තර්ස්ටන් විද්‍යාලයේ බවන්තගෙන් ශතකයක්

143

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) පැවැත්විය.

දේවපතිරාජ විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ අංශයේ A කාණ්ඩය යටතේ පැවැත්වූ පළමු තරගය ඊයේ (25) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට්

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අලුතින් A කාණ්ඩයට පිවිසි දේවපතිරාජ විද්‍යාලයේ පිතිකරුවන්ව ඉතාමත් හොඳින් පාලනය කිරීමට සමත් විය. මේ තරගයේ ආරම්භක දිනය වූ අද දිනයේ තේ පානයට පසුව එතරම් වේලාවක් තරගය ක්‍රියාත්මක නොවූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසයි.

තිසර ඩිල්ශාන් ලකුණු 52ක් ලබාගෙන දේවපතිරාජ පළමු ඉනිම ලකුණු 206ක් දක්වා රැගෙන ගියේය. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරගය අවසානයේ ඊට පිළිතුරු ලෙස කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 162ක් වන අතර හසිඳු කවිරත්න ලකුණු 45ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. තරගයේ වැඩිම කඩුලු දවා ගත්තේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මහීෂ තීක්ෂණ යි. ඔහු දවා ගත් කඩුලු ගණන 4ක්.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම – 206 (85.3): තිසර ඩිල්ශාන් 52,  සුදීර වීරරත්න 48, ඉරුෂික තිමිර 30, මහීෂ තීක්ෂණ 4/68.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 162/7 (49): හසිඳු කවිරත්න 45, කවීෂ ජයතිලක 23, සනෝජ් පෙරේරා 23, පැතුම් මධුසංක 3/36, තිසර ඩිල්ෂාන් 2/32

ඇෆ්ගන්වරුන් ඉන්දියාවට ද අනතුරු හඟවයි

ආසියානු ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාර තරග නිමාවක් සනිටුහන් කළ ඉන්දිය සහ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ඊයේ


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

කටුනේරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන්  ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 292ක් රැස්කරගත් අතර සදසය කල්ප, දිනිත් නෙලුම්දෙණිය හා ඉරංග හෂාන් අර්ධ ශතක වාර්තා කළහ. තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 22යි. සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ අවිඳු ප්‍රේමරත්න කඩුලු 5යි.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 292 (83.3): සදසය කල්ප 78, දිනිත් නෙලුම්දෙණිය 64, ඉරංග හෂාන් 55, අවිඳු ප්‍රේමරත්න 5/86.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 22/2 (9):


තර්ස්ටන් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 10ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක පසුවේ.

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් කණ්ඩායම පන්දුවාර 72යි පන්දු 4ක් තුල ලකුණු 248ක් දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන ගියේය. එහි දී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් බවන්ත ජයසිංහ දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් වාර්තා කළ අතර ශාලක බණ්ඩාර හා ප්‍රසන්න පුෂ්පකුමාර පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 26ක් ලබා ගත්හ.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 248 (72.4): බවන්ත ජයසිංහ 107, ශාලක බණ්ඩාර 28, ප්‍රසන්න පුෂ්පකුමාර 26, රනේෂ් සිල්වා 21, අශේන් මලිත් 5/60, රොමේෂ් සුරංග 2/41, පැතුම්  විහඟ 2/72.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 10/6 (15):

පාසල් ක්‍රිකට් පිටිය බාධා මැදින් ඉදිරියටම

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ


සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 147ක් පසුපසින් සිටියි.

C කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 168ක් ලබා ගත්තේ කවිඳු දිල්හාර ලබා ගත් ලකුණු 36ත් සවියක් කරගෙනයි. ඊට අමතරව මනුෂ්ක සමිත් ලකුණු 31යි. චේතක දෙනුවන් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගන්නා විට නවීන් ශහීඩ් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 168 (73.3): කවිඳු දිල්හාර 36, මනුෂ්ක සමිත් 31, සංදීප චමෝද් 23, චේතක දෙනුවන් 4/30, නවීන් ශහීඩ් 3/29.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 21/2 (8):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (27) දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<