කන්ද උඩරට උණුසුම් කළ සාන්ත තෝමස් විද්‍යාලයට වැඩි වාසිය

254

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (4) පැවැත්වූ අතර ඒ තරග අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් වුනා.

පෙරළිකාර කලණ තවත් පෙරළියකට සැරසෙන ලකුණු

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගත ලොව ජය ගැනීමට වෙර දරන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය වීම වෙනුවෙන්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස මහනුවර ලේක් වීව් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගය අද දෙවන දිනයට ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මරාජ විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 72ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසු වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 21*ක් ලබා සිටි දුලාජ් බණ්ඩාර (ලකුණු 62*) අර්ධ ශතකයක් වාර්තා කළා. කෙසේ නමුත් අවසානයේ ධර්මරාජ පළමු ඉනිම ලකුණු 131කට සීමා වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ කලණ පෙරේරා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 125ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව නැවතත් දෙවන ඉනිම ආරම්භ කළ ධර්මරාජ විද්‍යාලයීය පිතිකරුවන් පළමු ඉනිමේ සිදු වූ අඩුපාඩු නිවැරදි කර ගනිමිනි පන්දුවට පහර එල්ල කළා.

දුලාජ් හා මිතුල ගයාෂාන් ධර්මරාජ දෙවන ඉනිමට අර්ධ ශතක දෙකක් එකතු කරමින් ලකුණු 230ක හොඳ ලකුණු පුවරුවක් වෙත සිය විද්‍යාලය රැගෙන ගියේ සාන්ත තෝමස් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 106ක ඉලක්කයක් ලබා දෙමින්. ඩෙලන් පීරිස් කඩුලු 4යි. සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමින් මේ තරගය අවසන් වන විට ඔවුන් සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 69ක්.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම: 256/6d (52): කලණ පෙරේරා 108*, සිතර හපුහින්න 50, කිෂාන් මුණසිංහ 30, නවිඳු ඩිල්ශාන් 2/55

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම -131 (48.5): දුලාජ් බණ්ඩාර 62*, කසුන් ගුණවර්ධන 21, කලණ පෙරේරා 5/46.

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම (F/O) – 230 (76.4): දුලාජ් බණ්ඩාර 73, මිතුල ගයාෂාන් 73, කසුන් ගුණවර්ධන 30, ඩෙලන් පීරිස් 4/58, ශැනොන් ප්‍රනාන්දු 3/23, කලණ පෙරේරා 2/46.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 69/6 (8):


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සුහද තරගයක් ලෙස අද (4) මෙම තරගය ආරම්භ වුනා. තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 173ක්. එහි දී වමතින් පිතිකරණයේ නිරත වන මනෝහරන් පවිත්‍රන් වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 92ක් ලබාගෙන ශතකය පෙනෙන මානයේ දී දැවී ගියා. ධනුක නිම්මාන කඩුලු 4යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 173 (94): මනෝහරන් පවිත්‍රන් 92, මලීශ සිල්වා 24, ධනුක නිම්මාන 4/35.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (5) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<