නාලන්දා විද්‍යාලයට දැවැන්ත ජයක්

211

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අදත් (29) පැවැත්වූ අතර එ් අතරින් වෙස්ලි විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 159කින් පරාජය කිරීමට කොළඹ නාලාන්දා විද්‍යාලය සමත විය.

ලක්ෂිත හා සන්තුෂ් ශතකවලට

අනාගත ක්‍රිකට් ලොව ජය ගැනීම වෙනුවෙන් සැදී පැහැදී සිටින ක්‍රිකට් තරු හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය……

නාලන්දා විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

සුහද තරගයක් වූ මේ තරගයේ අද දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 8ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසු වූ අතර තරගය අවසන් වූයේ නාලන්දා විද්‍යාලයට ඉනිමක හා ලකුණු 159ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

වෙස්ලි විද්‍යාල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කරගෙන පළමු ඉනිම අත්හිටවූ අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නාලන්දා නායක ලක්ෂිත රසාංජන ශතකයක් ලබා ගන්නා විට චමිඳු විජේසිංහ හා රවීන් ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ.

එම ඉනිමට පිළිතුරු ලෙස වෙස්ලි පිතිකරුවන් සිය ඉනිම දෙකම ක්‍රීඩා කළත් නාලන්දා පළමු ඉනිම අභිබවා යාමට නොහැකි වූ අතර වෙස්ලි විද්‍යාලයේ ඉනිම දෙක පිළිවෙළින් ලකුණු 107කට හා ලකුණු 48කට සීමා විය. පන්දු යැවීමේ දී තරගය පුරාවට දස්කම් දැක්වූ ලක්ෂිත රසාංජන කඩුලු 7ක් දවා ගත්තේ සිය තුන් ඉරියව් දස්කම් විදහාලමිනි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 315/6d (79): ලක්ෂිත රසාංජන 100*, චමිඳු විජේසිංහ 54, රවීන් ද සිල්වා 50, ජයෝද් කල්දේරා 35, දිල්හාර පොල්ගම්පොල 33, ශෙනාල් දංගල්ල 2/24.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 107 (43.4): කාවින්ද පෙරේරා  26, ලක්ෂිත රසාංජන 4/23, චමිඳු විජේසිංහ 4/30  

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම ( F/O) – 49 (26.4): බුද්ධිම විජේසුන්දර   21, කවිෂ් මදුරප්පපෙරුම 3/17, ලක්ෂිත රසාංජන 3/19.

Red Bull කුසලානය ශ්‍රී ලංකාවට

6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (29) කොළඹ එස්. එස්. සී. පිටියේ දී නිමා වූ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර……


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ සුහද තරගය සාන්ත පීතර විදුහල් පිටියේ දී නිමා විය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 304ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන විට තරගයේ ඊයේ (28) දිනය අවසානයේ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 128ක් රැස්කර ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන අශාන් ප්‍රනාන්දු  වර්ණවත් පිතිකරණයක නිරත වූයේ ලකුණු 69ක් ලබා ගනිමිනි. ඊට අමතරව රවිඳු ප්‍රනාන්දු ලකුණු 45ක් ලබාගෙන මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම ලකුණු 250ක් දක්වා ඔසවා තැබුවේය. පන්දු යැවීමේ දී උවින් සෙනෙවිරත්න කඩුලු 4ක් දවාලන ලදි.

ලකුණු 54ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම කිසිවෙක් නොසිතූ ලෙස ලකුණු 67කට සීමා වූයේ රවිඳු ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම නිසයි. අනතුරුව ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට දිනයේ නියමිත කාලය අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි. සාන්ත පීතර විද්‍යාලයේ තාරික් සබූර් තරගය පුරාවටම කඩුලු 7ක් දවාගත්තේය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 304/6d (73): සන්තුෂ් ගුණතිලක 104, රන්මිත් ජයසේන 56, භානුක ද සිල්වා 49, පසිඳු උෂෙට්ටි 2/72.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 250/10 (68.1): අශාන් ප්‍රනාන්දු 69, රවිඳු ප්‍රනාන්දු 45, ආමන්ත පෙරේරා 39, කෙවින් පෙරේරා 30, උවින් සෙනෙවිරත්න 4/65, තාරික් සබූර් 3/31.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 67 (32.3): රවිඳු ප්‍රනාන්දු 6/34, පසිඳු උෂෙට්ටි 3/31.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම –  83/5 (18): තාරික් සබූර් 4/24.


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මේ තරගයේ අද දිනය ආරම්භ වන විට සත්කාරක සාන්ත බෙනඩික්ට්  විද්‍යාලය, සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 141ක් පසුපසින් සිටි අතර තරගය අවසන් වූයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

තවත් සුහද තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 191ක් ලබා ගත්තේ කවිඳු රණසිංහ නොදැවී ලබා ගත් ලකුණු 88*ත් සවියක් කරගෙනයි. ඊට අමතරව කවිඳු ඒකනායක ලකුණු 32යි. මලින්ද පෙරේරා ලකුණු 28කට කඩුලු 3ක් දවා ගන්නා විට කවීෂ ජයතිලක ලකුණු 57කට කඩුලු 3ක් දවා ගන්නා ලදි. එයට පිළිතුරු සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පසන් සුවහස් සිය ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 97කට දැවී ගියේය. විහඟ රුවනාර ලකුණු 52*යි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 191 (82.5): කවිඳු රණසිංහ 88*, කවිඳු ඒකනායක 32, මලින්ද පෙරේරා 3/28, කවිශ ජයතිලක 3/57.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 306/7d (90): පසන් සුවහස් 97, විහඟ රුවනාර 52*, කවීෂ ජයතිලක 39, කවින් පෙරේරා 35, කවිඳු රණසිංහ 3/76.

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 28/1 (18):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<