උණුසුම් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

155

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර අද (27) දින අවසන් වූ තරගය දෙපිලටම ජය ගැනීමට අවකාශ තිබූ නමුත් තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. කෙසේ නමුත් මේ තරගයේ පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනා ගැනීමට සත්කාරක ලුම්බිණි විද්‍යාලය සමත් විය. 

ධර්මරාජ – සහිරා තරගයේ පළමු ඉනිමත් සම වෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (26) දින…

D කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (26) දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

ඒ අනුව පළමුව පිටියට පිවිසි ආනන්ද විද්‍යාලය පන්දුවාර 42කුත් පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 122ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී දෙනෙත් නිස්සංක නොදැවී ලකුණු 38*ක් ලබා ගනිමින් ආන්නද විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර වෙනත් කිසිඳු ආනන්ද පිතිකරුවෙකු හට නිස්සංක ලබාගත් ලකුණු ප්‍රමාණය ඉක්මවා ලකුණු වාර්තා කර ගැනීමට හැකියාව ලැබුනේ නැත. 

Photos: Ananda College vs Lumbini College – U19 Cricket Tournament 2019/20

එම ඉනිමට පිළිතුරු දුන් ලුම්බිණි විද්‍යාලය, ආනන්ද විද්‍යාල පළමු ඉනිම අභිබවා ලකුණු රැස්කර ගනිමින් ඉදිරියට පැමිණියේ ටශික නිර්මාල් ලබාගත් ලකුණු 64 ද සවියක් කරගෙනයි. ඊට අමතරව ගිම්හාන් තීක්ෂණ සහ සහන් කෞශල්‍ය පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 25ක් ලබා ගනිමින් පළමු ඉනිමේ ජය තහවුරු කර ගැනීම වෙනුවෙන් ලුම්බිණි විද්‍යාලයට සවියක් විය.  

ආනන්ද විද්‍යාල පළමු ඉනිමට එතරම් බලපෑමක් කිරීමට නොහැකි වූ යුගාත්, ආනන්ද විද්‍යාල දෙවන ඉනිම සුනු විසුනු කරමින් කඩුලු 4ක් දවා ගැනීම නිසා ආනන්ද දෙවන ඉනිම ද එතරම් දිගු ඉනිමක් බවට පත් වූයේ නැත. කෙසේ නමුත් තරගයේ පළමු ඉනිම තුළ ලුම්බිණි විද්‍යාලය ලබාගත් ලකුණු 36ක වාසිය නිසාවෙන් ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 82ක් පමණි. 

පන්දුවක් වැදී හිස්කබල සෙලවීමක් වුනාම තිබෙන නීතිවල වැදගත්කම

Concussion Substitute නැතහොත් පන්දුවක් වැදීමෙන් හිස්කබල සෙලවීමක් වූ පසුව වෙන්නේ…

ලුම්බිණි විද්‍යාලයට දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් තවත් පන්දුවාර 22ක් තුළ එම ලකුණු 82ක ඉලක්කය හඹා යාම සඳහා වැඩි අවස්ථාවක් තිබූ නමුත් වේගවත් ලෙස ලකුණු රැස්කර ගැනීමට දැරූ වෑයම සහ අයහපත් ආලෝක තත්වය නිසාවෙන් ආනන්ද විද්‍යාලයට මෙම තරගය යම් මට්ටමකින් අවසන් කර ගැනීමට හැකි විය. 

මෙම තරගය පුරාවට පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ ටශික නිර්මාල් ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 7ක් දවාගෙන සිය තුන් ඉරියව් දස්කම් පෙන්නුම් කරන විට, ආනන්ද විද්‍යාලය වෙනුවෙන් වමතින් දඟපන්දු යවන ඉසුරු අයේෂ් කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය. 

ආනන්ද විද්‍යාලය : 122 (42.5) දෙනෙත් නිස්සංක 38*, ටශික නිර්මාල්  4/31, රමේෂ් මදුසංක 3/59. සහ 119 (43.4): සුදීප අගලුගහ 35, මහෝෂධ ප්‍රනාන්දු 20, යසිරු යුගාත් 4/26, ටශික නිර්මාල් 3/31.

ලුම්බිණි විද්‍යාලය : 158 (40.4) ටශික නිර්මාල් 64, ගිම්හාන් තීක්ෂණ 37, සහන් කෞශල්‍ය 25, ශෂික උමයංග 5/46, ඉසුරු අයේෂ් 4/48. සහ 68/7 (16): රවිඳු රසංක 21, ඉසුරු අයේෂ් 5/25.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<