දුනිත් ජයතුංග හා විනුර දුල්සර ශතක අතරට

177

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) පැවැත්වූ අතර ඒ තරග අතරින් සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 3කින් පරාජය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සිය ජය තහවුරු කරගත්තේය.

දිල්මින් හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ කඩුලු දඩයමක

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

මේ තරගයේ ඊයේ (25) දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල මහින්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබාගෙන සිටියේය. ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 296ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූයේ පළමු ඉනිම ජය ගෙනයි.

එහි දී වමතින් පිත්ත හසුරුවන විනුර දුල්සර ලකුණු 157ක් ලබා ගත්තේය. නිපුන් මාලිංග ලකුණු 40යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මිරංග වික්‍රමගේ කඩුලු 2ක් දවා ගත්තේය. සාන්ත ජෝසප් විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටිය දී තරග ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි. නමුත් මේ තරගයේ පළමු ඉනිම ජය ගත්තේ මහින්ද විද්‍යාලයයි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 223 (56.5): ශෙවෝන් ඩැනියල් 68, ජොහෑන් ද සිල්වා 37, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 28, සුභානු රාජපක්ෂ 3/44, පසන් පෙතනගොඩ 3/50, විනුර දුල්සර 2/15.

ගාල්ල මහින්ද විද්‍යාල පළමු ඉනිම – 296/7d (80.2): විනුර දුල්සර 157, නිපුන් මාලිංග 40, මිරංග වික්‍රමගේ 2/97

සාන්ත ජෝසප් විද්‍යාල දෙවන ඉනිම – 34/2 (8): පසන් පෙතනගොඩ 2/17.

රොහාන්ගේ පන්දුවෙන් බංග්ලාදේශ පොඩ්ඩෝ අසරණ වෙයි

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ…


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 3ක ජයක් හිමි වූ මේ තරගය ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 158ක් ලබාගෙන සිටියේ සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිටියේය. ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 152ක් ලබා ගත්තේ ඩියෝන් ප්‍රනාන්දුගේ ලකුණු 42ත් සවියක් කරගෙනයි. මනුෂ්ක සමිත් හා සඳුන් මදුසංක අතරේ කඩුලු බැගින් බෙදී ගියේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමක පරාජයෙන් බේරීමට සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 69ක් ලබාගැනීමට තිබූ නමුත් ඩෙලෝන් පීරිස්  ඇතුළු සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සාන්ත ඇලෝසියස් පිතිකරුවන්ට අවසර ලබා දුන්නේ නොමැත.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 83 (31.3): හසිඳු ගිම්හාන 21, දිල්මින් රත්නායක 4/06, ඩෙලෝන් පීරිස් 3/34, කලන පෙරේරා 2/16.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම  – 152 (39): ඩියෝන් ප්‍රනාන්දු 42, තෙවින් ඊරියගම 24*, රවිඳු ද සිල්වා 24, මනුෂ්ක සමිත් 3/33, සඳුන් මදුසංක 3/37, නිදුක සමරසේකර 2/33.

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම – 66 (31): සංදීප්  නිශාන්ත 20, ඩෙලෝන් පීරිස් 5/22.

ශ්‍රී ලංකා – එංගලන්ත ඉතිහාසයට නව පිටුවක් එකතු වන තරගයක්

වසර 36ක ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් වාර්තා පොතට…


කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ  මේ තරගය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා විය.

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ අද දිනය ආරම්භ කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 24ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක සිටියේය. එසේ සිටි ඔවුන් සිය පළමු ඉනිම ලකුණු 117ක් දක්වා වර්ධනය කරගත්තේය. ඒ මැසනොඩ් විද්‍යාල ඔවුන්ගේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 163ට පිළිතුරු ලෙසයි.  සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ ශිවාන් පෙරේරා  ලකුණු 40ක් රැස්කර ගත්තේය.

ඇදහැළුණු වර්ෂාවට පසුව මේ තරගය නැවතත් ආරම්භ වූ අතර තරගය අවසානයේ ද මැසනොඩ් විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 125ක් ලබා ගන්නා ලදි. සාලිය ජූඩ් හා සෙනේෂ් නිමන්ත යන දෙදෙනාම ලකුණු 34 බැගින් ලබා ගත්තේය.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම – 163 (53.3): සෙනේෂ් ප්‍රනාන්දු 68, නදුන් ඩිල්ශාන් 33, මාර්ක් මතියාස් 32*, සන්තුෂ් ගුණතිලක 6/05, රුවින් සෙනෙවිරත්න 2/47

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 117 (36.5): ශිවාන් පෙරේරා 40, විනුජ ලියනගේ 33, අසිත සිල්වා 3/21, මාර්ක් මතියාස් 3/25, සිහින සිතුමිණ 2/10.

ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම – 125/5 (50): සාලිය ජූඩ් 34, සෙනේෂ් නිමන්ත 34, රුවින් සෙනෙවිරත්න 2/48.


පළමු දිනයට පැවති තරග

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

සුහද තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 241ක් ලබා ගත්තේ දකුණතින් පිත්ත හසුරුවන දුනිත් ජයතුංගගේ සුපිරි ශතකය සවියක් කරගෙනයි.

ඊට අමතරව නිෂිත අභිලාෂ් ද ලකුණු අතරට පිවිසියේය. එම ලකුණු 241ට පිළිතුරු දුන් නාලන්දා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ දී කිසිවෙක් නොදැවී ලකුණු 29ක් ලබාගෙන සිටින ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 241 (52.4): දුනිත් ජයතුංග 116, නිෂිත අභිලාෂ් 35, රනිඳු ද සිල්වා 3/48, කවිෂ් මදුරප්පෙරුම 4/47.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 29/0 (6):


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය

‘D කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගය අද (26) ආරම්භ වූ අතර මේ තරගයේ පළමු දිනය අවසන් වන විට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 185ක් ලබාගෙන සිටියේය.

දිමුත් සඳරුවන් හා දිලුම් සුදීර එක්ව රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට ඉතාමති හොඳ සවියක් වූ අතර ඔවුන් දෙදෙනාම නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියි. දිමුත් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේ 4 පහර 5ක් සිය ලකුණු ගිණුමට සටහන් කරමිනි. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මේ තරගය යම් වේලාවක් නවතා දමන්නට සිදු විය.

මේ තරගය හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 185/3 (50): දිමුත් සඳරුවන් 58*, දිලුම් සුදීර 48*, ආධිත්‍ය සිරිවර්ධන 24, විනුජ කිරිඇල්ල 23 


මරදාන සහිරා විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාල පිටියේ දී පැවති මේ තරගයේ පළමු දිනය අවසන් වෙද්දී සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 213ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර  ඔවුන්ගේ පන්දු යැවීම හමුවේ කවීෂ ජයතිලක හා මහිෂ තීක්ෂණ නොදැවුණු වටිනා අර්ධ ශතක දෙකක් ලබා ගත්තේ ය. ඊට අමතරව කවිරු පෙරේරා  සිය විද්‍යාල ලකුණු පුවරුවට ලකුණු 42ක් එකතු කර දුනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 213/5 (61.4): කවිෂ ජයතිලක 59*, මහිෂ තික්ෂණ 59*, කවිරු පෙරේරා 42, මොහොමඩ් මාධි 3/49.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (27) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<