වේල්ස් කුමරුවන් සුබවාදීව නව වසර ආරම්භ කරයි

313

ලොව දිනන පාසල් ක්‍රිකට් තරු ජාතික තලයට ඔසවා තැබීමට පෙර හඳුනා ගැනීමට තිබෙන හොඳම තැන වන්නේ පාසල් ක්‍රිකට් පිටියයි. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (3) පැවැත්වුණු අතර ඒ තරග අතරින් කොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 33කින් පරාජය කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

තරිඳු අමරසිංහ හා කෞමාල් මොරටුව හොල්ලයි

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

මොරටුව දී නිමා වූ මේ සුහද ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වූයේ ඉසිපතන විද්‍යාලයේ දෙවන ඉනිමේ තෙවන පන්දුවාරයේ ආරම්භයත් සමඟයි.

ඊයේ (3) දිනයේ දී ලකුණු 74කට ඉසිපතන විද්‍යාලයීය පළමු ඉනිමට තිත තැබූ වේල්ස් කුමර විද්‍යාලයේ කෞමාල් නානායක්කාර ඇතුළු ක්‍රීඩකයින් නැවත වතාවක් පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළේය.

ඒ නිසාවෙන් මේ තරගයේ දී ඉනිමක පරාජයෙන් ගැලවීමට ඉසිපතන විද්‍යාලය සිය දෙවන ඉනිමට අවම වශයෙන් ලකුණු 223ක් ලබාගත යුතුව තිබූ නමුත් කෞමාල් ඇතුළු වේල්ස් කුමාර විද්‍යාල පන්දු යවන්නන් ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ නොමැත.

Photos: Prince of Wales College vs Isipathana College – U19 Cricket Tournament 2018/19

වේල්ස් කුමර විද්‍යාලයීය පීඩනය හමුවේ නොසැලෙමින් ඉසිපතන දෙවන ඉනිම ඔවුන්ගේ පළමු ඉනිම මෙන් අසරණ වීමට ඉඩ නොදුන් දකුණතින් පිතිකරණයේ නිරත වන රවිඳු රත්නායක සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් අගනා ලකුණු 97ක් ලබා ගත්තේය. එම ඉනිම වේල්ස් කුමර විද්‍යාල පන්දු යවන්නට පැහැදිලි අභියෝගයක් වුවත් රත්නායක හට අනෙක් අන්තයෙන් නිසි සහායක් නොලැබීම නිසා එය ඔවුන්ට තරම් ගැටලුවක් බවට පත් වූයේ නොමැත. ලෙශාන් අමරසිංහ ලකුණු 26යි.

අවසානයේ ඉසිපතන විද්‍යාලයීය දෙවන ඉනිම ලකුණු 190කට සීමා කළ වේල්ස් කුමර විද්‍යාලය මේ තරගය පහසුවෙන්ම ජය ගැනීමට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 297/7d (71.2): තරිඳු අමරසිංහ 155, දේවක පීරිස් 67, ප්‍රින්ස් ප්‍රනාන්දු 30, සිතුක ගුණවර්ධන 3/66, මදුෂික සඳරුවන් 3/74.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 74/10 (23): අශේන් ගුණවර්ධන 20,  කෞමාල් නානායක්කාර 5/03, නදුක ප්‍රනාන්දු 2/14.

ඉසිපතන විද්‍යාල දෙවන  ඉනිම (F/O) – 190 (84.1): රවිඳු රත්නායක 97, ලෙශාන් අමරසිංහ 26, ඉසුරු සඳමාල් 21, කෞමාල් නානායක්කාර 4/56, සුවත් මෙන්ඩිස් 3/76, ලක්ෂාන් පෙරේරා 2/21.

කලකට පසුව ලොකු කුසල් පිත්තෙන් වැඩ පෙන්වයි

කුසල් පෙරේරාගේ සටන්කාමී ඉනිමට සහයෝගයක් දැක්වීමට අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත් වීම හේතුවෙන් නවසීලන්තය සමඟ අද (3) මවුන්ට් මන්ගුවානි බේ ඕවල් පිටියේ…

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාල

ගාල්ල මහින්ද පිටියේ දී පැවැත්වෙන A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට මලියදේව විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 133ක් ලබා ගත්හ.

මලියදේව විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ සුපුන් සුමනරත්න හතරේ පහර 4ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව මලියදේව පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ චලුක අතපත්තු ලකුණු 41ක් ලබාගෙන මලියදේව විද්‍යාලයේ පළමු ඉනිම ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ කුෂාන් මදූශ ලකුණු 32කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව විනුර දුල්සර කඩුලු 3යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 301ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක සිටියේ මලියදේව විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 168ක් ඉදිරියෙන් සිටිමිනි.

මහින්ද විද්‍යාලයේ පළමු ඉනිමට පළමු දිනයේම අර්ධ ශතක 2ක් එකතු කළ නිපුන් මාලිංග හා හංසික වැලිහිඳ පිළිවෙළින් ලකුණු 91ක් හා ලකුණු 56ක් ලබා ගත්තේය.  පන්දු යැවීමේ දී රයන් කරුණානායක ලකුණු 28කට කඩුලු 2ක් දවාලන ලදි.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 133 (44.4): සුපුන් සුමනරත්න 56, චලුක අතපත්තු 41, කුෂාන් මධූශ 5/32, විනුර දුල්සර 3/06.

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 301/6 (48): නිපුන් මාලිංග 91, හංසික වැලිහිඳ 56, විනුර දුල්සර 44, අශේන් කණ්ඩම්බි 36, බ්‍රයන් කරුණානායක 2/28.

පළමු දිනයට පැවැත්වූ තරගය හෙට (4) දෙවන දිනයත් පැවැත්වේ. ඊට අමතරව කොළඹ ආනන්ද විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන තරගය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර පැවැත්වෙන තරග දෙකම සජීවීව ඔබ වෙතට ගෙන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<