නාලන්දාවට දැවැන්ත ජයක් හිමි වන විට මහානාමයට කාලය හරස් වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

107

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (27) දින ආරම්භ වූ අතර තවත් තරග කිහිපයක් සාර්ථකව නිමා විය. 

ලොහාන් සහ රුවින් පන්දු යැවීමෙන් මැජික් පෙන්වයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ…..

නිමාව දුටු තරග හතර අතුරින් නාලන්දා – ධර්මාශෝක විද්‍යාල අතර පැවති තරගය සහ ගුරුකුල – මහානාම විද්‍යාල අතර පැවති තරග කැපී පෙනුන තරග බවට පත්වූයේය. 

දෙවන දිනයට පැවති තරග 

කොළඹ නාලන්දා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

ධර්මාශෝක විද්‍යාලයේ දුර්වලතාවය සහ නාලන්දා විද්‍යාලයේ දක්ෂතා නිසාවෙන් නාලන්දා විද්‍යාලයට ලකුණු 86 ක ජයක් හිමිවූ මෙම  තරගය සුහද කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්දා විදුහල් පිටියේ දී නිමා විය.  

තරගයේ පළමු දිනය වූ ඊයේ (26) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මාශෝක විද්‍යාලය කඩුලු 7 ක් දැවී ලකුණු 87 ක් රැස්කර ගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවූ අතර ඔවුන්ගේ පළමු ඉනිම අද උදෑසනම අවසන් කිරීමට නාලන්දා පන්දු යවන්නෝ සමත් වූහ. 

Photos: Nalanda College Vs Dharmashoka College | U19 Cricket Tournament 2019/20

ලකුණු 84 ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කළ නාලන්දා ක්‍රීඩකයින් සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 117 ක් රැස්කර ගෙන සිය ඉනිම අත්හිටුවන ලද්දේ ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 202 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමිනි. එහිදී නායකත්වයේ පිතිකරණයක නිරත වූ අවිශ්ක පෙරේරා ලකුණු 67ක් වාර්තා කිරීමට සමත් විය. 

අනතුරුව පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය තරගය බේරාගැනීමේ අරමුණ ඇතිව පන්දුවට පහර දුන් නමුත් ඔවුන්ගේ දෙවන ඉනිමේ නියමිත කඩුලු 10 රැක ගැනීමට නොහැකි විය. පන්දු යැවීමේ දී තරගය පුරවට දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමෝද්‍ය රාජපක්ෂ කඩුලු 9 ක් දවා ගනිමින් නාලන්දා විද්‍යාලයට සවියක් විය. 

නාලන්දා විද්‍යාලය : 210 (67.2) රවීන් ද සිල්වා 82, ලක්ෂාන් මායාදුන්නේ 37, රනිඳු ද සිල්වා 27, අවිශ්ක පෙරේරා 25, ලොහාන් අරෝෂණ 7/52. සහ 117/5d (26.3) අවිශ්ක පෙරේරා 67, රනිඳු ද සිල්වා 23, ලොහාන් අරෝෂණ 2/39. 

ධර්මාශෝක විද්‍යාලය : 126 (41.1) සසිඳු මල්ෂාන් 34, ලොහාන් අරෝෂණ 26, චමෝද්‍ය රාජපක්ෂ 3/23, ජිතේෂ් වාසල 2/26, මහීම වීරකෝන් 2/34. සහ 115 (41.4) සනුල ගුණරත්න 31, චමෝද්‍ය රාජපක්ෂ 6/34, මහීම වීරකෝන් 2/51. 

නාලන්දා විද්‍යාලයට ලකුණු 86ක ජයක් හිමි විය.

ආබාධයක් නිසා ක්‍රීඩකයෙකුට යොවුන් ලෝක කුසලානය මඟ හැරෙන ලකුණු

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට්…….

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස බම්බලපිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. 

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 40 ක් රැස්කර ගෙන සිටි නමුත් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 231 කට සීමා කිරීමට සසිඳු තෙන්නකෝන් ඇතුළු සාන්ත ආනා විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ. සාන්ත පීතර ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ නිපුනක ෆොන්සේකා නොදැවී ලකුණු 81* වාර්තා කරගත්තේය. 

Photos: St. Peter’s College vs St. Anne’s College | U19 Cricket Tournament 2019/20

තරගයේ සිය දෙවන පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ආනා විද්‍යාලය ලකුණු 2 ක පළමු ඉනිමේ වාසියක් සමඟ පිටියට පැමිණ තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලකුණු 129ක් රැස්කර ගෙන සිටියහ. පිවිතු ප්‍රනාන්දු ලකුණු 33*යි. 

සාන්ත ආනා විද්‍යාලය : 233 (82.1) ලසිත් වර්ණකුලසූරිය 78, දිල්හාර දේශබන්දු 47, රුවින් සෙනෙවිරත්න 7/65, කනිෂ්ක මදුවන්ත 2/80. සහ 129/5 (46) පිවිතු  ප්‍රනාන්දු 33*, කවිඳු ඒකනායක 25*, ලසිත් වර්ණකුලසූරිය 29, වනුජ කුමාර 2/20, රුවින් සෙනෙවිරත්න 2/23. 

සාන්ත පීතර විද්‍යාලය : 231 (72) නිපුනක ෆොන්සේකා 81*, ලහිරු චේතක 36, විනුජ ලියනගේ 34,  සසිඳු තෙන්නකෝන් 5/71, මනාන් මුසම්මිල් 3/41. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


කොළඹ මහානාම විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය 

ඊයේ දිනයේ දී අප බලාපොරොත්තු වූ පරිදිම තියුණු තරගයක් බවට පත්වූ මෙම තරගය මහානාම විද්‍යාලයට ජය ගැනීමට වැඩි අවකාශයක් තිබූ නමුත් තරගය නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි. 

CCC පිටියේ දී පැවති මෙම තරගය C කාණ්ඩයේ තරගයකි. මහානාම විද්‍යාලය ලකුණු 21 ක පළමු ඉනිමේ වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන් සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 224 ක් වාර්තා කරගත් පසුව සිය ඉනිම අත්හිටුවන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගයේ වාර්තා වූ එකම ශතකය වාර්තා කළ විනුක රූබසිංහ නොදැවී ලකුණු 102 ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහුට සහය වූ නායක පවන් රත්නායක නැවතත් අර්ධ ශතකයක් රැස්කර ගන්නා ලදි. 

Photos: Mahanama College Vs Gurukula College | U19 Cricket Tournament 2019/20

ගුරුකුල විද්‍යාලයට ලකුණු 246 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමින් මහානාම විද්‍යාලය නැවතත් පන්දු රැකීම සඳහා පිටියට පැමිණ පෙර සැලසුම් කරගත් පරිදි කඩුලු දවාගත්හ. නමුත් තරගයේ නියමිත කාල වේලාව තුළ තීරණාත්මක අවසන් කඩුල්ල දවා ගනිමින් තරගය ජය ගැනීමට මහානාම ක්‍රීඩකයෝ අවාසනාවන්ත වන විට ගුරුකුල විද්‍යාල ක්‍රීඩකයින් පූර්ණ තරග පරාජයකින් බේරීමට තරම් වාසනාවන්ත විය. ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ලික්ශාන් සසංග සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. 

මහානාම විද්‍යාලය : 120 (46.5) පුල්ශාන් රොහාන් 32, පවන් රත්නායක 31, පවන්ත වීරසිංහ 28, රිෂිත සංකල්ප 4/15, සසිත අශාන් 3/15, ප්‍රවීන් නිමේෂ් 2/20. සහ 224/6d (60.2) විනුක රූබසිංහ 102*, පවන් රත්නායක 61, සදීශාන් චමෝද්‍ය 24, රශ්මික මෙවන් 3/39, ලික්ශාන් සසංග 2/39. 

ගුරුකුල විද්‍යාලය : 99 (37.5) ජනිත ෂෙහාන් 24, දෙවිඳු කැකිරදෙණිය 4/24, පවන්ත වීරසිංහ 2/20, ධනුක නිර්මාණ 2/27. සහ 110/9 (38) ලික්ශාන් සසංග 44, කෙමිර නයනතරු 27, දෙවිඳු කැකිරදෙණිය 5/27, නිසල් ආකාශ් 2/03. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවති මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන තර්ස්ටන් විද්‍යාලය, සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 132 ක් පසුපසින් සිටියේය. 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවත් පළමු ඉනිම ජය ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය. ඒ සඳහා සවියක් වූ බවන්ත ජයසිංහ ලකුණු 36 ක් වාර්තා කරමින් තර්ස්ටන් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ දවාගත් කඩුලු 2 ට අමතරව ය. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6 ක් දවා ගැනීමට දකුණතින් පිට දඟපන්දු යවන යොහාන් ලියනගේ සමත් විය. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 163 (74.5) චිහාන් කළිඳු 50, පුෂ්පිත ඩිල්ශාන් 41, දිනුජය නිලන්දූව 41, හිරුදිත් රසාංජන 4/37, නවිඳු ප්‍රනාන්දු 3/52, ධනජය සිල්වා 2/20. සහ 144/7 (47) පුෂ්පිත ඩිල්ශාන් 32, චිහාන් කළිඳු 27, යොහාන් ලියනගේ 6/39. 

තර්ස්ටන් විද්‍යාලය : 170 (62.1) බවන්ත ජයසිංහ 36, අවිශ්ක කෞශල්‍ය 31, ධනජය සිල්වා 31, කොකුම් ඉන්දුම 5/40, ධනංජය අමරසිංහ 4/47. 

Video – කොදෙව් දේශයේ දී වැඩ පෙන්වපු අපේ පොඩි දඟයා – කවිඳු නදීශාන්

ශ්‍රී ලංකාවට ශූරතාවය හිමිකරදෙමින් පසුගියදා කොදෙව් දේශයේ දී අවසන් වුනු ශ්‍රී ලංකාව, එංගලන්තය සහ බටහිර…….

පළමු දිනයට පැවති තරග

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය යි. තරගය පනාගොඩ යුද හමුදා පිටියේ දී ක්‍රියාත්මක විය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : 463/5d (65) මුදිත ලක්ෂාන් 190, අභිෂේක් ලියනාරච්චි 68, අමිත දාබරේ 66, චමත් යටවර 51*, ටිරෝන් බාස්කරන් 38, තිලින පෙරේරා 3/139. 

මාරිස් ස්ටෙලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 60/3 (24) චමිඳු වීරවංශ 30*. 


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය : 110 (46.2) තවීෂ අභිෂේක් 26, සඳුන් මෙන්ඩිස් 24, උවිඳු විමලධර්ම 4/39, අභිෂේක් ආනන්දකුමාර් 2/04, තෙවින් අමරසිංහ 2/13, රුවින් පීරිස් 2/23. 

ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 79/4 (35) තෙවින් අමරසිංහ 24*, තරින්ඳ නාමල් 2/15. 


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. 

සාන්ත තෝමස් විද්‍යාලය : 173 (58.1) හිරුෂ ජීවජිත් 52, වොෂිත අත්සර 45, සචිර රශ්මික 39, සුධීර වීරරත්න 6/57, ඉරුෂික තිමිර  3/35. 

දේවපතිරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 65/7 (27.3) සුධීර වීරරත්න 38, සිනෙත් සිතාර 5/16, සචිර රශ්මික 2/16. 


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස ධර්මරාජ විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දෙන ලදි. 

වේල්ස් කුමර විද්‍යාලය : 165 (71.5) ඩිනුර ප්‍රනාන්දු 39, රවිඳු ජනිත් 36*, ලක්ෂාන් පෙරේරා 25, කාවින්ද ද මෙල් 22, සහන් සිරිවර්ධන 3/31, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/38, යසිත සමරත්න 2/39. 

ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 69/1 (26) දිනුක පතිරාජ 28*.

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුවත් බැරි නැතුවත් බැරි ‘රවී’

“ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සිහිනයක්. ඒ වෙනුවෙන් තිබූ අවස්ථා හරිම සීමිත තැනක තිබුණේ. කුඩා කාලයේ ක්‍රිකට්………

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

මලියදේව ක්‍රිකට් පිටියේ දී පැවති C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්ටර්  ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. 

මලියදේව විද්‍යාලය : 190 (66.1) බ්‍රයන් කරුණානායක 41, ශාලුක අතපත්තු 38, ගයන වීරසිංහ 26, ජයමිණ මුතුකුමාරණ 24, මතීෂ වීරසිංහ 24, ශෂික බස්නායක 5/56, මලීෂ සිල්වා 2/25, කසුන් එදිරිතිලක 2/25. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 88/3 (30) මලීෂ සිල්වා 55*. 

පළමු දිනයට පැවැත්වූ මෙම තරග සියල්ලම හෙට (28) දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<