ත්‍රිත්ව සහ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ජයග්‍රාහී දිනයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

141

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් පාසල් ක්‍රිකට් තරග කිහිපයක් අද (04) දිනයේ නිමා විය. 

එම තරග අතරින් එක් තරගයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඉනිමකින් ජයග්‍රහණය කරන විට, තවත් තරගයක් නිමා වූයේ සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක ජයක් හිමිකර දෙමින්. 

ද මැසනොඩ් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය….

දෙවන දිනයට පැවති තරග 

ත්‍රිත්ව විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයයි.  පළමුව පන්දුවට පහර දුන් ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 281ක් වාර්තා කර ගනිමින් ලුම්බිණි විද්‍යාලයට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දුන් නමුත් ඔවුන් සිය ඉනිම දෙක තුලම ලබා ගත්තේ ලකුණු 213ක් පමණි. 

එහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට සුපිරි පන්දුකරණයක නිරත වූ දකුණතින් පිට දඟපන්දු යවන අභිෂේක් ආනන්ද කුමාර් කඩුලු 14ක් දවා ගත්තේය. ඊට අමතරව පිතිකරණයෙන් දස්කම් දැක්වූ උමෙයිර් රයිසාන් ශතකයක් වාර්තා කරගන්නා ලදි. 

ත්‍රිත්ව විද්‍යාලය  – 281/5d (62) උමෙයිර් රයිසාන් 103, ශේන් ගුණතිලක 111.

ලුම්බිණි විද්‍යාලය – 108 (45.2) සොහාන් ඩිල්ශාන් 34, ශවින්ද ප්‍රභාෂණ 22, අභිෂේක් ආනන්දකුමාර් 6/39. සහ (F/O) 105 (24.5) උෂාන් නිමේෂ් 26*, අභිෂේක් ආනන්දකුමාර් 8/54, රුවින් පීරිස් 2/27. 

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 68ක ජයක්


වෙස්ලි විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 62ක දැවැන්ත ජයක් හිමි කර දුන් මේ තරගය සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමා විය. සුහද කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පළමුව පන්දුවට රැකීමට තීරණය කළේය.

වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 112ට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 309ක් වාර්තා කර ගනිමින් සිය ඉනිම අත්හිටුවන ලදි. එහි දී දිනෙත් ජයකොඩි ශතකයක් ලබා ගන්නා විට, නායක ජොහෑන් ද සිල්වා (ලකුණු 79) සහ දුනිත් වෙල්ලාලගේ (ලකුණු 72*) අර්ධ ශතක ලබා ගත්තේය. 

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 197ක ඉලක්කයක් පසුපස හඹා ගිය වෙස්ලි විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණි. එම ඉනිම එවැනි අඩු මට්ටමේ ලකුණකට සීමා කිරීමට සවියක් වූ මිරංග වික්‍රමගේ ලකුණු 62කට කඩුලු 7ක් දවා ගත්තේ තරගය පුරාවට කඩුලු 10ක් දවාලමිනි.  

වෙස්ලි විද්‍යාලය – 112 (53.2) ටිශාන් සේනානායක 47, දුනිත් වෙල්ලාලගේ 5/45, මිරංග වික්‍රමගේ 3/25. සහ 130 (54.4) දෙනුවන් මෙන්ඩිස් 60, සෙමිල ලියනගේ 26, මිරංග වික්‍රමගේ  7/62, සාලින්ද සෙනෙවිරත්න 2/37.

සාන්ත ජෝසප් විද්‍යාලය – 309/4d (70) දිනෙත් ජයකොඩි 101, ජොහෑන් ද සිල්වා 79, දුනිත් වෙල්ලාලගේ 72*, සේමිල ලියනගේ  2/59.

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 62ක ජයක්

සුපිරි ක්‍රිකට් තරු දෙකකට All Blacks වරම්

රග්බි පිටියේ දී පමණක් නොව ක්‍රිකට් තරග බිමේ දී ද තම හැකියා දක්ෂතාවන්….


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ සංචාරක රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ධර්මාශෝක විද්‍යාලයට ලබා දුනි.

ධර්මාශෝක විද්‍යාල ඉනිම දෙක තුල පිතිකරණයෙන් දස්කම් දැක්වූ ලොහාන් අරෝෂණ පළමු ඉනිමේ දී ලකුණු 46ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 62ක් ලබා ගත්තේය. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් නායක සඳුන් මෙන්ඩිස් ලකුණු 84ක් ලබාගත් අතර පන්දුකරණයේ දී කඩුලු 4ක් දවා ගන්නා ලදි. 

ඊට අමතරව පන්දුවෙන් දස්කම් දැක්වූ රිච්මන්ඩ් විද්‍යාලයේ කවිඳු නිර්මාණ තරගය පුරාවට කඩුලු 8ක් දවා ගන්නා විට, ධර්මාශෝක විද්‍යාලයේ ඒ. එම් රශ්මික තරගය පුරාවට කඩුලු 7ක් දවා ගන්නා ලදි. 

ධර්මාශෝක විද්‍යාලය – 96 (42.2) ලොහාන් අරෝෂණ 46, කවිඳු නිර්මාණ 5/34, කල්ප නෙත්සර 3/17, සඳුන් මෙන්ඩිස් 2/17.  සහ 174 (58.2) ලොහාන් අරෝෂණ 62, චමිඳු ඩිල්ශාන් 31, සුගීත් නිම්නාද 4/33, කවිඳු නිර්මාණ 3/43, සඳුන් මෙන්ඩිස් 2/50.

රිච්මන්ඩ් විද්‍යාලය – 168 (62) සඳුන් මෙන්ඩිස් 84, බනුක මනෝහර 34, ඒ. එම් රශ්මික 5/38, නවීන් රසාංග 3/52. සහ 82/5 (13) ඒ. එම් රශ්මික 2/26, ලොහාන් අරෝෂණ 2/19.

ධර්මාශෝක විද්‍යාලයට පූර්ණ තරග ජයක්

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…..


ආනන්ද විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත පීතර විදුහල් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ ආනන්ද විද්‍යාලය පළමු දිනය පුරාවට පන්දුවට පහර දෙන ලදි.

මේ තරගයේ දී කැපී පෙනෙන පිතිකරුවා බවට පත්වූ ආනන්ද විද්‍යාලයේ කලන විජේසිරි නොදැවී ලකුණු 137*ක් වාර්තා කරගනිමින් සිය විද්‍යාල පළමු ඉනිම ලකුණු 28=98ක් දක්වා ඔසවා තැබුවේය. ඊට අමතරව නායක කනිෂ්ක රන්තිලකගේ පළමු ඉනිමේ දී ලකුණු 48ක් දෙවන ඉනිමේ දී ලකුණු 44ක් ලබා ගන්නා ලදි. 

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ රුවින් සෙනෙවිරත්න පන්දුකරණයේ දී කඩුලු 7ක් දවා ගන්නා විට, ආනන්ද විද්‍යාලයේ දඟ පන්දු යවන ක්‍රීඩක ඉසුරු අයේෂ් ලකුණු 45කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ආනන්ද විද්‍යාලය – 298 (96.2) කලන විජේසිරි 137*, කනිෂ්ක රන්තිලකගේ 48, නෙත්ම කරුණාරත්න 33, රුවින් සෙනෙවිරත්න 5/66. සහ 90/8 (30) කනිෂ්ක රන්තිලකගේ 44, රුවින් සෙනෙවිරත්න 2/22.

සාන්ත පීතර විද්‍යාලය – 161 (61.4) දනාල් හේමනන්ද 30, රුවින් සෙනෙවිරත්න 24, ඉසුරු අයේෂ් 5/45, දෙනෙත් නිස්සංක 2/36 .


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

රයන් ප්‍රනාන්දු,  උමයංග සුවාරිස්, දිල්මින් රත්නායක  මනීෂ රූපසිංහ සහ යසිරු රොද්‍රිගෝ යන සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයින්ගේ වැඩි දස්කම්වලින් අලංකාරවත් වූ මේ තරගය සුහද කාණ්ඩයේ තරගයක් ලෙස නිමා විය. තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සංචාරක සාන්ත තෝමස් විද්‍යාල යි.

සාන්ත තෝමස් විද්‍යාලය – 326/8d (94.5) රයන් ප්‍රනාන්දු 114, උමයංග සුවාරිස් 103, මනීෂ රූපසිංහ 65, විහඟ රුවනාර 2/45, හසිඳු කවිරත්න 2/96. සහ දිල්මින් රත්නායක 96, තෙවින් ඊරියගම 24*, කිෂාන් මුණසිංහ 24.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 172 (56.5) පසන් සුවහස් 42, කවිරු පෙරේරා 42, යසිරු රොද්‍රිගෝ 7/40, තෙවින් ඊරියගම 2/37.

Photos : Prince of Wales’ College v St.Anthony’s College | U19 Cricket Tournament 2019/20


පළමු දිනයට පැවති තරග 

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

මොරටු විදුහල් පිටියේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සංචාරක ධර්මරාජ විද්‍යාලය යි. 

මොරටු මහා විද්‍යාලය – 171 (55.1) නිරාජ් කවිෂ්ක 91, චමිඳු රවිශාන් 33, විරාජිත් ඇහැලේපොල 4/48, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/39.

ධර්මරාජ විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 18/3 (14.2) නිරාජ් කවිෂ්ක  2/13.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සංචාරක සාන්ත සර්වේසස් විද්‍යාලය යි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය – 149 (55.4) නවීන් සාහිත් 42, දිනුජ නිලන්දූව 30, දිනෙත් සමරවීර 4/23, මහීම වීරකෝන් 4/30.

නාලන්දා විද්‍යාලය  (පළමු දිනය අවසානයේ) – 111/3 (38) රශාන් දිසානායක 36, රනිඳු ද සිල්වා 33, අවිශ්ක පෙරේරා 23, දමිඳු සංකල්ප 2/24.

අද දින ආරම්භ වූ තරග සියල්ලම හෙට (05) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<