දිලුම් සුදීර රිච්මන්ඩ් විද්‍යාලයට පෙරළිකාර ජයක් ගෙනෙයි!

544
U19 Division 1 Roundup

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් පිටියට අද (26) අතිශයින්ම කාර්යබහුල දිනයකි. ඒ එහි පළමු කාණ්ඩය නියෝජනය කරමින් පමණක් තරග 7ක් දිවයින පුරා ක්‍රියාත්මක වූ බැවිනි. එහිදී පූර්ණ තරග ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක, ගාල්ල රිච්මන්ඩ් සහ ගල්කිස්ස සාන්ත තෝමස් යන විද්‍යාල සමත් වූහ. තවත් තරග 3ක් ජය පැරදුමකින් තොරව නිමා වෙද්දී අනෙක් තරගය අද පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය.

ජීවක ශෂීන්ගෙන් ද්විත්ව ශතකයක්

තවමත් 16 වැනි වියේ පසුවෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ජීවක ශෂීන් ලබා ගත් ද්විත්ව ශතකය…

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

ඊයේ දිනයේ ඇරඹුනු මෙම තරගය සත්කාරකත්වය දරමින් ජය ගැනීමට ඩී.එස්. සේනානායක විද්‍යාලයට හැකිවිය. ඒ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය කඩුලු 8කින් පරාජයට පත් කරමිනි. තරගයේ කාසියේ වාසිය ද දිනාගත් ඔවුන් බණ්ඩාරනායක විදුහලට පිතිකරණය සඳහා ඇරයුම් කරමින් ඔවුන්ව ලකුණු 87කට දවා ගන්නට සමත් විය. ඒ වෙනුවෙන් පසිඳු ආදිත්‍ය කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩී.එස්. පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 250ක් ලබා ගනිමින් ඉනිම අත් හිටවූ අතර ඒ වෙනුවෙන් ශෙනෝල් ජයසේන ශතකයක් වාර්තා කළේය.

ඒ අනුව ලකුණු 163ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ බණ්ඩාරනායක පිළ දෙවැනි ඉනිමේ තම වැරදි නිවැරදි කර ගනිමින් පිතිකරණයේ යෙදුනද තරග පරාජයෙන් ගැලවීමට හැකි නොවීය. ඒ ඔවුන්ට මුල් ඉනිමේ හිඟ ලකුණු සංඛ්‍යාව ද අභිබවා ලකුණු රැස් කරන්නට සිදුවූ බැවිනි. මෙවර ක්‍රියාත්මක වූ සඳරු චන්දිත ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගනිමින් තම පිතිකරුවන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 84ක පහසු ඉලක්කයක් හිමිකර දුන්හ. ඩී.එස්. පිතිකරුවන් එය සපුරා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දුවාර 13ක් පමණි.

බණ්ඩාරනායක විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 87 (පන්දුවාර 25.2)

සිතිජ සිල්වා 29, ගයාශාන් හෙට්ටිආරච්චි 22, පසිඳු ආදිත්‍ය 5/26, මෙතුශාන් කුමාර 2/16.

ඩී.එස්. සේනානායක විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 250 (පන්දුවාර 51)

ශෙනෝල් ජයසේන 103*, මුදිත ලක්ෂාන් 60, ටෙරෝන් බාස්කරන් 21*, ‍රිසිත මදනායක 2/29.

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 246 (පන්දුවාර 48.3) ගයාශාන් හෙට්ටිආරච්චි 73, අරෝෂ වික්‍රමගේ 39, සඳරු චන්දිත 5/38, මෙතුශාන් කුමාර 3/83.

ඩී.එස්. සේනානායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 87 (පන්දුවාර 13.1)

මුදිත ලක්ෂාන් 69.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගය අවසානයේ නිමාවට පත්වූයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 3ක ජයක් හිමිකර දෙමිනි. කාසියේ වාසිය දිනාගත් සර්වේසස් විදුහල මුලින් පන්දුවට පහර දීමට තීරණය කලද එය ඔවුන් සිතූ තරම් සාර්ථක නොවීය. ඒ රිච්මන්ඩ් පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ මුල් ඉනිම ලකුණු 124කට සීමා වූ නිසයි. ඒ වෙනුවෙන් දිලුම් සුදීර කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වීය. කෙසේවෙතත් තම වරද වහාම නිවැරදි කරගත් සර්වේසස් විද්‍යාලය රිච්මන්ඩ් පිතිපෙළ ලකුණු 104කට දවා ගනිමින් ප්‍රථම ඉනිමේ වාසියක් ලැබූහ. ඒ වෙනුවෙන් චේතක දෙනුවන් සහ මතීශ මධුශාන් කඩුලු 4 බැගින් දවා ගනිමින් දක්ෂතා අතරට පැමිණියහ.

නමුත් මුල් ඉනිමේ සිදුවූ පසුබෑමෙන් කම්පාවට පත් නොවූ රිච්මන්ඩ් විද්‍යාලය සර්වේසස් දෙවැනි ඉනිම ලකුණු 91කට සීමා කරමින් නැවතත් තරගයට පිවිසියහ. ඔවුන් එය අද සන්ධ්‍යා කාලයේ දී ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගත්තේ ප්‍රථම ඉනිමේ හිඟ පාඩුවද සමඟින් ලකුණු 112ක් රැස්කර ගනිමිනි. ඒ අතරතුරේ දී ඔවුන්ගේ කඩුලු 7ක් දැවී ගියද අවසානයේ පූර්ණ තරග ජයග්‍රහණයේ හිමිකරුවන් බවට පත්වීමට තරම් ඔවුහු වාසනාවන්ත වූහ. මෙම ජයග්‍රහණය ප්‍රබල ලෙසින් උරදුන් වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක දිලුම් සුදීර දෙවැනි ඉනිමේ දී සර්වේසස් කඩුලු 6ක් දවා ගනිමින් තරගය පුරාවට කඩුලු 10ක් බිඳ හෙලීමට සමත්කම් දැක්වීය.

සාන්ත සර්වේසස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 124 (පන්දුවාර 38.4)

පුශ්පිත දිල්ශාන් 42, ශශික දුල්ශාන් 29, දිලුම් සුදීර 4/48, චමත් දිල්සර 2/36.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 104 (පන්දුවාර 34)

විනුජ කිරිඇල්ල 31, චේතක දෙනුවන් 4/07, මතීශ මධුශාන් 4/33, ශශික දුල්ශාන් 2/38.

සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 91 (පන්දුවාර 29.3)

කේශර නුවන්ත 23, දිලුම් සුදීර 6/30, සඳුන් මෙන්ඩිස් 3/20.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 112 (පන්දුවාර 41.5)

තවීශ අභිෂේක් 31, දිලුම් සුදීර 26, කේශර නුවන්ත 2/26.

ද මැසනඩ් විද්‍යාලය ජයග්‍රහණය අභියස නවතී

2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග…

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස්  විද්‍යාලය අතර තරගය

මෙම තරගයේ සත්කාරකයින් ලෙස කටයුතු කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අවසානයේ තරගයේ ජය හිමිකර ගැනීමට ද සමත් වූහ. ඒ කඩුලු 10කිනි. කාසියේ වාසිය ද තමන් සතු කරගත් ඔවුන් මුලින් පන්දුවාර පහර දීමට බෙනඩික්ට් විදුහලට ඇරයුම් කරමින් ඔවුන්ව ලකුණු 182ක් තුල දවා ගත්හ. සුපිරි පන්දු යැවීමක නිරත වූ ඩෙලෝන් පීරිස් ලකුණු 48කට කඩුලු 6ක් දවා ගත්තේය. කළණ පෙරේරා ඉනිමේ ඉතිරි කඩුලු 4ට වග කියූවේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ තෝමසුවන් රවිඳු ද සිල්වාගේ ශතකයේ පිහිටෙන් ලකුණු 271ක් ලබා ඉනිම අත් හිටවූහ.

Photos: S.Thomas’ College vs St.Benedict’s College | U19 Cricket Tournament 2018/19

ඒ අනුව ලකුණු 89ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ බෙනඩික්ට් විද්‍යාලයට එහිදී සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 108ක් පමණි. නැවතත් ක්‍රියාත්මක වූ ඩෙලෝන් පීරිස් කඩුලු 3ක් බිඳ හෙලද්දී දිල්මින් රත්නායක කඩුලු 5ක් දවා ගනිමින් තරග ජයකට අවශ්‍ය පාර කැපීය. ඒ අනුව ලකුණු 20ක පහසු ඉලක්කය සපුරා ගත් සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය මෙම තරගයෙන් පූර්ණ ජයක් ලැබූහ. ඒ පන්දුවාර 3ක් තුලදී ජය කණුව පසුකර යමිනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 63.5)

බ්‍රයන් ජෝන්පිල්ලේ 49, මහේශ් තීක්ෂණ 29, කවීශ ජයතිලක 24, ඩෙලෝන් පීරිස් 6/48, කලණ පෙරේරා 4/57.

සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 271 (පන්දුවාර 55.1)

රවිඳු ද සිල්වා 114, කිෂාන් මුණසිංහ 36, යොහාන් පෙරේරා 36, කලණ පෙරේරා 35, ඉමේෂ් ප්‍රනාන්දු 2/36.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 39.2)

තේනුක නන්දලාල් 50, දිල්මින් රත්නායක 5/21, ඩෙලෝන් පීරිස් 3/52, ක්‍රිශාන් මුණසිංහ 2/06.

සාන්ත තෝමස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 24 (පන්දුවාර 3.1)


රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් දේවපතිරාජ පිළ එහිදී ලකුණු 455ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කෙරූ අතර ඒ වෙනුවෙන් ජීවක ශශීන් විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කර ගත්තේය. පැතුම් මධුශංක ලකුණු 95යි. මෙම ඉනිම පසුපස හඹාගිය සාන්ත මරියා පළමු ඉනිම ලකුණු 124කට අවසන් වූ අතර හේශාන් හසංග සහ සුදීර වීරරත්න කඩුලු තුන බැගින් බිඳ හෙලූහ. තරගය නිමා වනවිට මෙම තරගයේ වැඩි ගෞරව දිනාගත් දේවපතිරාජ විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 242ක් ලබා සිටි අතර මුල් ඉනිමේ නූලෙන් ශතකය අහිමි වූ පැතුම් මධුශංක දෙවැනි ඉනිමේ නොදැවී ශතකයක් වාර්තා කර ගනිමින් සුපිරි දස්කම් දැක්වීය.

දේවපතිරාජ විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 455 (පන්දුවාර 98.2)

ජීවක ශශීන් 237, පැතුම් මධුශංක 95, දිනිත ප්‍රභංක 33, ගිහාන් අබේවර්ධන 4/70, අකලංක පෙතියාගොඩ 3/88.

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 124 (පන්දුවාර 35.5)

අකලංක පෙතියාගොඩ 29, ගිහාන් අබේවර්ධන 24, පසන් වලිසිංහ 23, හේශාන් හසංග 3/09, සුදීර වීරරත්න 3/27, තිසර ඩිල්ශාන් 2/21, ඉරුෂ්ක තිමිර 2/24.

දේවපතිරාජ විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 242 (පන්දුවාර 51)

පැතුම් මධුශංක 103*, සුදීර වීරරත්න 53, ජීවක ශශීන් 45, මලීශ සේනානායක 3/76.

“ස්ටේන්ටයි රබාඩාටයි ගහන්න තමයි මං Plan කරලා තිබ්බේ.” – ඕෂද

පසුගිය සෙනසුරාදා (23) නිමාවට පත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රාහී….

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය

අවසානයේ ජය පැරදුමකින් තොරව නිමා වුවද මෙය අද දිනයේ පැවති උණුසුම් තරගයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. මහින්ද පිළේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් ඇලෝසියස් පිතිකරුවන් ලකුණු 197කට දැවී ගිය අතර මහින්ද විද්‍යාලය කඩුලු 8කට ලකුණු 202ක් ලබා මුල් ඉනිමේ ජය ස්ථිර කර ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටවූහ. එයින් නොනැවතුනු ඔවුන් ඇලෝසියස් විද්‍යාලය ලකුණු 55කට දවා ගත්තේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 51ක ඉතාමත් කුඩා ඉලක්කයක් ලබා ගනිමිනි. කෙසේවෙතත් අවාසනාවකට ඔවුන්ට ක්‍රීඩා කිරීමට පන්දුවාර 2ක් පමණක් ඉතිරිව තිබූ නිසා පූර්ණ ජයක් ලබා ගැනීමේ අවස්ථාව මහින්ද විද්‍යාලයට අහිමි විය. අද දිනය නිමා වනවිට තමන් මුහුණ දුන් පන්දුවාර දෙකේදී ඔවුන් ලකුණු 21ක් ලබා සිටියහ.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 93.3)

ඔමාල් සන්දීප් 55, කවිඳු දිල්හාර 51, මනුශ්ක සමිත් 29, කවීශ මල්ලියවඩු 4/50, ඔසිඳු කාවින්ද්‍ය 2/13, කුෂාන් මදූශ 2/47.

ගාල්ල මහින්ද විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 202 (පන්දුවාර 56.2)

නවෝද් පරණවිතාන 58, විනුර දුල්සර 37, කෞශිත කොඩිතුවක්කු 25, කවීශ මල්ලියවඩු 23, මනුශ්ක සමිත් 3/59.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 55 (පන්දුවාර 39.3)

පසන් පෙතන්ගොඩ 4/26, කුෂාන් මධූශ 3/18, නවෝද් පරණවිතාන 2/04.

ගාල්ල මහින්ද විද්‍යාලය (දෙවැනි ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 21 (පන්දුවාර 2)

>> ඉන්දියාව දණ ගැස්වූ කැන්ගරුවන්ගේ අවසන් පන්දුවේ වික්‍රමය!

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය

කොළඹ රාජකීය විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ද දිනා ගත්තේ ද ඔවුන් විසිනි. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් රාජකීයන් ලකුණු 245ක් ලබා ගන්නට සමත් වූහ. කෙසේවෙතත් ඉතාමත් උණුසුම් සටනකින් අනතුරුව ලකුණු 10ක සුළු පරතරයකින් ප්‍රථම ඉනිමේ ජය තහවුරු කර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ඒ වෙනුවෙන් ත්‍රිත්ව විද්‍යාලයේ දිල්ශාන් බාලසූරිය කඩුලු 5ක් දවා ගනිමින් විශේෂ දස්කම් දැක්වීය. තරගය ජය පැරදුමකින් තොරව අවසන් වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 174ක් ලබා සිටියහ. එහිදී කවිඳු මදරසිංහ තරගයේ දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කර ගත්තේය.

Photos: Royal College vs Trinity College | U19 Cricket Tournament 2018/19

රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 245 (පන්දුවාර 74.5)

කවිඳු මදරසිංහ 62, ඉසිවර දිසානායක 60, අහන් වික්‍රමසිංහ 45, භාග්‍ය දිසානායක 22, රුවින් පීරිස් 3/49, කනිශ්ක සේනාධීර 3/89, අභිෂේක් ආනන්දකුමාර් 2/38.

ත්‍රිත්ව විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 67.2)

චානක කුමාරසිංහ 51, අවිශ්ක සේනාධීර 39, උමයිස් රයිසාන් 36, අභිෂේක් ආනන්දකුමාර් 38, පුබුදු බණ්ඩාර 25, දිල්ශාන් බාලසූරිය 5/90, ලහිරු මධුශංක 2/71.

රාජකීය විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 174 (පන්දුවාර 36.3)

පසිඳු සූරියබණ්ඩාර 52*, කවිඳු මදරසිංහ 50, සිතිර වීරසිංහ 41, අභිෂේක් ආනන්දකුමාර් 3/65, කවිශ්ක සේනාධීර 2/46.


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය

අද ඇරඹුනු මෙම තරගයේ මුල් දිනය නිමාවෙද්දී තරගයේ වැඩි වාසි ලබාගෙන සිටින්නේ ලුම්බිණි විද්‍යාලයයි. ප්‍රතිවාදී ජෝසප් වාස් විදුහලට පිතිකරණය සඳහා ආරාධනා කරමින් ඔවුන්ව ලකුණු 121කට දවාගත් ලුම්බිණි ක්‍රීඩකයෝ දිනය නිමා වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබාගෙන ප්‍රථම ඉනිමේ ජය තහවුරු කරගෙන සිටියි. කෙසේවෙතත් තනිවම පන්දුවෙන් සටනක් ලබාදුන් නිපුන් ධනංජය මේ වනවිටත් ලුම්බිණි පිළේ කඩුලු 5ක් දවා ගැනීමට සමත්කම් දක්වා ඇත. තරගය පැවැත්වෙන්නේ කොළඹ BRC පිටියේදීයි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 121 (පන්දුවාර 33.1)

නිපුන් ධනංජය 22, ඔනෙල් ඉලංගසේකර 20, රවිඳු රසංක 3/08, මධුශංක සිරිනන්ද 2/23, මදුරම්‍ය විජේසිරි 2/46.

ලුම්බිණි විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 152 (පන්දුවාර 63.2)

ප්‍රභාශ්වර ගම්ලත් 49, තරූෂ නිම්හාර 34, නිපුන් ධනංජය 5/34.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<