රත්නායකගේ තුන් ඉරියව් දස්කම් නිසා සාන්ත තෝමස්ට වැඩි වාසි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

69

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර පැවැත්වූ තරගය අද (30) දින සාන්ත තෝමස් පිටියේ දී නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි. 

ඉසිපතනය හමුවේ ද මැසනොඩ් අණසක පතුරුවයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු……………

කෙසේ නමුත් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූ දිල්මින් රත්නායක පන්දු යැවීමෙන් දවාගත් කඩුලු 3ට අමතරව අද දිනයේ දී අර්ධ ශතකයක් සමඟ නොදැවී ලකුණු 53*ක් වාර්තා කරගැනීමට සමත් විය. 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (29) දිනයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. එහිදී මාතර සාන්ත සර්වේසස් ඉනිම සවිමත් කළ පුෂ්පිත ඩිල්ශාන් ලබාගත් ලකුණු 88 නොවන්නට සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම ඉතාමත් අසරණ මට්ටමකට ඇද වැටීමට ඉඩකඩ තිබුනි. 

ඩිල්ශාන්ට අමතරව කේසර නුවන්ත සහ චිරාත් නෙත්තරු පිළිවෙලින් ලකුණු 26ක් සහ ලකුණු 20ක් වාර්තා කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී රන්දිව් ගුණසේකර ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් සාන්ත සර්වේසස් පළමු ඉනිම පාලනය කළේය.  ඔහුට සහය වූ දකුණතින් පා දඟපන්දු යවන රත්නායක ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත්තේය. නායක තෙවින් ඊරියගම කඩුලු 2යි. 

තරගයේ දෙවන දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබාගෙන සිටියේය. පන්දුවාර 58කුත් එක් පන්දුවක් ක්‍රියාත්මක කළ පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එතැන් සිට තරගය නැවතත් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 

කෙසේ නමුත් සාන්ත තෝමස් පළමු ඉනිම සලකා බැලීමේ දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 34ක් ලෙස දැක්වෙන විට ඔවුන්ගේ කඩුලු 2ක් දැවී ගියේය. අනතුරුව තෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ රයන් ප්‍රනාන්දු සහ කිශාන් මුණසිංහ ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත තෝමස් ඉනිම ස්ථාවර කිරීමට සමත් විය. 

දකුණතින් පිතිකරණයේ නිරත වන ප්‍රනාන්දු හතරේ පහර 2ක් සමඟ පන්දු 77ක දී ලකුණු 35ක් රැස්කර ගැනීමට සමත් විය. තරගය නිමාවන විට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුණසිංහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. වේගවත් පිතිකරණයක නිරත වෙමින් සිය අර්ධ ශතකය සපුරාගත් රත්නායක හතරේ පහර 7ක් සිය ලකුණු ගිණුමට ඇතුළත් කර ගනිමින් පන්දු 51ක් තුළ මේ ලකුණු 53* රැස්කර ගැනීමට සමත් විය. අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලය තරගය නවතා දමන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 207ක් වාර්තා කරගැනීමට සමත් විය. 

අබුඩාබි වලින් ඇරඹුණු T10 තවත් රටකට

මේ වන විට ලෝකයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අමතරව එක් එක් රටවල්වලින් පවත්වනු ලබන විවිධ…………….

සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ මදුශාන් ද සිල්වා ලකුණු 37කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය: 180 (64.2) පුෂ්පිත ඩිල්ශාන් 88, කේසර නුවන්ත 26, චිරාත් නෙත්තරු 20, රන්දිව් ගුණසේකර 4/43, දිල්මින් රත්නායක 3/56, තෙවින් ඊරියගම 2/51. 

සාන්ත තෝමස් විද්‍යාලය : 207/6 (66.1) කිශාන් මුණසිංහ 55,  දිල්මින් රත්නායක 53*, රයන් ප්‍රනාන්දු 35, මනීෂ රූපසිංහ 23, මදුශාන් ද සිල්වා 4/37. 

සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමිකර දෙමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<