ලක්ෂිත, දිලුම් හා මහිෂ පාසල් ක්‍රිකට් පිටිය ඔප දමයි

796

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් ඊයේ (27) දින පැවැත්වූ අතර ඒ තරග අතරින් නාලන්දා විද්‍යාලය,  රිච්මන්ඩ් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ තහවුරු කර ගන්නා ලදි.

දුනිත් ජයතුංග හා විනුර දුල්සර ශතක අතරට

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු..

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

‘D කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගය ඊයේ (27) රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් අවසන් වූ අතර මේ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 185ක් ලබාගෙන සිටියේය.

ඉන්පසුව දිමුත් සඳරුවන් නොදැවී ලබාගත් සුපිරි ශතකය හා දිලුම් සුධීර ලබාගත් වටිනා අර්ධ ශතක ඉනිමත් සමඟින් සවිමත් වූ රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 270ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය ලබා ගත් ඒ ලකුණු ප්‍රමාණයට පිළිතුරු දුන් තර්ස්ටන් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 89ක් පමණි. එහි දී තර්ස්ටන් පිතිකරුවන් පාලනය කළ දිලුම් සුධීර සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් ලකුණු 12කට කඩුලු 5ක් දවා ගත්තේය. පසුව නැවතත් සිය දෙවන ඉනිම දියත් කළ තර්ස්ටන් විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 65ක් ලබා ගන්නා ලදි.

මේ තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා විය.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 270/4d (64): දිමුත් සඳරුවන් 101*, දිලුම් සුදීර 80, ආධිත්‍ය සිරිවර්ධන 24, විනුජ කිරිඇල්ල 23

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 89 (28): සනුත් නන්දිනු 37, දිලුම් සුධීර 5/12, සුගීත් නිම්නාද 4/28.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 65/4 (19):

කමිඳුට ජාත්‍යන්තර වරම්; ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-1ක් ලෙස…


සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

සුහද තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවති මේ තරගය නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකරගත් නාලන්දා විද්‍යාලය සත්කාරක සාන්ත සෙබස්තියන් පළමු ඉනිම  ලකුණු 241කට සීමා කළේය. ඊයේ දිනයට නාලන්දා පිතිකරුවන් පිටියට පිවිසෙන විට ඔවුන් කිසිවෙක් නොදැවී ලකුණු 29ක් ලබාගෙන සිටින ලදි.

වමතින් පිත්ත හසුරවන ලක්ෂිත රසාංජන හා එක්වූ මහිම වීරකෝන් හා මෝක්ෂ සංකල්ප  යන දෙදෙනාම අර්ධ ශතක ලබාගෙන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලක්ෂිත දියත් කළ සුපිරි හා වටිනා ශතක ඉනිමට සහය විය. අවසානයේ නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන කඩුලු 7ක් දැවී ලකුණු 411ක් ලබාගෙන සිටිය දී තරගය  කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 241 (52.4): දුනිත් ජයතුංග 116, නිෂිත අභිලාෂ් 35, රනිඳු ද සිල්වා 3/48, කවිෂ් මදුරප්පෙරුම 4/47.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 411/7 (93): ලක්ෂිත රසාංජන 157, මහීම වීරකෝන් 63,  මෝක්ෂ සංකල්ප 59*,  ජයෝද් කල්දේරා 34, රවිඳු ද සිල්වා 30, ශෂික පෙරේරා 3/59, විනුජ රණසිංහ 2/98.


මරදාන සහිරා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාල පිටියේ දී පැවති මේ තරගයේ පළමු දිනය (26) අවසන් වෙද්දී සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 213ක් ලබාගෙන සිටියේය. පසුව ඔවුන්ගේ ඉනිමේ අර්ධ ශතක ලාභීන් වූ කවීෂ ජයතිලක හා  මහිෂ තික්ෂණ දැවී ගිය පසුව සිය පළමු ඉනිමට තිත තැබීමට බෙනඩික්ට් විද්‍යාලය තීරණය කරන ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 264ට පිළිතුරු දුන් සහිරා විද්‍යාලය සිය එක් ඉනිමක් හා දෙවන ඉනිමේ අර්ධයක් නිමා කරගෙන හෝ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිමේ ලකුණු ප්‍රමාණය සමකර ගැනීමට නොහැකි විය.

සහිරා විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් දකුණතින් පිත්ත හසුරුවන මොහොමඩ් රිෆාත් ලකුණු 30ක් ලබා ගත්තේය. දකුණතින් පිට දඟපන්දු යවන මහිෂ තික්ෂණ පිතිකරණයෙන් ලබා ගත් අර්ධ ශතකයට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 4ක් දවා ගත්තේ සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමිනි.

මේ තරගය පාසල් ක්‍රිකට් පිටියේ සුහද තරගයක් ලෙස නිමාව දුටුවේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 264/8d (76): කවීෂ ජයතිලක 84, මහිෂ තික්ෂණ 64, කවිරු පෙරේරා 42, මොහොමඩ් මාධි 4/76.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 107 (41.2): මොහොමඩ් රිෆාත් 30, මහිෂ තික්ෂණ 4/31.

සහිරා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 46/5 (20):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<