දික්වැල්ල හා ලසිත් අර්ධ ශතක අතරට

231

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගත ලොව ජය ගැනීමට  වෙර දරන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහාය වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් අද (29) පැවැත්විය.

ශ්‍රී ලංකා තරුණ එක්දින සංචිතය නිකුත් වේ; නායකත්වය නිපුන්ට

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ හෙට (30) ආරම්භ වන තරග පහකින් සමන්විත..

කොළඹ ඉසිපතන විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ බී. ආර්. සී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ පළමු දිනය නිමා වෙන විට සිය දෙවන ඉනීම ක්‍රීඩා කරමින් සිටි ගුරුකුල විද්‍යාලය කඩුලු 3ක් දැවී 73ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 94ක් පමණි. එහි දී රවිඳු රත්නායක ගුරුකුල විද්‍යාල පිතිකරුවන් අසරණ කරමින් ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවීමේ ප්‍රතිඵලයක් ලෙස ගුරුකුල පළමු ඉනිම එසේ අඩපණ විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලික්ෂාන් සසංග ලකුණු 26යි.

ඉසිපතන  විද්‍යාලය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 185ක් ලබාගෙන අඩු පන්දුවාර ප්‍රමාණයක් තුල ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 5ක් සමඟ ලකුණු 59ක් ලබා ගැනීමට තෙවිඳු දික්වැල්ල සමත් විය. ඊට අමතරව මධුෂික සඳරුවන් හා රවිඳු රත්නායක පිළිවෙළින් ලකුණු 33*ක් හා ලකුණු 25ක් රැස්කර ගත්තේය.

ලකුණු 91ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින නුවන් චාමර ලකුණු 20*ක් ලබාගෙන සිටින අතර පන්දු යැවීමේ දී නැවතත් ක්‍රියාත්මක වූ රවිඳු රත්නායක ලකුණු 11කට කඩුලු 3ක් සිය කඩුලු මල්ලට දවා ගත්තේ දිනය පුරාවට කඩුලු 8ක් දවා ගනිමිනි.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම –  94 (26.1): ලික්ෂාන් සසංග 26, රශ්මික මෙවන් 22, රවිඳු රත්නායක 5/29, ලිසුර විනාත් 2/21, දිනත් දිසානායක 2/22.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම –  185 (32.3): තෙවිඳු දික්වැල්ල 59, මධුෂික සඳරුවන් 33*, රවිඳු රත්නායක 25, රිෂිත සංකල්ප 5/11.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම (පළමු  දිනය අවසානයේ) – 72/3 (36): දිලීප් චාමර 22, නුවන් චාමර 20*, රවිඳු රත්නායක 3/11.

>> මාලිංග A කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙස වෙන්දේසි වේ

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මේ තරගයේ අද දිනය නිමා  වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 203ක් ලබාගත් සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව කිසිවෙක් නොදැවී ලකුණු 8ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලයේ පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා දෙමින් සහාය වූ දකුණතින් පිත්ත හසුරුවන ලසිත් වර්ණකුලසූරිය ලකුණු 50ක් ලබා ගත්තේ වර්ණවත් පිතිකරණයක නිරත වෙමිනි. ඊට අමතරව කවිඳු ඒකනායක ලකුණු 29ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයට සවියක් වූ ප්‍රවීන් කුරේ හා ටශික පෙරේරා අතරේ පිළිවෙළින් කඩුලු 4ක් හා 2ක් දවා ගැනීමට සමත් වූහ.

සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගය මොරටුව සාන්ත සෙබස්තියන් පිටියේ දී ක්‍රියාත්මක වේ.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 203 (90.3): ලසිත් වර්ණකුලසූරිය 50, කවිඳු ඒකනායක 29, ප්‍රවීන් කුරේ 4/24, ටශික පෙරේරා 2/21.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම (පළමු  දිනය අවසානයේ) – 8/0 (3):

>> එංගලන්තයට අභියෝගයක් වන ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය නම් කරයි

ධර්මරාජ විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

ධර්මරාජ විදුහල් පිටියේ පැවති මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනා සත්කාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. අයහපත් ආලෝකය නිසාවෙන් පළමු දිනයට තරගය නවතා  දමන විට මොරටු මහා විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 119ක් ලබා ගත්තේ විරාජ් කවිෂ්ක ලබා ගත් ලකුණු 33ත් සහයක් කරගෙනයි. යසිත් සමරරත්න ලකුණු 36කට කඩුලු 3යි. මේ තරගය C  කාණ්ඩයේ තරගයකි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු  දිනය අවසානයේ) – 119/6 (39): විරාජ් කවිෂ්ක 33, යසිත් සමරරත්න 3/36.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම හෙට (30) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<