මහින්ද – මලියදේව විද්‍යාලය කරට කර ගැටෙති

370
U19 Schools Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (04) ආරම්භ වෙද්දී ගාල්ල මහින්ද විද්‍යාලය හා මලියදේව විද්‍යාලය අතර පැවති තරගයෙන් මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

වේල්ස් කුමරුවන් සුබවාදීව නව වසර ආරම්භ කරයි

ලොව දිනන පාසල් ක්‍රිකට් තරු ජාතික තලයට ඔසවා තැබීමට පෙර හඳුනා ගැනීමට තිබෙන හොඳම..

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාල

ගාල්ල මහින්ද පිටියේ දී නිමා වූ මේ A කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත් පළමු ඉනිමේ ජය ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය.

අද තරගය ආරම්භ කරන විට පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිටියේ මලියදේව පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 168ක් ඉදිරියෙන් සිටිමිනි.

අද උදෑසනම ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 324දී අත්හිටුවා මලියදේව විද්‍යාලයට සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන්නේ ඉනිමක ජයක් අපේක්ෂාවෙන් වූවත් චලුක අතපත්තු (111), නිසංජන හෙට්ටිආරච්චි හා  සුපුන් සුමනරත්න දියත් කළ දක්ෂ පිතිකරණය නිසාවෙන් එම බලාපොරොත්තු ඉටු නොවීය.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන කුෂාන් මදූශ කඩුලු 6යි.

193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබාගෙන තිබිණි.

මහින්ද විද්‍යාලයේ පළමු ඉනිමට පළමු දිනයේම අර්ධ ශතක 2ක් එකතු කළ නිපුන් මාලිංග හා හංසික වැලිහිඳ පිළිවෙළින් ලකුණු 91ක් හා ලකුණු 56ක් ලබා ගත්තේය.  පන්දු යැවීමේ දී රයන් කරුණානායක ලකුණු 28කට කඩුලු 2යි.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 133 (44.4): සුපුන් සුමනරත්න 56, චලුක අතපත්තු 41, කුෂාන් මධූශ 5/32, විනුර දුල්සර 3/06.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 324/9d (52): නිපුන් මාලිංග 91, හංසික වැලිහිඳ 56, විනුර දුල්සර 44, අශේන් කණ්ඩම්බි 36, විදත් බටපොල 3/44, බ්‍රයන් කරුණානායක 2/45.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 383 (84.2): චලුක අතපත්තු 111, නිසංජන හෙට්ටිආරච්චි 96, සුපුන් සුමනරත්න 61, විදත් බටපොල 32, කුෂාන් මදූශ 6/130, පසන් පෙතන්ගොඩ 2/70.

මහින්ද විද්‍යාල දෙවන ඉනිම –  38/2 (5):


කොළඹ ආනන්ද විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

මෙම සුහද තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියේ සත්කාරක ආනන්ද විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 111ක් පසුපසින් සිටිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද කණ්ඩායමේ නායක කමේෂ් නිර්මාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කළේ ලකුණු 213ක් පමණි.

Photos: Ananda College vs St. Peter’s College | Singer U19 Cricket Tournament 2018/19

එහි දී දකුණත් ආරම්භක  පිතිකරු කවිඳු ලකුණු 53ක් ලබාගත් අතර ඔහුට සහාය වූ ජනිඳු ජයවර්ධන ලකුණු 48ක් රැස්කර ගනු ලැබුවා. මේ අතර දඟපන්දු යවන රුවින් සෙනෙවිරත්න ලකුණු 48කට ආනන්ද පළමු ඉනිමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලයේ පළමු කඩුල්ල එක් ලකුණකට දැවී ගිය නමුත් බානුක ද සිල්වා හා එක්වූ දකුණතින් පිත්ත හසුරුවන සන්තුෂ් ගුණතිලක දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 101*ක සබඳතාවයක් ගොඩනංවමින් දිනය අවසන් කිරීමට සමත් විය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සන්තුෂ් පන්දු යැවීමෙන් ලබාගත් කඩුලු 3ට අමතරව නොදැවී ලකුණු 55*ක් රැස්කර ගන්නා ලදි. බානුක ද සිල්වා ලකුණු 40*යි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 213 (63.3): කවිඳු ගිම්හාන 53, ජනිඳු ජයවර්ධන 48, කලන විජේසිරි 33, දමින්ද රෙෂාන් 27, රුවින් සෙනෙවිරත්න 4/48, සන්තුෂ් ගුණතිලක 3/46

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 102/1 (27): සන්තුෂ් ගුණතිලක 55*, බානුක ද සිල්වා 40*

අඩුපාඩු සකසා ගෙන එකට එක කිරීමේ අරමුණින් සිංහයින් පිටියට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය..

කොළඹ වෙස්ලි විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී පැවති මේ සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයින් සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 87ක් තුල කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 413ක් ලබා ගන්නා ලදි.

එහි දී ඔවුන්ගේ විද්‍යාලය වෙනුවෙන්  වැඩි දායකත්වයක් දැක්වූ දිනෙත් ජයකොඩි හා දුනිත් වෙල්ලාලගේ යන දෙදෙනාම ශතක ලබා ගත්හ. ජොහෑන් ද සිල්වා ලකුණු 55යි.

තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටින්නේ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 386ක් පසුපසින් සිටිමිනි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 413/6d (87): දිනෙත් ජයකොඩි 124, දුනිත් වෙල්ලාලගේ 106,  ජොහෑන් ද සිල්වා 55, ශේරන් ෆොන්සේකා 45, මොවින් සුබසිංහ 3/116, තේනුක පෙරේරා 2/53

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 27/2 (8):

>>Photos: Sri Lanka U19 vs Australia U19 – Pre Series Media Briefing<< 

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් පිටියේ දී පැවැත්වෙන මෙම A කාණ්ඩයේ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 75යි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 199ක් ලබා ගන්නා ලදි.

Photos: Maris Stella College vs St. Benedict’s College | Singer U19 Cricket Tournament 2018/19

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අශාන් ප්‍රනාන්දු (ලකුණු 65) අර්ධ ශතකයක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන්නෙකු වන  මහේෂ් තීක්ෂණ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනු ලැබුවේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 199 (58.2): අශාන් ප්‍රනාන්දු 65, ආමන්ත පෙරේරා 44, චතුර අනුරුද්ධ 40, මහේෂ් තීක්ෂණ 5/75, නිමේෂ් මාලින්ද 2/44.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 75/3 (37): පසන් සුවහස් 35*.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

පළමු වටයේ D කාණ්ඩයේ තරගයක් ලෙස පන්නිපිටිය ධර්මපාල විදුහල් පිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ ප්‍රථම දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 45ක් ලබාගෙන සිටියේය.

>>Photos: Dharmapala College vs Ananda college | Singer U19 Cricket Tournament 2018/19<<

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ  ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව සියල්ලන්ම දැවී ලකුණු 195ක් රැස්කර ගැනීමට ධර්මපාල විද්‍යාලය සමත් වූ අතර මලිත් සඳකැලුම් ලකුණු 45යි. නවීන් මදුසංක ලකුණු 44යි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ  දඟපන්දු යවන ක්‍රීඩක කවිෂ්ක සේනාධීර ලකුණු 69කට කඩුලු 7යි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 195 (79.3): මලිත් සඳකැලුම් 45, නවීන් මදුසංක 44, තරිඳු සඳරුවන් 38, කවිෂ්ක සේනාධීර 7/69.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 45/2 (19):


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

මෙම දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ සුහද කාණ්ඩයේ තරගයක් ලෙසින් අද (4) දින කොළඹ නාලන්දා විදුහල් පිටියේ දී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා පළමුව පන්දුවට පහර දෙන ලදි.

පළමු දිනය නිමා වන විට පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙන් නොදැවී ලකුණු 7ක් ලබා සිටියේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 43ක් ඉදිරියෙන් සිටිමිනි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් ශලින් ද මෙල් හතරේ පහර තුනක් සමඟින් ලකුණු 40ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර මහීම වීරකෝන් හා ලක්ෂිත රසාංජන යන පන්දු යවන්නන් සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 4ක් හා කඩුලු 3ක් දවාගෙන දස්කම් දක්වන ලදි.

සාන්ත තෝමස් පළමු ඉනිමට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා රනිඳු ද සිල්වා (ලකුණු 33) වුවත් ඔහුගේ එම ලකුණු ප්‍රමාණය අභිබවා ලකුණක් වෙතට යාමට නාලන්දා විද්‍යාල වෙනත් කිසිදු පිතිකරුවෙක් හට අවස්ථාව නොලැබුණේ කලණ පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම නිසයි. අවසානයේ නාලන්දා විද්‍යාල පළමු ඉනිම ලකුණු 127කට සීමා විය. ඩෙලෝන් පීරිස් කඩුලු 3යි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 163 (51.4): ශලින් ද මෙල් 40, මොහොමඩ් ඉෂාක් 26, මහීම වීරකෝන් 4/29, ලක්ෂිත රසාංජන 3/41, කවිෂ මදුරප්පෙරුම 2/34.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම –  127 (35.2): රනිඳු ද සිල්වා 33, කලණ පෙරේරා 5/46, ඩෙලෝන් පීරිස් 3/26,

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) –  7/0 (3):


මරදාන සහිරා විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මරදාන සහිරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කළ ආරාධනය පිළිගත් මහානාම විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 228ක් ලබා ගැනීමට සමත් විය.

මහානාම විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් බොතේජු අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ මනරම් හතරේ පහර 8ක් සමඟිනි. පන්දු යැවීමේ දී මොහොමඩ් සල්සා ලකුණු 100ට කඩුලු 6යි.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 228 (86.3): පැතුම් බොතේජු 93*,  මොහොමඩ් සල්සා 6/100.

සහිරා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/0 (5):

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<