රවිඳු ප්‍රනාන්දුගෙන් තුන් ඉරියව් දක්ෂතා

193

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවති තරග අතුරින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට මීගමු මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ රවිඳු ප්‍රනාන්දු සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය මහානාමය මවිත කරයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…

ඔහු ප්‍රතිවාදී දේවපතිරාජ විද්‍යාලයට එරෙහි ව තරගයේ පළමු දිනයේ දී පිතිකරුවෙක් ලෙසින් ශතකයක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්විය.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (4) නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

A කාණ්ඩයේ නියෝජනය කරමින් පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 222ක් රැස්කර ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට සත්කාරක දේවපතිරාජ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 90ක් පමණි.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවපතිරාජ විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 76ක් ලබාගෙන තිබූ අතර අද ඔවුන්ගේ ඉතිරි කඩුලු 5 ලකුණු 14ක් තුළ දැවී ගිය හ.

ලකුණු 132ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ දේවපතිරාජ ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 43ක් ලබා සිටිය හ. එම ඉනිමේ දී ද දකුණතින් දඟපන්දු යැවූ රවිඳු ප්‍රනාන්දු ලකුණු 15කට කඩුලු දෙකක් දවා ගත්තේ ය. ඔහු තරගයේ දී ශතකයක් සමගින් ලකුණු 51කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (52) රවිඳු ප්‍රනාන්දු 126, අමන්ත පෙරේරා 28, නවීන් ප්‍රනාන්දු 22, පැතුම් මදුශංක 5/27, තිසර ඩිල්ශාන් 2/22, ඉරුෂ්ක තිමිර 2/74

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (39.5) ජීවක ශෂීන් 30, රවිඳු ප්‍රනාන්දු 4/36

දේවපතිරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 43 (29.2) ජීවන් ශෂීන් 15, රවිඳු ප්‍රනාන්දු 2/15

හිතේ නිදහසත් අහිමි කරමින් තවත් තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට!

සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් අද තම 71ක් වැනි අභිමානවත් නිදහස සමරන දිනයයි. කෙසේ වෙතත් ඔවුන්ට අද (04) උදෑසනම ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් අසන්නට ලැබුණේ හිතේ….

මොරටු මහා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී C කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය පළමු දිනයට නිමා වෙන විට මහානාම විද්‍යාලය රැස් කරන ලද ලකුණු 190ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 51ක් ලබා සිටියේ ය.

මොරටු ක්‍රීඩකයන්ගේ ඉනිමේ දී ඉෂාන් මධුශ්ක පන්දු 143කදී හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ සොනාල් ගමගේ ලකුණු 47කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය.

තරගය හෙට (5) දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

මොරටු මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (65.2) ඉෂාන් මධුෂ්ක 90, රෂාන් කවිශ්ක 23, අශේන් ආදිත්‍ය 22, අවන්ත දුලක්ෂණ 20, සොනාල් ගමගේ  4/71, ධනුක නිම්මාන 2/09, පැතුම් බොතේජු 2/28

මහානාම විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 51 (24) පවන් රත්නායක නොදැවී 27, විනුක රූබසිංහ නොදැවී 16

පිතිකරණ පාරාදීසයක දී නිශාන්ගෙන් කඩුලු 14ක්!

27 හැවිරිදි ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ රැස්කළ ද්විත්ව ශතකය නිසා පළඟ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තුන්දින තරගාවලියේ ප්‍රථම පූර්ණ ජයග්‍රහණය වාර්තා කර ගන්නට ඊයේ…

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සංචාරක සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉසිපතන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළ ලකුණු 206ට පිළිතුරු ලෙසින් තරගය පළමු දිනයට නතර කරන විට සංචාරක සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු  23ක් ලබා සිටිය හ.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ලෙෂාන් අමරසිංහ පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මධුශික සඳරුවන් ලකුණු 37ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 9 වැනි කඩුල්ලට ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූහ.

තරගය දෙවැනි දිනයට හෙට (05) ක්‍රියාත්මක වේ.

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (66.3) රවිඳු රත්නායක 32, ලෙෂාන් අමරසිංහ 58, මන්දීප ගුණසේකර 29, මධුශික සඳරුවන් 37, හසිඳු නිශ්ශංක 2/22, මනෝහර පවිත්රන් 2/28

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 23 (8) අවිඳු හේරත් නොදැවී 18

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<