පවන්ත වීරසිංහ ද්විත්ව ශතකයක් රැස් කරයි

73

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) දින පැවැත්විනි. එහිදී කොළඹ මහානාම විද්‍යාලයේ වමත් පිතිකරු පවන්ත වීරසිංහගේ ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුනි. 

සාන්ත බෙනඩික් සහ අන්තෝනි විද්‍යාල ජයග්‍රාහකයින් අතරට

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග …

කොළඹ මහානාම විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය (Group C) 

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ පිටියේ දී අද (26) දින ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක මහානාම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්හ. ඒ අනුව පිටියට පිවසි ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 502ක් රැස්කර ගනිමින් ඉනිම අත් හිටවූයේය. 

එම ඉනිම වෙනුවෙන් පවන්ත වීරසිංහ පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 12ක් සමඟින් ලකුණු 226ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට අමතරව පවන් රත්නායක ද ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුනි. ඔහු පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 137ක් රැස්කර ගත්තේය. මොවුන් දෙදෙනා එක්ව 3 වැනි කඩුල්ලට පන්දු 275කින් ලකුණු 296ක සබඳතාවක් ගොඩ නැගූහ. 

ඔවුන්ට අමතරව විනුක රූබසිංහ ද මහානාම ඉනිම අත්හිටුවන විට ලකුණු 56ක් රැස්කර ගෙන සිටියේය.  

තරගය නතර කරන විට සංචාරක මලියදේව ක්‍රීඩකයෝ එක් කඩුල්ලක් අහිමි කර ගනිමින් ලකුණු 20ක් රැස්කර ගෙන සිටියහ. 

මෙම තරගය හෙට (27) දින දෙවැනි දිනයට ත් ක්‍රියාත්මක වීමට නියමිතය.  

මහානාම විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 4ක් දැවී 502 (83) පවන්ත රත්නායක 226, පවන් රත්නායක 137, විනුක රූබසිංහ නොදැවී 56, පුල්ශාන් රෝහණ 39, හසිඳු රුවන්පුර 3/129. 

මලියදේව විද්‍යාලය : පළමු ඉනිම කඩුල්ලක් දැවී 20 (10) 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය (Group B) 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය පිටියේ දී අද (26) දින නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට සත්කාරක වේල්ස් කුමර ක්‍රීඩකයෝ සමත් වූහ. 

තර්ස්ටන් විද්‍යාලය හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු…

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මපාල ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 169ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වේල්ස් කුමර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස්කර ගත්හ. ලකුණු 48ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයන් තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 217ක් රැස්කර ගැනීමට සමත්ව සිටියේය. 

එම ඉනිම වෙනුවෙන් එන්. එන්. මධුශංක නොදැවී ලකුණු 106ක් රැස්කර ගත්තේය. 

ධර්මපාල විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 169 (51.1) එන්. එන්. මධුශංක 90, විනුජ රාන්පෝල් 4/44, නදුක ප්‍රනාන්දු 2/26. 

වේල්ස් කුමර විද්‍යාලය : සියලු දෙනා දැවී 217 (61.4) පසිඳු පැතුම් 48, ඔමේෂ් මෙන්ඩිස් 38, කාවින්ද ද මෙල් 37, අනුක හේෂාන් 29, විදත් දිලේන්ද්‍ර නොදැවී 28, ලක්ෂිත පුරසිංහ 3/54, විහඟ ගුණරත්න 2/25, සංචන ලංකා 2/30, යසිරු කාවින්ද 2/37. 

ධර්මපාල විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 217 (75.1) එන්. එන්. මධුශංක නොදැවී 106, නදීශ බණ්ඩාර 41, විහඟ ගුණරත්න 32. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<