර ගැටෙති

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ….

කොළඹ ආනන්ද විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

මෙම සුහද තරගයේ නිමාව සනිටුහන් වූයේ සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

තරගයේ අද දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියේ සත්කාරක ආනන්ද විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 111ක් පසුපසින් සිටිමිනි.

බානුක ද සිල්වාගේ දැවී යාමට පසුව ක්‍රියාත්මක වූ සන්තුෂ් ගුණතිලක හා නායක රන්මිත් ජයසේන තෙවන කඩුල්ල වෙනුවෙන් ඉතාමත් දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් ආනන්ද විද්‍යාල පන්දු යවන්නන්ට පහර දුන්නේය. පන්දු ගණන හා ලකුණු ගණන සමව තබාගෙන පිතිකරණයේ නිරත වූ ගුණතිලක 4 පහර 29ක් හා 6 පහර 8ක් එල්ල කරමින් ලකුණු 252*ක ලබාගන්නා විට නායක ජයසේන ලකුණු 80කට දැවී ගියේය.

ලකුණු 210ක ඉලක්කයක් හිමිකර දෙමින් සිය පළමු ඉනිම අත්හිටවූ සාන්ත පීතර විද්‍යාලය ආනන්ද විද්‍යාලයට සිය දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලදි. ආනන්ද විද්‍යාල මුල් පෙළ පිතිකරුවන් සැලකිය යුතු මට්ටමින් ලකුණු අතරට පිවිසියත් මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් ඉතාමත් ඉක්මනින්ම ක්‍රීඩාගරයට හරවා යැවීමට සාන්ත පීතර විද්‍යාලයේ දඟපන්දු යවන්නන් සමත් විය. ආනන්ද දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කනිෂ්ක රන්තිලකගේ ලකුණු 90යි.

>>Photos: Ananda College vs St. Peter’s College | Singer U19 Cricket Tournament 2018/19<< 

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 213 (63.3): කවිඳු ගිම්හාන 53, ජනිඳු ජයවර්ධන 48, කලන විජේසිරි 33, දමින්ද රෙෂාන් 27, රුවින් සෙනෙවිරත්න 4/48, සන්තුෂ් ගුණතිලක 3/46

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 423/3d (74): සන්තුෂ් ගුණතිලක 252*, රන්මිත් ජයසේන 80, බානුක ද සිල්වා  63.

ආනන්ද විද්‍යාල  දෙවන ඉනිම – 166/7 (52): කනිෂ්ක රන්තිලකගේ 90, කවිඳු ගිම්හාන 31, රන්මිත් ජයසේන 3/13.

කොළඹ වෙස්ලි විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

ඉතාමත් හොඳ කරට කර සටනක නිර්මාණය වූ මේ තරගය සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී නිමා වූ අතර තියුණු සටනකට පසුව පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකි විය.

තරගයේ පළමු දිනය වූ ඊයේ (5) දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටින්නේ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 386ක් පසුපසින් සිටිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 413/6d (87): දිනෙත් ජයකොඩි 124, දුනිත් වෙල්ලාලගේ 106,  ජොහෑන් ද සිල්වා 55, ශේරන් ෆොන්සේකා 45, මොවින් සුබසිංහ 3/116, තේනුක පෙරේරා 2/53

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 407 (100.5): කාවින්දන පෙරේරා 125*, ශෙනාල් දංගල්ල 95, මොවින් සුබසිංහ 92, සහිල් ඩයස් 32, දුනිත් වෙල්ලාලගේ 4/133, ශාලින්ද සෙනවිරත්න 3/50.


මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් පිටියේ දී පැවැත්වෙන මෙම A කාණ්ඩයේ ක්‍රිකට් තරගයේ අද දිනය ආරම්භ වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 75යි.

අවීශ කේෂාන් ඇතුළු මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පන්දු යවන්නන් සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ලකුණු 99ක් වැනි අවම මට්ටමකට සීමා කරමින් නැවත  වතාවක් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන් නමුත්, ඉනිමක ජයක් ලබාගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට අවස්ථාව නොලැබුණි.

Photos : Moratu Maha Vidyalaya vs St.Servatius’ College | Singer U19 Cricket Tournament 2018/19

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තුන් ඉරියව් ක්‍රීඩක මහිෂ තීක්ෂණගේ පිතිකරණය නිසාවෙන් ඉනිමක පරාජයෙන් ගැලවුණු නමුත් පූර්ණ තරග පරාජයෙන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ගලවා ගැනීමට ඔවුන්ගේ පිතිකරුවන් හට අවස්ථාව නොලැබුණේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම නිසයි.

>>Photos: Maris Stella College vs St. Benedict’s College | Singer U19 Cricket Tournament 2018/19<< 

ලකුණු 18ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී සිය නියමිත ඉලක්කය සපුරා ගෙන සාර්ථක ලෙස තරගය නිමා කරන ලද්දේ කඩුලු 7ක දැවැන්ත ජයක් ලබාගෙනයි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 199 (58.2): අශාන් ප්‍රනාන්දු 65, ආමන්ත පෙරේරා 44, චතුර අනුරුද්ධ 40, මහේෂ් තීක්ෂණ 5/75, නිමේෂ් මාලින්ද 2/44.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම –  99 (49.1): කවිරු පෙරේරා 38,  පසන් සුවහස් 35, අවිශ කේෂාන් 5/41, රවිඳු ප්‍රනාන්දු 4/29.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 117 (37.1): මහිෂ තීක්ෂණ 35, පසිඳු උෂෙට්ටි 4/18, කෙවින් පෙරේරා 3/10.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 18/3 (6.3): මහිෂ තීක්ෂණ 2/09.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

පළමු වටයේ D කාණ්ඩයේ තරගයක් ලෙස පන්නිපිටිය ධර්මපාල විදුහල් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ ප්‍රථම දිනය (4) අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 45ක් ලබාගෙන සිටියේය.

ත්‍රිත්ව විද්‍යාලය දෙවන දිනයේ දෙවන කාර්තුව තුල දී සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් වහාම සිය පළමු ඉනිම අත්හිටවූ අතර අවිශ්ක සේනාධීර ලකුණු 85ක් ලබා ගත්තේය. ලකුණු 18ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ධර්මපාල විද්‍යාලය දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 108ක් ලබාගෙන සිටි අතර අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. කවිශ්ක සේනාධීර ලකුණු 46කට කඩුලු 5ක් දවාගෙන කැපී පෙනෙන දස්කම් දක්වමින් තරගය පුරාවට කඩුලු 12ක් තමන් සතු කරගත්තේය.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 195 (79.3): මලිත් සඳකැලුම් 45, නවීන් මදුසංක 44, තරිඳු සඳරුවන් 38, කවිෂ්ක සේනාධීර 7/69.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 213/8 d (73.4): අවිශ්ක සේනාධීර 85, කවිෂ්ක සේනාධීර 29, නදුන් හේවානායක 5/50.

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම – 108/9 (46): තරිඳු සඳරුවන් 21, කවිශ්ක සේනාධීර 5/46, කවිඳු ඩයස් 2/22.

යොවුන් පිතිකරුවෝ අර්ධ ශතක රැස්කළත් දිනුම ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම..


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

මෙම දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ සුහද කාණ්ඩයේ තරගයක් ලෙසින් ඊයේ (4) දින කොළඹ නාලන්දා විදුහල් පිටියේ දී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා පළමුව පන්දුවට පහර දෙන ලදි.

පළමු දිනය නිමා වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 7ක් ලබා සිටියේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් සිතාර හපුහින්න හතරේ පහර පහක් සමඟින් ලකුණු 60ක් ලබාගෙන ඔවුන්ගේ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ලක්ෂිත රසාංජන ලකුණු  හා කවිෂ මදුරපෙරුම යන පන්දු යවන්නන් සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 7ක් හා කඩුලු 3ක් දවාගෙන දස්කම් දක්වන ලදි. ඩියෝන් ප්‍රනාන්දු ලකුණු 55යි.

ලකුණු 217ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් නැවත වතාවක් පිටියට පැමිණි නාලන්දා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව ස්ථාවරවන්ත ලෙස පිතිකරණයේ නිරත විය. කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසානයේ නාලන්දා විද්‍යාලයට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 111ක් පමණයි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි අවිශ්ක පෙරේරා ලකුණු 40*යි. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක කලන පෙරේරා ලකුණු 34කට කඩුලු 2ක් දවාගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 163 (51.4): ශලින් ද මෙල් 40, මොහොමඩ් ඉෂාක් 26, මහීම වීරකෝන් 4/29, ලක්ෂිත රසාංජන 3/41, කවිෂ මදුරප්පෙරුම 2/34.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම –  127 (35.2): රනිඳු ද සිල්වා 33, කලණ පෙරේරා 5/46, ඩෙලෝන් පීරිස් 3/26.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම –  180 (43.2): සිතාර හපුහින්න 60, ඩියෝන් ප්‍රනාන්දු 55, ලක්ෂිත රසාංජන  7/73, කවිෂ මදුරපෙරුම 3/50

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 111/4 (55): අවිශ්ක පෙරේරා 42*, ලක්ෂිත රසාංජන 25, කලණ පෙරේරා 2/34.

තිසරගෙන් කිවියන් සසල කළ ඉනිමක්

නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා අද (05)…


මරදාන සහිරා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මරදාන සහිරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කළ ආරාධනය පිළිගත් මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 228ක් ලබා ගැනීමට සමත් විය.

මහානාම විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් බොතේජු අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ මනරම් හතරේ පහර 8ක් සමඟිනි. පන්දු යැවීමේ දී මොහොමඩ් සල්සා ලකුණු 100ට කඩුලු 6යි. ඉන් අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සහිරා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 387ක් ලබා ගන්නා ලදි.

එම ඉනිම ගොඩනැංවීමේ දී මොහොමඩ් සල්සා හා දිල්සර චමින්ද නොදැවී ශතක දෙකක් ලබාගත්තේ මහානාම විද්‍යාල පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්කරමිනි. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවුවත් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට සහිරා විද්‍යාලය සමත් විය.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 228 (86.3): පැතුම් බොතේජු 93*,  මොහොමඩ් සල්සා 6/100.

සහිරා විද්‍යාල පළමු ඉනිම  – 387/3 (100): මොහොමඩ් සල්සා 132*, දිල්සර චමින්ද 114*, චතුර දිල්රුක්ෂණ 61, යසිත් සමරදිවාකර 45.


පළමු දිනයට පැවැත්වූ තරග

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 187කට සීමා විය. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චේතක දෙනුවන් ලකුණු 45ක් ලබාගත් අතර පසිඳු මනුප්‍රිය ලකුණු 38යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක එරන් හංසමාල් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තේය.

සිය පිළිතුරු ඉනිම දියත් කළ මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ දකුණතින් පිතිකරණයේ නිරත වන නායක නිශාන් මදුෂ්ක ලකුණු 54ක් ලබාගෙන මොරටු මහා විද්‍යාල පළමු ඉනිමේ හා පළමු දිනයේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක සසික දුල්ශාන් ලකුණු 17කට කඩුලු 5යි. තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මොරටු මහා විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටියේ සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 82ක් පසුපසිනි සිටිමිනි.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 187 (67.4): චේතක දෙනුවන් 45, පසිඳු මනුප්‍රිය 38, එරන් හංසමාල් 4/48, විශ්ව දිදුලන 3/31.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ ) – 105/7 (31): නිශාන් මදුෂ්ක 54, සසික දුල්ශාන් 5/17

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (6) දෙවන දිනයත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<