පන්දු යවන්නන් ලුම්බිණි ජය ඉක්මන් කරයි

107

මහා ක්‍රිකට් තරග උණුසුම ආරම්භ වීමත් සමඟ වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ  සුහද තරග කිහිපයක්ම අදත් (27) දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්විය.

මලියදේව පිතිකරණය රිච්මන්ඩ් ක්‍රීඩකයන් රිදවයි

මහා ක්‍රිකට් තරග උණුසුම ආරම්භ වීමත් සමඟ වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම…

කොළඹ ලුම්බිණි විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

කොළඹ BRC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම ඉනිමේ පහසු ජයක් ලබා ගැනීමට ලුම්බිණි විද්‍යාලයේ ක්‍රීඩකයන් සමත් විය. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ප්‍රභාෂණ  ගම්ලත් ලකුණු 49ක් ලබා ගත්තේය. ඉන් නොනැවතුණු ලුම්බිණි ක්‍රීඩකයන් පූර්ණ ජය සොයා ගියේ ඉන් පසුවය.

ලුම්බිණි ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා ජෝසප් වාස් ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම ලකුණු 86ට සීමා විය. මෙහි දී ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන්  මදුරම්ය විජේසිරි කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ජයග්‍රහණය සඳහා ලකුණු 44ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයන් කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසුකර ගියේය. ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ප්‍රභාෂණ  ගම්ලත් නොදැවී ලකුණු 26ක් රැස් කරන ලදි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 121 (33.1) නිපුන් ධනංජය22, ඔනෙල් ඉලන්ගසේකර 20, රවිදු රසන්ක 3/08, මදුශංක සිරිනන්ද 2/23, මදුරම්ය විජේසිරි 2/46

ලුම්බිණි විද්‍යාලය 166 (77.2) ප්‍රභාෂණ  ගම්ලත් 49, තරුෂ නිම්හාර 34, නිපුන් ධනංජය 6/43

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 86 (23.4) අචින්ත දේශන 23 කනිෂ් ක ගමගේ 20, මදුරම්ය විජේසිරි 5/42, රවිදු රසන්ක 3/20,

ලුම්බිණි විද්‍යාලය  44/0 (9.2) ප්‍රභාෂණ  ගම්ලත් 26*

සාන්ත පීතරයින් සටන අත්නොහරී

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක්…


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ අද දින ආරම්භ වූ මෙම තරගය කාසියේ වාසිය දිනා ගත් මලියදේව ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබූ අතර මලියදේව ක්‍රීඩකයන් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 153ක් රැස් කළ අතර එම ඉනිම ශක්තිමත් කිරීමට බ්‍රයන් කරුණානායක ලකුණු 84ක් තම පිත්තෙන් ලබා දෙනු ලැබීය. පන්දු යැවීමේ දී උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 5ක් බිඳ හෙලන ලදි.

අශාන්ගේ ශතකය වතුරේ යද්දී චන්දි, උඩවත්ත NCC දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකටි සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය…

තම ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයන් දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 131 රැස් කරගෙන සිටී. මෙහි දී පිතිකරණයේ දී යසිත් සමරරත්න ලකුණු 36ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී මදුරංග නවීන් කඩුලු 2ක් බිඳ හෙලන ලදි.

මලියදේව විද්‍යාලය – 153 (43) බ්‍රයන් කරුණානායක 84, සුපුන් සුමනරත්න 26, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 5/32, තුෂාන් බණ්ඩාර 2/33

ධර්මරාජ විද්‍යාලය – 131/5 (39.5) යසිත් සමරරත්න36, සචින්ත සේනානායක 22, මදුරංග නවීන් 2/41

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<