සාන්ත තෝමස් විද්‍යාලය මහානාමය මවිත කරයි

241

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (3) පැවැත්විය.

තවීෂ, දිලුම් හා විනුජ රිච්මන්ඩ් විද්‍යාලයට සවියක් වෙයි

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩා රටාව තුල පැවැත්වෙන තරගකාරීම තරග අංශය වන වයස අවුරුදු 19න් පහළ…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස අවසන් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක මහානාම විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට මහානාම විද්‍යාලය ඉතාමත් අසීරු අඩියක පසු විය.

එහි දී පළමුව පන්දුවට පහර දුන් වමතින් පිතිකරණයේ නිරත වන ශලින් ඩි මෙල් සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිම ශතකයකින් වර්ණවත් කළේ නොදැවී ලකුණු 151*ක් ලබා ගෙනයි. ඊට අමතරව ඔහුට සහාය වූ මනීෂ රූපසිංහ හා නායක සිතර හපුහින්න අර්ධ ශතක ඉනිම් දියත් කරමින් සිය පිතිකරණ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළේය. අවසානයේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 395 සීමාවේ දී අත්හිටුවා දැමීමට තීරණය කරන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 55ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක සිටියේ සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 340ක් පසුපසින් සිටිමිනි. කලන පෙරේරා හා ඉසුරු ලක්ෂාන් පන්දු යැවීමේ දී දැක්වූ වැඩි දස්කම් නිසා මේ තරගය ඉනිමකින් හා ලකුණු 119කින් ජය ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 395/5d (64.3): ශලින් ඩි මෙල් 151*, මනීෂ රූපසිංහ 82, සිතර හපුහින්න 53, කලන පෙරේරා 39, රවිඳු  ද සිල්වා 35, පවන්ත වීරසිංහ 2/84.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 68 (36.3): විනුක රූබසිංහ 20, කලන පෙරේරා  6/33, දිලිමින් රත්නායක 3/01.

මහානාම විද්‍යාල දෙවන ඉනිම (F/O) – 63 (22.1): හංසජ බණ්ඩාර 26, ඉසුරු ලක්ෂාන් 7/18, නිසල් මාලිංග 2/20.

කවාජාගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක්!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (03) නිමාවට පත්වූයේ සංචාරක ශ්‍රී ලංකා පිළ…

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මේ තරගය සාන්ත පීතර විදුහල් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා විය.

සුහද කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නායක කවිඳු මදරසිංහ ඇතුළු රාජකීය විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළේය. සාන්ත පීතර විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම ලකුණු 329ක් රැස්කර ගත් අතර අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

සත්කාරක සාන්ත පීතර  විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන නායක රන්මිත් ජයසේන ලබා ගත් වටිනා ලකුණු 116ක් රැස්කරගෙන මෙවර තරගවාරය තුල සපුරා ගත් දෙවන ශතකය සම්පූර්ණ කරගත්තේය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 7කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින රාජකීය විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 22ක් ලබාගෙන තිබුණි. දඟපන්දු යවන ක්‍රීඩක කනිෂ්ක මදුවන්තගේ දක්ෂ පන්දු යැවීම නිසා රාජකීය විද්‍යාල පළමු ඉනිම ලකුණු 125කට සීමා කර ගැනීමට සමත් වූ සාන්ත පීතර විද්‍යාලය නැවත වතාවක් පන්දුවට පහර දීමට රාජකීය විද්‍යාලයට ආරාධනා කළ අතර එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වූ අහන වික්‍රමසිංහ ලබාගත් අර්ධ ශතක ඉනිම නිසාවෙන් ඉනිමක පරාජයකින් ගැලවීමට ඔවුන්ට හැකි විය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 329/6d (83.2): රන්මිත් ජයසේන 116, ශිවාන් පෙරේරා 70, දිනිත් අංජුල 50, සන්තුෂ් ගුණතිලක 46, කවිඳු පතිරත්න 2/51.

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 125 (60.3): ඉසිවර දිසානායක 30, අහන් සංචිත 26, කමිල්ස් මිශාර 26, කනිෂ්ක මදුවන්ත 5/28, සන්තුෂ් ගුණතිලක 3/18.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම (F/O) –  177/3 (41): අහන් සංචිත 58, පසිඳු සූරියබණ්ඩාර 33*, කාමිල් මිශාර 30, ඉසිවර දිසානායක 30, රුවින් සෙනෙවිරත්න 2/35.

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම C  කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 231ක් රැස්කර ගත්තේය.

සාන්ත සර්වේසස් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන පුෂ්පිත ඩිල්ෂාන් හා රිසිර ලක්වින් ලබාගත් වටිනා අර්ධ ශතක නිසාවෙන් සාන්ත සර්වේසස් විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව උදා විය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ධනුක පීරිස් කඩුලු 5ක් දවා ගත්තේය.

>>Photos: St. Joseph Vaz College U19 Cricket Team 2018/19<<

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 81ක් ලබාගෙන තිබුණි. අද දිනයට තරගය ආරම්භ කරන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නිපුන් දනංජය  වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 66ක් ලබා ගත්තේය.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 231 (62.2): පුෂ්පිත ඩිල්ෂාන් 69, රිසිර ලක්වින් 55, ධනුක පීරිස් 5/42, නිපුන් දනංජය 2/59. අවසානයේ

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 131 (52.2): නිපුන් දනංජය 66, චෙත්ක දෙනුවන් 3/22, සශික දුල්ශාන් 3/23.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම  (F/O) – 21/0 (6.3):

පළමු දිනයට පැවති තරගය

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

A කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 222ක් රැස්කර ගත්තේය.

සංචාරක මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන රවිඳු ප්‍රනාන්දු ලබාගත් වටිනා ලකුණු 126ක් රැස්කරගෙන මෙවර තරගවාරය තුල සපුරා ගත් තවත් ශතකයක්  සම්පූර්ණ කරගත්තේය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 7කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය. පැතුම් මදුසංක කඩුලු 5යි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දේවපතිරාජ විද්‍යාලය කිසිවෙක් කඩුලු 5ක් දැවී ලකුණු 76ක් ලබාගෙන තිබුණි.

තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 222 (52): රවිඳු ප්‍රනාන්දු 126, ආමන්ත පෙරේරා 28, පැතුම් මදුසංක 5/27.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 76/5 (26.3):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (4) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<