අවිශ්ක – අරින්ද සාන්ත අන්තෝනි විද්‍යාලයට වාසිය ගෙනේ

201

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුහද තරගයක් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්විය. එම තරගය අද (28) නිමාවට පත්වූයේ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට එහි පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

ප්‍රබල තුරුම්පු කිහිපයක් නවසීලන්ත තරගාවලියට සූදානමින්

පසුගිය දා නිමා වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර ද ශ්‍රී ලංකා ක්‍රිකට්….

කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා සත්කාරකයෝ පළමුව පන්දුවට පහර දීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට ආරාධනා කළහ.

සාන්ත අන්තෝනි විද්‍යාලයේ දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක තරිඳු (109) හා වමතින් පිත්ත හසුරුවන අරින්ද පසිඳු (87) ඔවුන්ගේ විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කරමින් ඉතාමත් සාර්ථක ලකුණු සහිත සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවයේ සවියෙන් සාන්ත අන්තෝනි විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 281ක් දක්වා ඔසවා තැබුවේ සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලයට දැඩි පීඩනයක් ලබා දෙමිනි.

අවිශ්ක සහ හරිඳු නොදැවුණු ලකුණු 194ක සබඳතාවක්

දකුණත් පිතිකරු අවිශ්ක තරිඳුගේ ශතකයත්, වමත් පිතිකරු හරිඳු පසිඳුගේ අර්ධ ශතකයක් හේතුවෙන් ….

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත සෙබස්තියන් විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය ලබාගත් ලකුණු 281ට පිළිතුරු ලෙස සියල්ලන්ම දැවී රැස්කරගත්තේ ලකුණු 192ක් වන අතර එහි දී ඩිල්ශාන් මදුසංක ලබා ගත් ලකුණු 70 සහ දුලාජ් අශේන් ලබා ගත් ලකුණු 38 එවැනි මට්ටමකට හෝ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිම ඔසවා තැබීමට ඔවුන්ට සහය විය. පන්දු යැවීමේ දී දොන් රොමේෂ් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලකුණු 89ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත අන්තෝනි විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 20ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 281 (125.5): අවිශ්ක තරිඳු 109, අරින්ද පසිඳු 97, සිතුම් අකලංක 4/72, දීමන්ත සිල්වා 2/40.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පළමු ඉනිම – 192 (66): ඩිල්ශාන් මදුසංක 70, දුලාජ් අශේන් 38, දොන් රොමේෂ් 4/18, කවිශ දුලංජන 4/22

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 20/4 (6.2):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<