ත්‍රිත්ව සහ ඩී. එස්. අමතක නොවන ජයග්‍රහණ හිමිකර ගනියි 

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20 

104

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (28) දින ආරම්භ වූ අතර තවත් තරග කිහිපයක් සාර්ථකව නිමා විය. 

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනක් තිබෙන වසරක.

නිමාව දුටු තරග පහ අතුරින් ඩී. එස්. සේනානායක – මාරිස් ස්ටෙලා විද්‍යාල අතර පැවති තරගය සහ ත්‍රිත්ව – රිච්මන්ඩ් විද්‍යාල අතර පැවති තරග කැපී පෙනුන තරග බවට පත්වූයේය. 

  • දෙවන දිනයට පැවති තරග

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 147 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම සමත් වූහ. කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ ඩී. එස්. සේනානායක විද්‍යාලය පනාගොඩ යුද හමුදා පිටියේ දී පළමුව පන්දුවට පහර දෙමින් දැවැන්ත ලකුණු පුවරුවක් වෙත ඇදී ගියේ කඩුලු 5 ක් දැවී ලකුණු 463 ක් රැස්කර ගෙනයි. 

එහිදී නායකත්වයේ පිතිකරණයක නිරත වූ මුදිත ලක්ෂාන් ලකුණු 190 ක් රැස්කර ගනිමින් සුපිරි පිතිකරණයක නිරත විය. ඊට අමතරව අභිෂේක් ලියනාරච්චි, අමිත දාබරේ සහ චමත් යටවර අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. එම යෝධ ලකුණු පුවරුවට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට තම පිළිතුරු ඉනිම් දෙක තුළම ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 316 ක් පමණි. ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් තරගය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ මනේන්ද්‍ර ජයතිලක කඩුලු 8 ක් දවා ගන්නා විට, පිතිකරණයෙන් දස්කම් දැක්වූ මුදිත ලක්ෂාන් පන්දු යැවීමේ දීද කඩුලු 6 ක් දවා ගත්තේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : 463/5d (65) මුදිත ලක්ෂාන් 190, අභිෂේක් ලියනාරච්චි 68, අමිත දාබරේ 66, චමත් යටවර 51*, ටිරෝන් බාස්කරන් 38, තිලින පෙරේරා 3/139. 

මාරිස් ස්ටෙලා විද්‍යාලය : 107 (37.4) චමිඳු වීරවංශ 37, මනේන්ද්‍ර ජයතිලක 4/20, මුදිත ලක්ෂාන් 4/20. සහ F/O 209 (39.3) ෂේන් ආධිත්‍ය 64, ආමන්ත පෙරේරා 50, මනේන්ද්‍ර ජයතිලක 4/41 අමිත දාබරේ 2/27, මුදිත ලක්ෂාන් 2/73.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 147 ක ජයක් හිමි විය. 


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 10 ක ජයක් හිමි වූ මෙම තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ අතර කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම ලකුණු 110 කට සීමා කරගත් උවිඳු විමලධර්ම ඇතුළු ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයින් ඔවුන්ගේ පළමු පිළිතුරු ඉනිම වෙනුවෙන් ලකුණු 211 ක සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කරන ලදි. එහිදී උමෙයිර් රයිසාන් සහ තෙවින් අමරසිංහ අර්ධ ශතක ලබා ගත්හ. තරින්ද නාමල් කඩුලු 4 යි. 

ත්‍රිත්ව විද්‍යාලයට වඩා ලකුණු 101 ක් පසුපසින් සිටිමින් තම දෙවන ඉනිම ආරම්භ කළ රිච්මන්ඩ් ක්‍රීඩකයින්, ඔවුන්ගේ පළමු ඉනිමේ අඩුපාඩු හැකිතාක් මට්ටමකට අවම කරගනිමින් පිතිකරණයේ නිරත වීමට වෑයම් කළේය. නමුත් රනුද සෝමරත්න සහ උවිඳු විලමධර්මගේ ක්‍රියාත්මක වීමත් සමඟම සත්කාරකයින්ගේ එම වෑයම ව්‍යර්ථ වී ගියේ ත්‍රිත්ව විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 4 ක පහසු ඉලක්කයක් හිමිකර දෙමිනි. එම ඉලක්කය පන්දු 6 ක් තුළ සපුරා ගැනීමට සංචාරක ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. 

රිච්මන්ඩ් විද්‍යාලය : 110 (46.2) තවීෂ අභිෂේක් 26, සඳුන් මෙන්ඩිස් 24, උවිඳු විමලධර්ම 4/39, අභිෂේක් ආනන්දකුමාර් 2/04, තෙවින් අමරසිංහ 2/13, රුවින් පීරිස් 2/23. සහ 104 (44) තවීෂ අභිෂේක් 23, රනුද සෝමරත්න 4/39, උවිඳු විමලධර්ම 3/23, රුවින් පීරිස් 2/04. 

ත්‍රිත්ව විද්‍යාලය : 211 (68) උමෙයිර් රයිසාන් 51, තෙවින් අමරසිංහ 50, දිනිත සිරිවර්ධන 24, ජෙෆ් වීරසිංහ 24, තරින්ද නාමල් 4/52, සඳුන් මෙන්ඩිස් 3/48 සහ 4/0 (1)

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 10ක ජයක් හිමි විය. 

නාලන්දාවට දැවැන්ත ජයක් හිමි වන විට මහානාමයට කාලය හරස් වෙයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්………..

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. පළමුව පන්දුවට පහරදුන් ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 173 ක් රැස්කර ගත්තේ හිරුෂ ජීවජිත් වාර්තා කළ අර්ධ ශතකය ද සවියක් කර ගෙනයි. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සුධීර වීරරත්න ලකුණු 57 කට කඩුලු 6 ක් දවා ගනිමින් දස්කම් දැක්විය. 

සාන්ත තෝමස් විද්‍යාලය රැස්කර ගත් ලකුණු 173 ට පිළිතුරු ලෙස දේවපතිරාජ විද්‍යාලයට ඔවුන්ගේ මුල් ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 68 ක් පමණි. එම නිසා ඔවුන්ට නැවත වරක් පන්දුවට පහර දීමට සාන්ත තෝමස් විද්‍යාලය අවස්ථාව ලබාදුනි. එම ඉනිමේ දී ඔවුන්ගේ පළමු ඉනිමට වඩා යම් පැහැදිලි සාර්ථකත්වයක් ලබා ගත් දේවපතිරාජ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 205 ක් රැස්කර ගෙන ඉනිම අත්හිටුවන ලද්දේ ලකුණු 101 ක ජයග්‍රාහී ඉලක්කයක් සිය ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. 

කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 21 ක් පමණි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 173 (58.1) හිරුෂ ජීවජිත් 52, වොෂිත අත්සර 45, සචිර රශ්මික 39, සුධීර වීරරත්න 6/57, ඉරුෂික තිමිර 3/35. සහ 21/0 (12) 

දේවපතිරාජ විද්‍යාලය : 68 (32.1) සුධීර වීරරත්න 38, සිනෙත් සිතාර 7/18, සචිර රශ්මික 3/17. සහ F/O 205/8d (100) කල්ප චේතිය 71, සුදීර වීරරත්න 57, පවන් සංදේශ 20, සිනෙත් සිතාර 4/53, සචිර රශ්මික 2/82, සෙනුර පෙරේරා 2/27. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය සාන්ත තෝමස් විද්‍යාලයට) 


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස ධර්මරාජ විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දුන් අතර තරගය නිමා වූයේ ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දෙමිනි. 

>>Photos: Dharmaraja College vs Prince of Wales College – U19 Cricket Tournament 2019/20<<

වේල්ස් කුමර විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු 165 ට පිළිතුරු දුන් ධර්මරාජ විද්‍යාලය පන්දුවාර 88 කුත් පන්දු 4 ක් සඳහා මුහුණ දෙමින් කඩුලු 5 ක් දැවී ලකුණු 270 ක් වාර්තා කරගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. ඒ ලකුණු 105 ක පළමු ඉනිමේ වාසියක් ද සහිතව යි. එහිදී නොදැවුනු ඉනිමක් දියත් කළ ඉසුරු දයානන්ද හතරේ පහර 15 ක් එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කරගන්නා ලදි. 

තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට සිය දෙවන පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 137 ක් රැස්කර ගෙන තිබුණි. 

වේල්ස් කුමර විද්‍යාලය : 165 (71.5) ඩිනුර ප්‍රනාන්දු 39, රවිඳු ජනිත් 36*, ලක්ෂාන් පෙරේරා 25, කාවින්ද ද මෙල් 22, සහන් සිරිවර්ධන 3/31, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/38, යසිත සමරත්න 2/39. සහ 137/4 (34) විනුජ රන්පුල් 44, දිනුර ප්‍රනාන්දු 43. 

ධර්මරාජ විද්‍යාලය : 270/5d (88.4) ඉසුරු දයානන්ද 100*, දිනුක පතිරාජ 45, ජනිත් ගුණතුංග 39*, දුලාජ් බණ්ඩාර 23, කාවින්ද ද මෙල් 3/68.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය ධර්මරාජ විද්‍යාලයට) 


කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

මලියදේව ක්‍රිකට් පිටියේ දී පැවති C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය. 

පළමුව පන්දුවට පහරදුන් මලියදේව විද්‍යාලය වෙනුවෙන් බ්‍රයන් කරුණානායක රැස්කර ගත් ලකුණු 41 සවියක් කරගනිමින් සියල්ලන්ම දැවී ලකුණු 190 ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. පන්දු යැවීමේ දී ශෂික බස්නායක කඩුලු 5 ක් දවා ගන්නා ලදි. 

එයට පිළිතුරු දුන්  සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 135 ක් වන අතර පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ මලීෂ සිල්වා ලකුණු 56 ක් වාර්තා කරගත්තේය. 

ලකුණු 55 ක පළමු ඉනිමේ වාසියක් සමඟ සිය දෙවන ඉනිම දියත් කළ මලියදේව ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලකුණු 135 ක් වාර්තා කරගෙන සිය ඉනිම අත්හිටුවන ලද්දේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ලකුණු 191 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමිනි. නමුත් තරගයේ නියමිත වේලාව අවසානයේ දී කඩුල්ලක් දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 57 ක් පමණි.  

මලියදේව විද්‍යාලය : 190 (66.1) බ්‍රයන් කරුණානායක 41, ශාලුක අතපත්තු 38, ගයන වීරසිංහ 26, ජයමිණ මුතුකුමාරණ 24, මතීෂ වීරසිංහ 24, ශෂික බස්නායක 5/56, මලීෂ සිල්වා 2/25, කසුන් එදිරිතිලක 2/25. සහ 135/7d (54) බ්‍රයන් කරුණානායක 50*, මුදිත ප්‍රේමදාස 29, අභිෂේක් කුමාර් 2/10, කසුන් එදිරිතිලක 2/23, ශෂික බස්නායක 2/68. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 135 (51.4) මලීෂ සිල්වා 56, සකිඳු විජේරත්න  4/26, හසිඳු රුවන්පුර 3/22. සහ 57/1 (20) කසුන් එදිරිතිලක 36*. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (පළමු ඉනිමේ ජය මලියදේව විද්‍යාලයට) 

ලොහාන් සහ රුවින් පන්දු යැවීමෙන් මැජික් පෙන්වයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්…………

  • පළමු දිනයට පැවති තරගය 

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

සාන්ත බෙනඩික්ට් ක්‍රිකට් පිටියේ දී පැවති A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. 

ඒ අනුව පළමුව පිතිකරණයේ නිරත වූ රාජකීයයන් පන්දුවාර 46 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 109 ක් පමණි. රාජකීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස කවිඳු චතුරංග ලකුණු 64 ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේ දී අකිඳු කරුණාරත්න සහ ඔනිල පතිරණ කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය. 

දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් රැස්කර ගෙන සිටියි. 

රාජකීය විද්‍යාලය : 109 (46.1) කවිඳු චතුරංග 64, අකිඳු කරුණාරත්න 3/36, ඔනිල පතිරණ 3/34, විහඟ රුවනාර 2/05.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 122/9 (46) තේනුක නන්දලාල් 27, සනෝජ් පෙරේරා 27, ප්‍රශාන් කල්හාර 4/37, ඩිල්ශාන් බාලසූරිය 3/29.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (29) දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<