ආනන්ද – ධර්මපාල විද්‍යාල ක්‍රිකට් තරගය උණුසුම් වන ලකුණු

366

අනාගතයේ ලොව දිනන පාසල් ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (30)  ආරම්භ විය.

මහේල – සංගා කුසලානය සංගාගේ පාසලට

සිංගර් කුසලාන පළමු පෙළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කෝට්ටේ  ජනාධිපති විද්‍යාලය

මොරටුවේ දී පැවැත්වෙන මෙම B කාණ්ඩයේ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ජනාධිපති විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 64ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් ජනාධිපති විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට වේල්ස් කුමාර විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 266ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ  ප්‍රින්ස් ප්‍රනාන්දු හා පසිඳු පැතුම් අර්ධ ශතක ලබා ගත්තේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන්නෙකු වන  තෙවින් තෙව්මික ජනාධිපති විද්‍යාල පිළ වෙනුවෙන් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනු ලැබුවේය.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම – 266/9d (71.2): ප්‍රින්ස් ප්‍රනාන්දු 85, පසිඳු පැතුම් 68, කාවින්ද ද මෙල් 26, තරිඳු අමරසිංහ 22, තෙවින් තෙව්මික 3/43, ටශික නිර්මාල් 3/57.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 64/5 (32): තෙවින් තෙව්මික  21.

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ…


කොළඹ ආනන්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

පැහැදිලි කාලගුණ තත්වයක් යටතේ පැවති මේ තරගයේ ඉහළ නැගුණු කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි . අවසානයේ ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 248ක් ලබා ගත්තේ කනිෂ්ක  රන්තිලකගේ (ලකුණු 58) හා කලණ විජේසිරි (ලකුණු 41) ලබා ගත් ලකුණු සවියක් කරගෙනයි. කවිඳු ගිම්හාන් ලකුණු 38යි.

Photos: Moratu Vidyalaya vs Zahira College – Singer U19 Cricket Tournament 2018/19

පන්දු යැවීමේ දී ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිල්ශාන් ද සිල්වා හා විහඟ ගුණරත්න කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මපාල විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 39ක් ලබාගෙන සිටියේ සිය පළමු ඉනිමේ පන්දු 60ක් තුලයි.

D කාණ්ඩයේ තරගයක් වන මෙය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී පැවැත්වේ.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 248 (82.2): කනිෂ්ක  රන්තිලකගේ 58, කලණ විජේසිරි 41, කවිඳු ගිම්හාන 38, ඩිල්ශාන් ද සිල්වා 3/37, විහඟ ගුණරත්න 3/50.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 39/0 (10):

උදාවන නව වසරට ස්මිත්ට ලැබුණු තෑග්ග

එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය…


මරදාන සහිරා විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට සහිරා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 118ක් රැස්කර ගෙන පළමු ඉනිම අත්හිටවූ අතර මොරටු මහා විද්‍යාලය කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 100ක් ලබාගෙන සිටියේ සහිරා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පසුපසින් සිටිමිනි.

කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලයීය පළමු ඉනිම වෙනුවෙන් කිසිම පිතිකරුවෙක් හට ලකුණු 21 සීමාව පසු කර යාමට නොහැකි විය. පන්දු යැවීමේ දී මොරටු මහා විද්‍යාලයට සවියක් වූ දඟපන්දු යවන ක්‍රීඩකයින් වන නදිත් මිශේන්ද්‍ර ලකුණු 34කට කඩුලු 7ක් දවා ගනිමින් සහිරා විද්‍යාල පළමු ඉනිම සුනුවිසුනු කළේය.

තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින මදුශාන් දිලක්ෂණ ලකුණු 42*යි.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 118 (43.3): නදිත් මිශේන්ද්‍ර 7/34, ඒරන් හංසමාල් 2/43.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 100/6 (43): මදුශාන් දිලක්ෂණ 42*, මොහොමඩ් කාලිඩ් 3/16.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<