දුනිත්, කලණ හා ජනිෂ්ක සුපිරි දස්කම් අතරට

483

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (30) දින පැවැත්වූ අතර ඒ තරග අතරින් කොළඹ ඉසිපතන විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ තහවුරු කර ගැනීමට සමත් වුනා.

දික්වැල්ල හා ලසිත් අර්ධ ශතක අතරට

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගත ලොව ජය ගැනීමට වෙර දරන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන…

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ බී. ආර්. සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කැළණිය ගුරුකුල විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබාගෙන සිටියේ ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 16ක් පසුපසින් සිටිමිනි.

කෙසේ හෝ තුන් ඉරියව් ක්‍රීඩක කෙමිර නයනතරු හා නුවන් චානක යන පිතිකරුවන් එක්ව අර්ධ ශතක වාර්තාකරමින් ශතක සබඳතාවයක් ගොඩනැංවීමේ ප්‍රතිඵලයක් ලෙස ලකුණු 249ක තරගකාරී ලකුණු පුවරුවක් වෙතට යාමට ඔවුන්ට හැකිවිණි. ඉන්පසුව ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පැමිණි ඉසිපතන විද්‍යාලය අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දමන විට කඩුලු 5ක් දැවී ලකුණු 100ක් ලබාගෙන සිටියේය. තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ ඉසිපතන විද්‍යාලයේ රවිඳු රත්නායක කඩුලු 9ක් දවාගන්නා ලදී.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම: 94 (26.1) – ලික්ෂාන් සසංග 26, රශ්මික මෙවන් 22, රවිඳු රත්නායක 5/29, ලිසුර විනාත් 2/21, දිනත් දිසානායක 2/22.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම:  185 (32.3) – තෙවිඳු දික්වැල්ල 59, මධුෂික සඳරුවන් 33*, රවිඳු රත්නායක 25, රිෂිත සංකල්ප 5/11.

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම: 249 (94.5) – කෙමිර නයනතරු 80, නුවන් චානක 74, ලික්ශාන් සසංග 27, දිලීප් චාමර 22, රවිඳු රත්නායක 4/38, දිනත් දිසානායක 3/19.

ඉසිපතන විද්‍යාලය දෙවන ඉනිම: 100/5 (18) – තෙවිඳු දික්වැල්ල 32, ලෙෂාන් අමරසිංහ 31, ලික්ශාන් සසංග 2/28.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සුහද තරගයක් ලෙස මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත් වූ මෙහි අද දින තරග පරිච්ඡේදය සෙබස්තියන් ක්‍රීඩකයින් විසින් පිතිකරණ පාරාදීසයක් බවට පත්කරගත් අතර මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගැනීමට සත්කාරක සාන්ත සෙබස්තියන් කණ්ඩායම සමත් වුනා.

මෙහි දී ඊයේ (29) එනම් පළමු දිනය නිමාවට පත්වන විට කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 203ක් රැස්කරගෙන සිටි අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය කිසිවෙකුත් නොදැවී ලකුණු 8ක් ලබාගෙන සිටියේය. එතැන් පටන් අද දින සිය පිතිකරණ අංශය මුවහත් කරගත් දකුණත් පිතිකරු ජනිෂ්ක පෙරේරා හා දුනිත් ජයතුංග යන ක්‍රීඩකයින් දෙදෙනාම වේගවත් ශතක ලබා ගනිමින් සාන්ත සෙබස්තියන් ලකුණු පුවරුව ලකුණු 505ක් දක්වා රැගෙන යාමට සමත් විය. දිනය නිමාවන විට නොදැවී ක්‍රීඩා කළ ප්‍රවීන් කුරේ ලකුණු 62ක් ලබා ගත්තේය.

සාන්ත ආනා විද්‍යාලය පළමු ඉනිම: 203 (90.3) – ලසිත් වර්ණකුලසූරිය 50, කවිඳු ඒකනායක 29, ප්‍රවීන් කුරේ 4/24, ටශික පෙරේරා 2/21.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම: 505/7 (98) – ජනිෂ්ක පෙරේරා 143, දුනිත් ජයතුංග 141, ප්‍රවීන් කුරේ 62*, රුමේෂ් රුමේෂ් මෙන්ඩිස් 41, නුවනිඳු ප්‍රනාන්දු 39, සුඛිත ප්‍රසන්න 27, නිෂිත අභිලාෂ් 26, පසිඳු තෙන්නකෝන් 3/101.

ශ්‍රී ලංකා තරුණ එක්දින සංචිතය නිකුත් වේ; නායකත්වය නිපුන්ට

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (30) ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් තරග වදින 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න්…

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

ධර්මරාජ විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක ධර්මරාජ විද්‍යාලය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරන ලදී. අයහපත් ආලෝක තත්වය නිසාවෙන් ඊයේ දිනයට තරගය නවතා දමන විට මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 119ක් ලබාගෙන සිටි අතර විරාජ් කවිෂ්ක තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 33ක් රැස්කර ගත්තේය. අද දිනයේ පළමු කාර්තුව තුළ දීම මොරටු මහා විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 141කට සීමා කරන්නට යසිත සමරරත්න ඇතුළු ධර්මරාජ විද්‍යාල පන්දු යවන්නෝ සමත් විය.

දුලාජ් බණ්ඩාර හා කසුන් ගුණවර්ධන ධර්මරාජ ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වෙමින් සිය විද්‍යාලයට පළමු ඉනිමේ ජය ගෙන දුන්නේ ධර්මරාජ පිළ සියල්ලන් දැවී ලකුණු 159ක් ලැබූ අතරවාරයේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ එරන් හංසමාල් කඩුලු 5ක් දවාගත්තේය. මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයට ද ඇතුළත්ව සිටින නිශාන් මධුෂ්ක ලකුණු 74ක් රැස්කර ගනිමින් පළමු ඉනිමේ දී ගිලිහී ගිය සිය රිද්මය නැවතත් සොයාගැනීමට සමත් විය.

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම: 141 (49.4) – විරාජ් කවිෂ්ක 33, නදිත් මිශේන්ද්‍ර 21, යසිත සමරරත්න 4/43, නවින්ද ඩිල්ශාන් 3/27, විරාජිත් ඇහැලේපොල 2/33.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම: 159 (52.4) – දුලාජ් බණ්ඩාර 40, කසුන් ගුණවර්ධන 38, විරාජිත් ඇහැලේපොල 29*, එරන් හංසමාල් 5/32, විශ්ව දිදුලන 2/44, නදිත් මිශේන්ද්‍ර 2/44.

මොරටු මහා විද්‍යාලය දෙවන ඉනිම: 120/4 (28.3) – නිශාන් මධුෂ්ක 74, මධුශංක දිලක්ෂණ 25*, විරාජිත් ඇහැලේපොල 3/29.

බංග්ලාදේශ පොඩ්ඩන්ට එරෙහිව දිනූෂගෙන් අර්ධ ශතකයක්

නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය විසඳුමකින් තොරව අවසන් වීමත් සමඟ තරගාවලියේ වැඩි ගෞරව අත්කර ගැනීම සඳහා සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමටත් ශ්‍රී ලංකා…

පළමු දිනය සඳහා පැවැත් වූ තරග

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

C කාණ්ඩයේ තවත් තරගයක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 4ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයකට සිටියේය. එහි දී සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ වමත් වේගපන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩක කලණ පෙරේරා දිනය පුරාවට ඉනිම් දෙකක් තුළ දී ලකුණු 17කට කඩුලු 12ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත මරියා විද්‍යාලයේ ආරාධනයෙන් සිය පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 311ක් ලබාගෙන සිටිය දී පළමු ඉනිම අත්හිටවූ අතර උමයංග සුවාරිස් 4 පහර 7ක් හා 6 පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 107*ක් ද, ශලින් ද මෙල් ලකුණු 66ක් ද රැස්කර ගන්නා ලදී.

සාන්ත මරියා විද්‍යාලය පිළිතුරු ලෙස පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණි. කලණ පෙරේරා එහි දී කඩුලු 8ක් දවාලමින් සාන්ත මරියා පිළ සුනුවිසුණු කළේය. තරගයේ ප්‍රථම දිනයේ දීම ලකුණු 239ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ද  ආරම්භ කළ සාන්ත මරියා විද්‍යාලයට එය ද සාර්ථක කරගැනීමට ඉඩ නොදුන් කලණ පෙරේරා සාන්ත මරිය කණ්ඩායමේ පළමු කඩුලු 5න් කඩුලු 4ක් ම දවාගත්තේ කිසිඳු ලකුණක් ලබානොදෙමින් වීම විශේෂත්වයකි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම: 311/8d (64.3) – උමයංග සුවාරිස් 107*, ශලින් ද මෙල් 66, සිතිර හපුහින්න 47, ඩියෝන් ප්‍රනාන්දු 46, කලන පෙරේරා 25, හිරාන් බියගම 4/85, සිනෙත් විරසූරිය 3/102.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම: 72 (23) – පසන් වලිසිංහ 34*, කලණ පෙරේරා 8/17.

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම: (පළමු දිනය අවසානයේ) (F/O) – 4/5 (4):

ඉන්දීය ක්‍රීඩකයෝ කොදෙව්වන් අභිබවා නැවත ඉස්සර වෙයි

ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) මුම්බායි පිටියේ දී නිමා වූ සිවවැනි තරගයේ දී ලකුණු 224ක ජයග්‍රහණයක්…

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

පළමු දිනයට පැවැත් වූ මෙම තරගයේ අද දිනය නිමාවන විට ජනාධිපති විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 120ක් රැස්කර ගෙන සිටි අතර ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 178ක් ලබාගෙන සිටියේ ජනාධිපති විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 58ක් ඉදිරියෙන් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව ක්‍රියාත්මක වූ ජනාධිපති විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ දකුණත් පිතිකරු ඉරංග හෂාන් ලකුණු 44ක් ලබා ගත්තේ වර්ණවත් පිති හරඹයක නිරත වෙමිනි. පන්දු යැවීමේ දී සේනානායක විද්‍යාලයට සවියක් වූ චමත් යටවර හා මුදිත ලක්ෂාන් පිළිවෙළින් කඩුලු 7ක් හා 2ක් දවා ගැනීමට සමත් වුනා.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම: 120 (37.1) – ඉරංග හෂාන් 44, චමත් යටවර 7/31, මුදිත ලක්ෂාන් 2/14.

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 178/5 (36.3) – අමිත දාබරේ  64, පසිඳු ආධිත්‍ය 42, ශෂික නිර්මාල් 2/30.

මාතර රාහුල විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පළමු දිනයට පැවති මෙම සුහද ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් දේවපතිරාජ විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීන්දු කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් රාහුල විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 230ක් ලබාගෙන ඉනිම අත්හිට වූයේය. එහි දී රාහුල විද්‍යාලය වෙනුවෙන් දකුණත් පිතිකරු ශෂාන් බණ්ඩාර ලකුණු 59ක් වැඩිම ලකුණු ලෙස ලබා ගත්තේය.

මීට අමතරව බිනර සංකිත් හා ලකිඳු චමෝද් පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 32ක් රැස්කර ගත අතර පන්දු යැවීමේ දී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් පැතුම් මදුසංක හට ලකුණු 51කට කඩුලු 3ක් බිඳ හෙලීමට හැකි විය. වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දේවපතිරාජ විද්‍යාලය කිසිවෙක් නොදැවී එක් ලකුණක් ලබා සිටියේය.

රාහුල විද්‍යාලය පළමු ඉනිම: 230/9d (81.5) – ශෂාන් බණ්ඩාර 59, බිනර සංකිත් 39, ලකිඳු චමෝද් 32, පැතුම් මදුසංක 3/51.

දේවපතිරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ): 1/0 (2)

පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරග සියල්ලම හෙට (31) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

                                             >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<