ධර්මරාජ – සහිරා තරගයේ පළමු ඉනිමත් සම වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

97
Schools Cricket

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (26) දින ක්‍රියාත්මක වූ අතර එම තරග දෙකෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. 

අයහපත් කාලගුණයට සුපිරි තරගාවලියක් කල් යයි

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් අනිද්දා (28)

දෙවන දිනයට පැවති තරගය 

මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය 

ඊයේ (25) දිනයේ දී ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සහිරා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගයේ පළමු දිනය තුළ ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 15ක් පමණි. 

කෙසේ නමුත් ජනිත් චතුරංග සහ නායක දුලාජ් බණ්ඩාර දියත් කළ දක්ෂ පිතිකරණය නිසා ඔවුන්ගේ පළමු ඉනිම යම්තාක් මට්ටමකට ගොඩනංවා ගැනීමට හැකිවූ අතර ඉසුරු දයානන්ද සිය තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලකුණු 24ක් ලබා ගත්තේ ධර්මරාජ පසුපෙළට සවියක් වෙමිනි.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ඉමිතියාස් ස්ලාසා ධර්මරාජ පිතිකරුවන් හට ප්‍රබල හිසරදයක් බවට පත්වෙමින් ලකුණු 32කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහුට සහය වෙමින් මොහොමඩ් දිල්හාන් කඩුලු 3ක් දවා ගත්තේය. 

මෙය D කාණ්ඩයේ තරගයක් වූ නිසා පළමු ඉනිම ජය ගැනීම දෙපිලටම වැදගත් වූ නමුත් සහිරා විද්‍යාලයට ද ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණි. ඒ නිසාවෙන් මෙම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ තරගයක් ලෙස වාර්තා අතරට එකතු විය. 

ඔවුන්ගේ මුල්පෙළ කඩුලු කිහිපයක් ඉතාමත් ඉක්මණින් බිඳවැටෙන විට, යම්තාක් මට්ටමකට ඉනිම සවිමත් කළ නලීන් සෙයිත් සහ මොහොමඩ් මුෆීස් යන ක්‍රීඩකයින් පිළිවෙළින් ලකුණු 33ක් සහ ලකුණු 30ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන උපේන්ද්‍ර වර්ණකුලසූරිය කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ධර්මරාජ විද්‍යාලය : 130 (40.2) ජනිත් චතුරංග 40, දුලාජ් බණ්ඩාර 35, ඉසුරු දයානන්ද 24, ඉමිතියාස් ස්ලාසා 6/32, මොහොමඩ් දිල්හාන් 3/36.

සහිරා විද්‍යාලය : 130 (58.5) නලීන් සෙයිත් 33, මොහොමඩ් මුෆීස් 30, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/42.

චමරි අතපත්තු හදිසියේම ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස නායිකා චමරි අතපත්තු, 2019 ඕස්ට්‍රේලියානු කාන්තා බිග් බෑශ් තරගාවලියේ මෙල්බන්


පළමු දිනයට පැවති තරගය 

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

ආනන්ද විද්‍යාලය : 122 (42.5) දෙනෙත් නිස්සංක 38*, ටශික නිර්මාල්  4/31, රමේෂ් මදුසංක 3/59.

ලුම්බිණි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 21/1 (5.4)

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (27) දින දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<