සාලිය ජූඩ් ද ශතකලාභින්ගේ ලැයිස්තුවට

195

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ පළමු කොටසේ තරගාවලියේ ඊයේ (25) නිමා වූ තරග අතරින් සුවිශේෂී දක්ෂතා දක්වමින් කැපී පෙණෙන්ට කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ සාලිය ජූඩ් සමත් විය. ඔහු දිනයේ අවසන් කාර්තුවේ දී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කළේය.  

මේ අතර ඊයේ නිමා වූ තරග අතුරින් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ද ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ද සමත් විය.

ඉමිතියාස් සල්සාගෙන් මැජික් පන්දු යැවීමක්!

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වෙනුවෙන්…

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.  

D කාණ්ඩය නියෝජනය කරමින් පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 99ක් පමණි.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 188ක් ලබා ගත්හ. ඉන් ලකුණු  122ක් ම ලබා ගත්තේ පෙර දිනයේ ය. ඒ වන විට ඔවුන්ගේ අහිමිව තිබුණේ කඩුලු 4ක් පමණි. ඊයේ තවත් ලකුණු 66ක් එක් වෙද්දී ඉතිරි කඩුලු 6 දවා ගැනීමට සාන්ත ආනාවරුන් සමත් වූහ.

එම ඉනිම වෙනුවෙන් ඊයේ දවසේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට රනේෂ් සිල්වා සමත් විය.

ලකුණු 89ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත ආනාවරුන් එම ඉනිමේ දී ලකුණු 124කට දැවී ගිය හ. එම ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කවිඳු රණසිංහ සමත් විය. කඩුලු බිඳ හෙළීමේ දී නායක සඳරු ඩයස් ලකුණු 60කට කඩුලු 5ක් බිඳ දැම්මේ ය. එම දක්ෂතාවත් සමඟින් ඔහු මෙම තරගයේ දී ලකුණු 81කට කඩුලු 11ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 36ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී එම ඉලක්කයක් සපුරා ගත් හ. දැවී ගිය කඩුලු 4න් 3ක් ම ලබා ගැනීමට පසිඳු තෙන්නකෝන් සමත් විය.

සාන්ත ආනා විද්‍යාල; පළමු ඉනිම සියලුම දෙනා දැවී 99 (65.4) පසිඳු තෙන්නකෝන් 20,  සඳරු ඩයස් 6/21

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 188 (50.3) යොහාන් සචින්ත 50, රනේෂ් සිල්වා 33, අංජු කරුණානායක 23, රනේෂ් සිල්වා 56, අයේෂ් හර්ෂණ නොදැවී 21, ජයවිහාන් ප්‍රදීප්ත 21, පුබුදුශාන් සේදර 4/38, මයාන් මුසාමිල් 3/46, පසිඳු තෙන්නකෝන් 2/47

සාන්ත ආනා විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 124 (57.1) කවිඳු රණසිංහ 54, සඳරු ඩයස් 5/60, අයේෂ් හර්ෂණ 3/36

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 36 (5.5) ජයවිහාන් ප්‍රදීප්ත 20, පසිඳු තෙන්නකෝන් 3/16

කෞෂාල්ගේ දෛවෝපගත ඉනිම ද්විත්ව ශතකයෙන් නවතී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට අභියෝග කරන මෙරට ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක Major League සුපරි 8 ක්‍රිකට් තරගාවලියේ දී අද (25) දවසේ…

ගාල්ල මහින්ද විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

මහින්ද විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

A කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 147කි. තරගයේ පළමු දිනය අවසන් වෙන විට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 125ක් ලබා සිටි අතර ඊයේ දවසේ දී ඔවුන්ට තවත් ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. ඒ අනුව සාන්ත බෙනඩික්ට් ඉනිම ලකුණු 137කට සීමා විය.

Photos : St. Sylvesters College Vs Maliyadewa College | Singer U19 Cricket Tournament 2018/1

ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ මහින්ද විද්‍යාලය එවර ලකුණු 157ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අශේන් කණ්ඩම්බි ය. ඔහු ලකුණු 43ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී පළමු ඉනිමේ දී කඩුලු 5ක් ලබා ගත් මහීෂ් තීක්ෂණ දෙවැනි ඉනිමේ දී ද ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඒ අනුව ඔහු මෙම තරගයේ දී ලකුණු 102කට කඩුලු 10ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 168ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී එම ඉලක්කයක් සපුරා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ෂෙහාන් ප්‍රනාන්දු (42) සහ හසිඳු කවිරත්න (41) දක්ෂතා දැක්වූහ.

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (48.1) නවෝද් පරණවිතාන 31, කවිෂ මලියවඩු 30, දනුජ ඉඳුවර 26, පසන් පෙතන්ගොඩ 24, හංසික වැලිහිඳ 21, මහීෂ් තීක්ෂණ 5/37, මලින්ද පෙරේරා 4/46

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 137 (57.4) හසිඳු කවිරත්න 52, පසන් සුවහස් නොදැවී 41, නවෝද් පරණවිතාන 3/32, නිපුන් මාලිංග 3/32, කුෂාන් මධුශාන් 3/39

මහින්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 157 (46.3) අශේන් කණ්ඩම්බි 43, නිපුන් මාලිංද 28, හංසික වැළිහිඳ 27, විනුෂ දුල්සර 22, මහීෂ් තීක්ෂණ 5/65, මලින්ද පෙරේරා 3/64, කවීෂ ජයතිලක 2/19

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 171 (36) ෂෙහාන් ප්‍රනාන්දු 42, හසිඳු කවිරත්න 41, කුශාන් මධූශ 3/49, නවෝද් පරණවිතාන 2/34


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගය

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සත්කාරක සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ සමත් වූහ.

A කාණ්ඩය නියෝජනය කරමින් පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 254ක් ලබා ගත් හ. ඊට පිළිතුර ලෙසින් මලියදේව විද්‍යාලයට ලබා ගත හැකි වූයේ ලකුණු 168ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් කෙවින් බණ්ඩාර ලකුණු 49ක් ලබා ගත්තේ ය.

ලකුණු 86ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 157ක් ලබා සිටිය හ. සාන්ත සිල්වෙස්තර ඉනිමේ වැඩම ලකුණු ලාභියා වූයේ තාරීක් රාජගුරු ය. ඔහු නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේ ය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 254 (85.4) නවිඳු හේරත් 74, හසිඳු නිස්සංක නොදැවී 48, නදීර බාලසූරිය 34, කනිශ්ක ජයසේකර 20, පසන් හෙට්ටිආරච්චි 20, මදුරංග නවීන් 6/78.

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (56) කෙවින් බණ්ඩාර 49, මුදිත ප්‍රේමදාස 35, පවිත්‍ර මනෝහරන් 3/33, පසන් හෙට්ටිආරච්චි 2/29, හසිඳු නිස්සංක 2/34

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 157 (51) තාරික් රාජගුරු නොදැවී 60, අවිඳු හේරත් 33, මනෝහරන් පවිතරන් නොදැවී 22, පසිඳු තෙන්නකෝන් 2/34, මදුරංග නවීන් 2/57

තරගය වෙනස් කිරීමට ලැබුණු උඩපන්දුව ශ්‍රී ලංකාව අතින් ගිලිහෙයි!

ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සිදු වූ අතපසුවීමක් නිසා අද රාත්‍රි ආහාරය දක්වා තරගයේ පාලනය තමන් අත තබා ගන්නට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් විය.

කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරගය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ද මැසිනොඩ් විද්‍යාලය සමත් විය.

B කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ද මැසනොඩ් විද්‍යාලය තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 166කි. ඊට පිළිතුරු ලෙසින් ජනාධිපති විද්‍යාලය රැස් කළේ ලකුණු 135කි.

ජනාධිපති ක්‍රීඩකයෝ පෙර දිනයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 105ක් ලබා සිටි අතර ඊයේ ඔවුන්ට  රැස් කර ගත හැකි වුයේ තවත් ලකුණු 30ක් පමණි. කඩුලු ලබා ගැනීමේ දී සිහින සිතුමිණ ලකුණු 31කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ලකුණු 31ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ද මැසනොඩ්  ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් ලබා ගත්තේ සාලිය ජූඩ් ගේ ශතකයත් සමගිනි. ඊට අමතරව රෝමන් ප්‍රනාන්දු ලකුණු 42ක් ලබා ගත්තේ ය. කඩුලු බිඳ දැමීමේ දී ඉරංග හෂාන් ලකුණු 66කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ලකුණු 282ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ සංචාරක ජනාධිපති ක්‍රීඩකයෝ තරගය නතර කරන විට රැස් කරගෙන සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 52ක් පමණි.

ද මැසනොඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 166 (53.5) නඳුන් ඩිල්ශාන් 45, සාලිය ජූඩ් 31, සිහින සිතුමිණ 25, ටශික නිර්මාල් 5/47, ඉරංග 5/37

ජනාධිපති විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 135 (42) ටශික නිර්මාල් 57, සිහින සිතුමිණ 5/31, අසිත සිල්වා 3/36

ද මැසනොඩ් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 251 (69.5) සාලිය ජූඩ් 113, රොමාල් ප්‍රනාන්දු 42, පසිඳු රාජමුනින්ද්‍ර 24, නඳුන් ඩිල්ශාන් 23, ඉරංග හෂාන් 5/66, ටෂික නිර්මාල් 3/96

ජනාධිපති විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 52 (15) ටෂික නිර්මාල් 23, මාර්ක් මතායස් 2/16


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

C කාණ්ඩයේ තරගයක් ලෙසින් මොරටුව සාන්ත සෙබස්තියන් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 129ක් පමණි.

>>මෙම ලිපියේ දෙවන කොටසට පිවිසෙන්න<<

ඊට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබා ගනිමින් තරගයේ වාසිය සියතට ගෙන සිටිය හ.

සාන්ත ජෝසප් වාස් ඉනිම පාලනය කිරීමේ දී නදීර ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 4ක් දවා ගන්තේ ය.

තරගය අද (26) දෙවැනි දිනටත් ක්‍රියාත්මක ය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (40.4) ගිහාන් පතිරණ නොදැවී 38, සොහාන් අනුරුද්ධ 38, නදීර ප්‍රනාන්දු 4/40, දිනුජ සමසිංහ 3/23, ප්‍රවින් කුරේ 2/17

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 163 (55) ජනිශ්ක පෙරේරා 34, සුකිත ප්‍රසන්න 30, නුවනිඳු ප්‍රනාන්දු 22, ධනුක නිර්මාල් 3/39, චමෝද් ප්‍රනාන්දු 2/36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<