ඉසිපතනය හමුවේ ද මැසනොඩ් අණසක පතුරුවයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

125
De Mazenod College

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (29) දින අවසන් විය.

ද මැසනොඩ් සහ ගුරුකුල විද්‍යාල පෙරමුණේ

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

වත්තල දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වනවිට ගුරුකුල විද්‍යාලය වැඩි ගෞරවය දිනාගෙන සිටියේ එක් කඩුල්ලක් දැවී ලකුණු 109ක් ලබා ගෙනයි. කෙසේ නමුත් දිනයේ පළමු පැය කිහිපය තුළ ක්‍රියාත්මක වූ පන්දුවාර 10කුත් පන්දු 4 තුළ ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය ආසන්නයට පැමිණියත් ඒ සීමාව ඉක්මවා යාමට ඔවුන්ගේ වාසනාව ප්‍රමාණවත් වූයේ නැත. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසයි. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළේය. 

පළමු දිනය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක තරිඳු අගනා ලකුණු 88ක් වාර්තා කරගැනීමට සමත් විය. තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස නිමා විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය: 177 (63.5) අවිශ්ක තරිඳු 88, ලික්ශාන් සසංග 2/08, ප්‍රවීන් නිමේෂ් 2/28, තුෂාර මදුශාන් 2/29,  දිලීප් චාමර 2/31. 

ගුරුකුල විද්‍යාලය: 155/4 (42.4) සසිත අශාන් 48, සිතිජ චමෝද් 46. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ධර්මරාජ – සහිරා තරගයේ පළමු ඉනිමත් සම වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත්


ඉසිපතන විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස  නිමාවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසි ඉසිපතන විද්‍යාල කණ්ඩායම පන්දුවාර 51ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 143ක් රැස්කර ගැනීමට සමත් විය. 

තරගයේ දෙවන දිනය ආරම්භ වනවිට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ද මැසනොඩ් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබාගෙන සිටියේ ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 39ක් පසුපසින් සිටිමිනි. 

අවසානයේ ඔවුන් සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගනිමින් ඉසිපතන විද්‍යාලය ලබාගත් ලකුණු 143 අභිබවා යමින් ලකුණු 50ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට ද මැසනොඩ් විද්‍යාලයට හැකි විය. එහිදී නිම්න ප්‍රනාන්දු (ලකුණු 67) සහ සහන් කෝසල (ලකුණු 33) ගොඩනැංවූ සබඳතාවය එම ලකුණු සටහන සඳහා විශාල සවියක් විය.පන්දු යැවීමේ දී ඉසිපතන විද්‍යාල දඟපන්දු යවන්නන්ට සාපේක්ෂව ඔවුන්ගේ වේගපන්දු යවන්නෝ (දිනත් දිසානායක සහ යසිරු කස්තුරිආරච්චි) කැපී පෙනෙන දස්කම් දැක්වූහ. 

තරගයේ නියමිත කාලය අවසන් වනවිට ඉසිපතන විද්‍යාලය සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කරමින් ඉතාමත් හොඳ මට්ටමක සිටියේ තෙවිඳු දික්වැල්ල ලබාගත් ලකුණු 71* ද සවියක් කරගෙනයි. කෙසේ නමුත් ඒ වනවිටත් ඉසිපතන විද්‍යාලය තරගයේ පළමු ඉනිම පරාජයට පත්ව තිබුනි. 

ඉසිපතන විද්‍යාලය: 143 (51) කවිඳු ආමන්ත 43, තෙවිඳු දික්වැල්ල 27, සිහින සිතුමිණ 5/31, ප්‍රමෝද් රාජමුනේන්ද්‍ර 3/13. සහ 88/1 (25.5) තෙවිඳු දික්වැල්ල 71*.

ද මැසනොඩ් විද්‍යාලය : 193 (64.4) නිම්න ප්‍රනාන්දු 67, සහන් කෝසල 33, දිනත් දිසානායක 4/50, යසිරු කස්තුරිආරච්චි 3/52, සවිඳු උත්සර 2/22. 

තරගය ජය පරාජයෙන් තොරයි පළමු ඉනිමේ ජය ද මැසනොඩ් විද්‍යාලයට 

ලෝක කුසලානයක් අත ළඟ; 19න් පහළ කණ්ඩායම ලොකු ගැටලුවක

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගය ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී පැවැත්වේ. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 180 (64.2) පුෂ්පිත ඩිල්ශාන් 88, කේසර නුවන්ත 26, චිරාත් නෙත්තරු 20, රන්දිව් ගුණසේකර 4/43, දිල්මින් රත්නායක 3/56, තෙවින් ඊරියගම 2/51.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 13/0 (8) `

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (30) දින දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<