මහනුවරට ඓතිහාසික ජයක්

114

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ තරග 4ක් ඊයේ (02) දිනයේ නිමාවට පත්වුණේ පිතිකරුවන් විශිෂ්ට දස්කම් දක්වමිනි.

ආනන්ද – ත්‍රිත්ව සටන උණුසුම් වන ලකුණු

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (1) පළමු දිනය…

සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගය නිමාවට පත්වුණේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට ඓතිහාසික ජයක් අත්කර දෙමිනි. මෙහි දී නායක තීක්ෂණ ගුණසිංහ ලකුණු 142ක් හා කල්හාර  සෙනරත් ලකුණු 106ක් ලබා ගනිමින් සාන්ත අන්තෝනි ඉනිම ලකුණු 347ක් කරා රැගෙන ගියේ සාන්ත ජෝසප් පන්දු යවන්නන් අසරණ කරමිනි.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිටියට පිවිසි ජෝසප් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුනේ ලකුණු 119ක් පමණි.

මෙහි දී ප්‍රථම ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේ ද ක්‍රියාත්මක වූ අන්තෝනි විදුහලේ නිම්නක ජයතිලක කඩුලු 7ක් දවා ගත්තේ සාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට සුපිරි ජයක් ලබා දෙමිනි.

සාන්ත ජෝසප් විද්‍යාලය – 213 (45) ජොහැන් ද සිල්වා  59, දුනිත් වෙල්ලාලගේ 42, දිනෙත් ජයකොඩි 38, නිම්නක ජයතිලක 5/66  සහ 119 (40.3)” ශේරන් ෆොන්සේකා 23, දුනිත් වෙල්ලාලගේ 52, නිම්නක ජයතිලක 7/43

සාන්ත අන්තෝනි විද්‍යාලය – 354/7d (100.1) තික්ෂන් ගුණසිංහ 142, කල්හාර සෙනරත් 106, මිරංග වික්‍රමගේ 2/15, සාලින්ද සෙනෙවිරත්න 2/53

දිමුත්ගේ ඇබැද්දියෙන් පසු ඕස්ට්‍රේලියාවට ඉක්මන් කඩුලු 3ක්!

ඕස්ට්‍රේලියානුවන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කරගත් ලකුණු 534ක දැවැන්ත ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාව දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වෙද්දී කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 123ක්…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගය ඊයේ දිනට ආරම්භ වන විට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටියේය.

>>මෙම ලිපියේ දෙවන කොටසට පිවිසෙන්න<<

ත්‍රිත්ව ඉනිම ඊයේ උදෑසනම ලකුණු 150කට සීමා කළ ආනන්ද ක්‍රීඩකයින් තම දෙවන ඉනිම ලකුණු 152කට අත්හිටුවමින් ත්‍රිත්වයින්ට ජයග්‍රහණය සඳහා ලකුණු 232ක ඉලක්කයක් ලබා දුන්නේය. කෙසේ වෙතත් සිය දෙවැනි ඉනිම ලකුණු 148කට කඩුලු 8ක් දැවී තිබිය දී දිනය නිමා වට පත්වූයේ ආනන්ද ක්‍රීඩකයන්ට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් ලබා දෙමිනි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 230 (62.2): කමේෂ් නිර්මාල් 78, කවිඳු ගිම්හාන 38, ජනිඳු ජයවර්ධන 32, දමින්ද රේෂාන් 26, කවිෂ්ක සේනාධීර 5/89.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම  – 150 (32): පුබුදු බණ්ඩාර 49,කවිෂ්කා සේනාදීර 37, සවිරු බණ්ඩාර 3/09.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – කඩුලු 5කට ලකුණු 152 (37): කමේෂ් නිර්මාල් 54, නදීෂ කරුණාරත්න 37*,කවිෂ්කා සේනාදීර 4/59

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම  – කඩුලු 8කට ලකුණු 148 (50): ෂේන් ගුණතිලක 64,අශාන් ලොකුකැටිය 24*, නදීෂ කරුණාරත්න 4/60

සුපිරි 8 පිටියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා ඇන්ජලෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ අලුත්ම ද්විත්ව ශතකලාභියා බවට පත් වීමට එන්. සී. සී. කණ්ඩායමේ ඇන්ජලෝ…

මොරටු මහා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඊයේ දිනට නිමා වන විට  ඇලෝසියස් ක්‍රීඩකයන් කඩුලු 5කට ලකුණු 72ක් ලබා ගනිමින් අසීරු තත්වයකට පත්ව සිටියේය. කෙසේ නමුත් ඇලෝසියස් විද්‍යාලයේ චතුර ප්‍රභාත්ගේ ඉවසිලිවන්ත පිතිකරණය නිසා ඇලෝසියස් ඉනිම ලකුණු 162ක් දක්වා දීර්ඝ විය.

දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මොරටු ක්‍රීඩකයන් දිනය නිමා වන විට කඩුලු 4ක් දැවී ලබා සිටියේය. මෙහි දී නායක නිශාන් මදුශංක ලකුණු 36ක් ලබා ගත්තේය .

මොරටු මහා විද්‍යාලය – 173 (59.1): නිශාන් මදුශංක 41, විශ්ව දිදුලංග 29, නිදුක අභිෂේක්  4/38, ආදිත්‍ය යාපා 3/47 & 124/4 (44), නිශාන් මදුශංක 39, චමල්ක පුෂ්පකුමාර 33, ආදිත්‍ය යාපා 3/18

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 162 (89.2) චතුර ප්‍රභාත් 48*, මනුෂ්ක සම්පත් 25, විශ්ව දිදුලන 4/45

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<