කොළඹ තර්ස්ටන් හා සාන්ත සර්වේසස් විද්‍යාල ජය ගනී

241

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27) පැවති තරග ජයග්‍රහණය කිරීමට සමත් විය. සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරනු ලබයි.  

තර්ස්ටන් විද්‍යාලයේ බවන්තගෙන් ශතකයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) පැවැත්විය.

තර්ස්ටන් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ අද දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 10ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසු වූ අතර තරගය අවසන් වූයේ තර්ස්ටන් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 118ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 72යි පන්දු 4ක් තුල ලකුණු 248ක් දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන ගියේය. එහි දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් බවන්ත ජයසිංහ දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් වාර්තා කළ අතර ශාලක බණ්ඩාර හා ප්‍රසන්න පුෂ්පකුමාර පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 26ක් ලබා ගත්හ.

සාන්ත අන්තෝනි විද්‍යාල ඉනිම ලකුණු 26ක් වැනි ඉතාමත් අඩු ලකුණකට සීමා කළ තර්ස්ටන් පන්දු යවන්නෝ ඔවුන්ගේ දෙවන ඉනිම ද ලකුණු 104 නවතා දැම්මේ තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි.

පන්දු යැවීමේ දී තරගය පුරාවට සිය දස්කම් දැක්වූ අයේෂ් හර්ෂණ හා සඳරු ඩයස් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 248 (72.4): බවන්ත ජයසිංහ 107, ශාලක බණ්ඩාර 28, ප්‍රසන්න පුෂ්පකුමාර 26, රනේෂ් සිල්වා 21, අශේන් මලිත් 5/60, රොමේෂ් සුරංග 2/41, පැතුම් විහඟ 2/72.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 26 (21.4): සඳරු ඩයස් 3/00,  අයේෂ් හර්ෂණ 2/07, බවන්ත ජයසිංහ 2/09.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම (F/O) – 104 (45.5): සංකිත හිරුශාන් 29*, අයේෂ් හර්ෂණ 4/19, සඳරු ඩයස් 3/48,

බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය අවසන් කරමින් ඊයේ (26) අබුඩාබි ශෙයික් ෂායෙඩ් ක්‍රීඩාංගණයේ දී පැවති පාකිස්තානය සහ බංග්ලාදේශ අතර තරගයෙන් පාකිස්තානය…

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිමාව දුටු මේ තරගය කඩුලු 8කින් ජය ගැනීමට සත්කාරක සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් විය.

ඊයේ (26) දිනය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 147ක් පසුපසින් සිටි අතර සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 150ක් ලබා ගත්තේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයට තවදුරටත් තරගයේ වාසිය හිමිකර දෙමිනි.

C කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී දෙවන ඉනිම ක්‍රියාත්මක කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අනපේක්ෂිත ලෙස ලකුණු 58කට සියල්ලන්ම දැවී යාම නිසා සාන්ත සර්වේසස් විද්‍යාලය දෙසට මේ තරගයේ වාසිය පෙරලා දීමට කේෂර හා නවීන් සමත් වූයේ පිළිවෙළින් කඩුලු 5ක් හා කඩුලු 4ක් දවා ගනිමිනි. පසුව ලකුණු 77ක ඉලක්කයක් හඹා ගිය සාන්ත සර්වේසස් විද්‍යාල කණ්ඩායම පන්දුවාර 13ක් තුල සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 168 (73.3): කවිඳු දිල්හාර 36, මනුෂ්ක සමිත් 31, සංදීප චමෝද් 23, චේතක දෙනුවන් 4/30, නවීන් ශහීඩ් 3/29.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 150 (47.5): පුෂ්පිත ඩිල්ශාන් 42, රිසිර ලක්වින් 38, කේෂර නුවන්ත 24,  මනුෂ්ක සමිත් 4/44, ශනුක නිකේෂල 3/33.

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම – 58 (40): සංදීප චමෝද් 18, කේෂර නුවන්ත 5/19, නවීන් ශහීඩ්  4/25.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම – 77/2 (13):

මැතිව්ස්ව දංගෙඩියට යැවීමෙන් ප්‍රශ්න ඔක්කොම විසඳෙයි ද?

වසර එකහමාරක් වැනි කාල සීමාවක දී ක්‍රීඩකයින් 43 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එක්දින කණ්ඩායමට තෝරමින් ක්‍රිකට් පහළට හෙළුවේ යැයි චෝදනා ලත් සනත් ජයසූරිය ප්‍රමුඛ හිටපු …

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

කටුනේරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ජය පරාජයෙන් තොරව අවසන් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන්  ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 292ක් රැස්කරගත් අතර සදසය කල්ප, දිනිත් නෙලුම්දෙණිය හා ඉරංග හෂාන් අර්ධ ශතක වාර්තා කළහ.

තරගයේ දෙවන දිනය වූ අද පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබාගෙන සිටි අතර එම ඉනිම ලකුණු 127කට සීමා කිරීමට දිනිත් නෙලුම්දෙණිය ඇතුළු ජනාධිපති විද්‍යාල පන්දු යවන්නන් සමත් විය. අනතුරුව නැවතත් සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාල කණ්ඩායම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කරගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමිනි.  

චමෝද් ප්‍රනාන්දු හා  අශේන් තමිල් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ගැලවුම්කරුවන් වෙමින් ලකුණු රැස් කළේය.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 292 (83.3): සදසය කල්ප 78, දිනිත් නෙලුම්දෙණිය 64, ඉරංග හෂාන් 55, අවිඳු ප්‍රේමරත්න 5/86.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 127 (55.1): සොහාන් අනුරුද්ධ 21, දිනිත් නෙලුම්දෙණිය 4/18.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම (F/O) –149/8 (61): චමෝද් ප්‍රනාන්දු 57, අශේන් තමිල් 33*, දිනිත් නෙලුම්දෙණිය 3/44, ටශික නිර්මාල් 2/28, ඉරංග හෂාන් 2/39.

ලුම්බිණි විද්‍යාලය හා මොරටු මහා  විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මේ සුහද තරගය මොරටු විදුහල් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් ලුම්බිණි ක්‍රීඩකයින් පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 109ක් ලබා ගන්නා විට තරගයේ පළමු දිනය අවසානයේ සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 6ක් රැස්කර ගැනීමට සමත් විය.

මොරටු විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් මධුශාන් දිලක්ෂණ වර්ණවත් පිතිකරණයක නිරත වූයේ ලකුණු 63ක් ලබා ගනිමිනි. වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රවිෂ්ක විජේසිරි ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කළේය.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 109 (38.3): ශවින්ද ගම්ලත් 31, සදුනිල් සංකල්ප 30, විනුර නිපුන් 4/43, රෂාන් කවිෂ්ක 2/03, නාදිත මිශේන්ද්‍ර 2/23.

මොරටු මහා  විද්‍යාල පළමු ඉනිම – 98 (38.1): මධුශාන් දිලක්ෂණ 63, රවිෂ්ක විජේසිරි 3/36, ශවිංග ගම්ලත් 2/09, ප්‍රභාත් මධුසංක 2/16.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 6/1 (9):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (28) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<