ද මැසනොඩ් සහ ගුරුකුල විද්‍යාල පෙරමුණේ

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

121

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (26) දින ආරම්භ විය. 

ධර්මරාජ – සහිරා තරගයේ පළමු ඉනිමත් සම වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත්….

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය 

වත්තල දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක තරිඳු අගනා ලකුණු 88ක් වාර්තා කරගැනීමට සමත් විය. 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන්ගේ පළමු කඩුලු 6 ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුළ බිඳ වැටී ගිය නමුත් තරිඳු දියත් කළ සටන්කාමී පිතිකරණය නිසාවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම යම් ගෞරවාන්විත මට්ටමකට රැගෙන ගියේය. 

පන්දු යැවීමේ දී ලික්ශාන් සසංග,  ප්‍රවීන් නිමේෂ්, තුෂාර මදුශාන් සහ දිලීප් චාමර යන ගුරුකුල පන්දු යවන්නෝ කඩුලු 2ක බැගින් දවාගනිමින් එක හා සමාන ලෙස දස්කම් දැක්වූහ. 

කෙසේ නමුත් සාන්ත අන්තෝනි විද්‍යාලය ලබාදුන් අභියෝගාත්මක ඉලක්කය නොබියව භාරගත් ගුරුකුල විද්‍යාලය, තරගයේ පළමු දිනය නිමාවන විට වැඩි ගෞරවය දිනාගෙන සිටින්නේ එක් කඩුල්ලක් දැවී ලකුණු 109ක් ලබා ගෙනයි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සසිත අශාන් සහ සිතිජ චමෝද් පිළිවෙලින් ලකුණු 46*ක් සහ ලකුණු 43*ක් රැස්කර ගෙන කඩුල්ලේ රැඳී සිටියි. 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය : 177 (63.5) අවිශ්ක තරිඳු 88, ලික්ශාන් සසංග 2/08, ප්‍රවීන් නිමේෂ් 2/28, තුෂාර මදුශාන් 2/29,  දිලීප් චාමර 2/31. 

කැලණිය ගුරුකුල විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 109/1 (32) සසිත අශාන් 46*, සිතිජ චමෝද් 43*. 

උණුසුම් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ….


ඉසිපතන විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසි ඉසිපතන විද්‍යාල කණ්ඩායම පන්දුවාර 51ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 143ක් රැස්කර ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය අවසන් වනවිට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ද මැසනොඩ් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 104ක් ලබාගෙන සිටින්නේ ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 39ක් පසුපසින් සිටිමිනි. 

ඉසිපතන විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක කවිඳු ආමන්ත (ලකුණු 43) සහ තෙවිඳු දික්වැල්ල (ලකුණු 27) ලබාගත් ලකුණු නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 143ක් දක්වා රැගෙන එන්නට අවස්ථාව උදා විය. ඉසිපතන පළමු ඉනිම සුන්කළ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සිහින සිතුමිණ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. ප්‍රමෝද් රාජමුනේන්ද්‍ කඩුලු 3යි. 

ඉසිපතන විද්‍යාලය : 143 (51) කවිඳු ආමන්ත 43, තෙවිඳු දික්වැල්ල 27, සිහින සිතුමිණ 5/31, ප්‍රමෝද් රාජමුනේන්ද්‍ර 3/13. 

ද මැසනොඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 104/4 (33) නිම්න ප්‍රනාන්දු 39*, සහන් කෝසල 28*, යසිරු කස්තුරිආරච්චි 2/28. 

පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරග හෙට (29) දින දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<