සාන්ත තෝමස් – මොරටු විද්‍යාල ගැටුමේ කඩුලු 26ක් දිනක් තුල දැවී යයි

296

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (27) ක්‍රියාත්මක වූ අතර ඒ අතරින් කැළණිය ගුරුකුල විද්‍යාලයට පළමු ඉනිමේ පරාජයක් හිමිකරදීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් විය.

මුදිත හා මෙතුශාන් ඩී. එස් සේනානායක විද්‍යාලය පෙරමුණේ තබයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (25) නත්තල්…

එසේම අද දිනය තුල කෙමිර නයනතරු පිතිකරණයෙන් දස්කම් අතරට පිවිසීමට වරම් දිනා ගනිද්දී, කුෂාන් මදූශ, ඒරන් හංසමාල්, නිශාන් මදූශ යන ක්‍රීඩකයින් පන්දු යැවීමෙන් වැඩි දස්කම් දක්වන ලදි.

කැළණිය ගුරුකුල විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මේ තරගය අවසන් වූයේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

A කාණ්ඩය යටතේ පැවැත්වුණු මේ ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීන්දු කළ අතර ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් දේවපතිරාජ විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 227ක් ලබාගෙන සිය ඉනිමට නැවතීමේ තිත තබන ලදි. එහි දී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් දකුණත් පිතිකරු තිසර ඩිල්ශාන් ලාභියා බවට පත්වූයේ ලකුණු 70ක් ලබා ගෙනයි.

ඉන් පසුව සිය පළමු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 116ක් පමණි. එහි දී කෙමිර නයනතරු ලකුණු 26ක් ලබා ගන්නා විට, දේවපතිරාජ විද්‍යාල පන්දු යවන්නෝ සියලුම දෙනා පාහේ කඩුලු අතරට පිවිසීමට සමත් විය. අවසානයේ ගුරුකුල විද්‍යාල පළමු ඉනිම ලකුණු 116කට සීමා කිරීමට හැකි වීම නිසා දේවපතිරාජ විද්‍යාලය නැවත වතාවක් ගුරුකුල විද්‍යාලයට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දුන්නේය.

ගුරුකුල විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් ලකුණු 111ක් ලබාගත යුතුව තිබූ අතර ගුරුකුල විද්‍යාල පිතිකරුවන් පළමු ඉනිමට සාපේක්ෂව වැඩි වගකීමක් සහිතව ඔවුන්ගේ දෙවන ඉනිම දියත් කිරීම නිසා දේවපතිරාජ විද්‍යාලයට ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් එහි දී ගුරුකුල විද්‍යාල පිතිකරුවන් හට මනා ආදර්ශයක් ලබා දුන් කෙමිර නයනතරු (ලකුණු 72) දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගත්තේය. නුවන් චානක ලකුණු 38යි.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම – 227 (89.2): තිසර ඩිල්ශාන් 70, සුධීර වීරරත්න 33, සසංක නිර්මාල් 22, රශ්මික මෙවන් 3/04, සසිත අශාන් 2/60.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 116 (56): කෙමිර නයනතරු 26, තිසර ඩිල්ශාන් 2/10, ඉරුක තිමිර 2/19, ජීවක ශෂීන් 2/25, පැතුම් මදුසංක 2/28.

ගුරුකුල විද්‍යාල දෙවන ඉනිම (F/O) – 171/6 (46): කෙමිර නයනතරු 72, නුවන් චානක 38, දිලීප් චාමර 25, සුධීර වීරරත්න 2/19, පැතුම් මදුසංක 2/31.

ශ්‍රී ලංකාව සමඟ සටනට එන නවසීලන්ත එක්දින සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරගයක් ඇතුළත්ය. එහි එක්දින තරග සඳහා තරග වදින…

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

කොළඹ ඉසිපතන විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉසිපතන විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 214ක් ලබා ගත්හ.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හැසිර වූ රවිඳු රත්නායක හතරේ පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව ඉසිපතන පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ නායක මදුෂික සඳරුවන් නොදැවී ලකුණු 37*ක් ලබාගෙන ඉසිපතන විද්‍යාලයේ පළමු ඉනිම අවසානය දක්වාම කඩුල්ලේ රැඳී සිටියේය. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ කුෂාන් මදූශ හා නිශාන් මදූශ ලකුණු 40කට කඩුලු 4 බැගින් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව පසන් පෙතනගොඩ කඩුලු 2යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියේ ඉසිපතන විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 128ක් පසුපසින් සිටිමිනි. ධනුජ ඉඳුවර ලකුණු 41යි.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 214 (71): රවිඳු රත්නායක 38, මදුෂික සඳරුවන් 37*, කාලික් අමත් 29, තෙවිඳු දික්වැල්ල 24, කුෂාන් මදූශ 4/53, නිශාන් මදූශ 4/56, පසන් පෙතනගොඩ 2/32.

මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 86/3 (22): ධනුජ ඉඳුවර 41

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාල පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. අයහපත් ආලෝකය නිසාවෙන් පළමු දිනයට තරගය නවතා  දමන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 22ක් රැස් කරගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි විය.

A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු දිනය තුල කඩුලු 26ක් බිඳ වැටීම කාගේත් කතාබහට ලක්විය. කෙසේ නමුත් පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය සිය මුල් ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 147ක් වන අතර එහි දී සිතිර හපුහින්න ලකුණු 26කට දැවී ගියේය. ශලින් ද මෙල් ලකුණු 25යි. පන්දු යැවීමේ දී ඒරන් හංසමාල් ලකුණු 41ක් තුල සාන්ත තෝමස් කඩුලු 5ක් බිඳ දමමින් දස්කම් දැක්වීය.

පිබිදුණු බලාපොරොත්තුවක් හා නව ජවයක් සමඟින් පිටියට පැමිණි මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් නිශාන් මදුෂ්ක නැවතත් ලකුණු  අතරට පිවිසීමට සමත් වූ නමුත් අනෙකුත් පිතිකරුවන් ඩෙලන් පීරිස් ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වීම නිසා මොරටු මහා විද්‍යාල පළමු ඉනිම ලකුණු 57කට සීමා විය.

Photos : D.S. Senanayake College vs Zahira College | Singer U19 Cricket Tournament 2018/19

ලකුණු 90ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ දී මෙන් සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට නොහැකි වූයේ තණතීරුවේ සහාය ක්‍රමයෙන් පන්දු යවන්නන් දෙසට නතු වෙන බවට යම් ඉඟියක් ද පළකරමිනි. පන්දු යැවීමේ දී සාන්ත තෝමස් දෙවන ඉනිම සුනුවිසුනු කළ විශ්ව දිදුලන ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නා ලදි. කෙසේ නමුත් තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට සාන්ත තෝමස් විද්‍යාලය මොරටු විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 120ක් ඉදිරියෙන් සිටී.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 147 (47.5): සිතිර හපුහින්න 26, ශලින් ද මෙල් 25, ඒරන් හංසමාල් 5/41, ජනිත් සෙව්මිත් 2/18, විශ්ව දිදුලන 2/28.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 57 (31.1): නිශාන් මදුෂ්ක 26, ඩෙලන් පීරිස් 3/02, දිල්මින් රත්නායක 3/06, ශැනොන් ප්‍රනාන්දු 3/07.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 30/6 (20): විශ්ව දිදුලන 4/22, ඒරන් හංසමාල්  2/07.

පළමු දිනයට පැවැත්වූ තරග හෙට (28) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. එසේම සංගා – මහේල අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන පළමු පෙළ සුහද පාසල් ක්‍රිකට් තරගය හෙට උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත රැගෙන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<