ඉමිතියාස් සල්සාගෙන් මැජික් පන්දු යැවීමක්!

593

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග කිහිපයක් අද (25) පැවැත්විය.

සඳරු ඩයස් සාන්ත ආනා ඉනිම වනසයි

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස…

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

මරදාන සාන්ත ජෝසප් විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ සාන්ත තෝමස් විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් විද්‍යාල පිතිකරුවන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 266ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි.

සාන්ත ජෝසප් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන දිනෙත් ජයකොඩි මේ තරග වාරය තුල ලබාගත් 7 වැනි අර්ධ ශතකය සපුරා ගනිමින් ලකුණු 63ක් රැස්කර ගත්තේ තවදුරටත් සාන්ත ජෝසප් විද්‍යාලයේ (මෙවර තරග වාරය තුල)  වැඩිම ලකුණු ලාභියා වෙමිනි. ඊට අමතරව පසුපෙළ ක්‍රීඩක ලක්ෂාන් ගමගේ ලබාගත් වේගවත් ලකුණු 51 හා ආරම්භක කඩුලු රකින පිතිකරු වන ශෙරන් ෆොන්සේකා ලබාගත් ලකුණු 43 නිසා සාන්ත ජෝසප් විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට හැකි විය.  දුනිත් වෙල්ලාලගේ ලකුණු 37යි. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන ක්‍රීඩක කලන පෙරේරා කඩුලු 3ක් තමා සතු කරගත්තේය.

Photos : St. Joseph’s College vs S. Thomas’ College | Singer U19 Cricket Tournament 2018/19

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටින ලදි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 266/9d (69.4): දිනෙත් ජයකොඩි 63, ලක්ෂාන් ගමගේ 51, ශෙරන් ෆොන්සේකා 43, දුනිත් වෙල්ලාලගේ 37, දිලේෂ් පෙරේරා 24*, කලන පෙරේරා 3/67.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 66/3 (23): සිතර හපුහින්න 28.

තරගය වෙනස් කිරීමට ලැබුණු උඩපන්දුව ශ්‍රී ලංකාව අතින් ගිලිහෙයි!

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ අතපසුවීමක් නිසා අද රාත්‍රි ආහාරය දක්වා තරගයේ පාලනය…

කොළඹ මහානාම විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ධර්මරාජ විද්‍යාලයේ දුර්වල පිතිකරණය නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 151කට සීමා විය.

එහි දී ධර්මරාජ විද්‍යාල පළමු ඉනිමේ දී සාර්ථක වූ එකම පිතිකරුවා වූ  සචින්ත සේනානායක 4 පහර 5ක් සමඟ ලකුණු 47ක් ලබා ගත්තේය. ඊට අමතරව සචින්ත හා එක්ව ධර්මරාජ ඉනිම ගොඩනැංවූ කසුන් ගුණවර්ධන ලකුණු 37ක් ලබාගන්නා ලදි. ඉනිමේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ලහිරු කාවින්ද තමා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර ප්‍රමාණය තුල කඩුලු 4ක් දවා ගත්තේය. කවිෂ්ක පෙරේරා කඩුලු 3යි.

Photos: Mahanama College vs Dharmaraja College | Singer U19 Cricket Tournament 2018/19

පිළිතුරු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 109ක් ලබාගෙන සිටියේ ධර්මරාජ පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් ප්‍රබල තැනක පසුවෙමිනි. පවන්ත වීරසිංහ නොදැවී ලකුණු 82*ක් හා දිනුක රූපසිංහ නොදැවී ලකුණු 26*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 109*ක සබඳතාවයක් ද ගොඩනංවමිනි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 151 (60.2): සචින්ත සේනානායක 47, කසුන් ගුණවර්ධන 37, ලහිරු කාවින්ද 4/59, කවිෂ්ක පෙරේරා 3/14,

මහානාම විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 109/0 (34): පවන්ත වීරසිංහ 82*, දිනුක රූපසිංහ 26*

කොළඹ නාලන්දා විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 290ක් වැනි හොඳ ලකුණු ප්‍රමාණයකට ඔසවා තබා ගැනීමට ඔවුන්ට හැකි විය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුල් පෙළ පිතිකරුවෙක් වන නායක ලක්ෂිත රසාංජන ලකුණු 74ක් ලබාගත් අතර ඔහුට සහාය වූ  අවිශ්ක පෙරේරා ලකුණු 61ක් රැස්කර ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කළ ජිතේෂ් වාසල ලකුණු 45*යි. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක ඉමිතියාස් සල්සා ලකුණු 111කට කඩුලු 8ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ සහිරා විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබාගෙන සිටියේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 2455ක් පසුපසින් සිටිමිනි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 290 (75.4): ලක්ෂිත රසාංජන 74, අවිශ්ක පෙරේරා 61, ජිතේෂ් වාසල 45*, ඉමිතියාස් සල්සා 8/111.

සහිරා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 35/1 (9):

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම වෙස්ලි විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 163කට සීමා විය.

>>Photos: Trinity College v St.Sebastians College | Singer U19 Cricket Tournament 2018/19<< 

ත්‍රිත්ව විද්‍යාලයේ පළමු කඩුලු කිහිපය දවා ගැනීමට වෙස්ලි විද්‍යාල පන්දු යවන්නට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූයේ ශේන් ගුණතිලක (ලකුණු 74), අභිෂේක් ආනන්දකුමාර් (ලකුණු 67) හා පුබුදු බණ්ඩාර (ලකුණු 60) දියත් කළ දක්ෂ පිතිකරණය නිසාවෙනි.

පන්දු යැවීමේ දී මොවින් සුබසිංහ කඩුලු 3ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වෙස්ලි   විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 105ක් ලබා සිටියේය. මේ තරගය D කාණ්ඩයේ තරගයකි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 293/7d (64): ශේන් ගුණතිලක 74, අභිෂේක් ආනන්දකුමාර් 67, පුබුදු බණ්ඩාර 60, රනුද සෝමරත්න 29, මොවින් සුබසිංහ 3/90.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 105/6 (30): ශෙනාල් දංගල්ල 33, කවිෂ්ක සේනාධීර 3/30.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

හම්බන්තොට සූරියවැව මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන්   රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම ලකුණු 198කට සීමා විය.

>>මෙම ලිපියේ පළමු කොටසට පිවිසෙන්න<<

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ තවීෂ අභිෂේක් හා විනුජ කිරිඇල්ල පිළිවෙළින් ලකුණු 82*ක් හා ලකුණු 28ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී ගෙශාන්තික ජයවීර  කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාතර සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 60ක් ලබාගෙන තරමක අසීරු අඩියක සිටියේ රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 138ක් පසුපසින් සිටිමිනි.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 198 (67.3): තවීෂ අභිෂේක් 82*, විනුජ කිරිඇල්ල 28, ගෙශාන්තික ජයවීර 4/15.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 60/5 (29):

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරග සියල්ලම හෙට (26) දෙවන දිනයටත් ක්‍රියාත්මක වන අතර මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරගය හා කොළඹ මහානාම විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වෙන තරගය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<