සන්තුෂ් ගුණතිලක වාර්තා පොත් දෙදරවයි

685

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (23) ක්‍රියාත්මක විය. එහි දී සාන්ත පීතර විද්‍යාලයේ හිටපු නායක හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සන්තුෂ් ගුණතිලක 2018/19 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවන පිතිකරුවා බවට පත්විය.

අවිශ්ක, කමේෂ් හා මුදිත ශතක ලාභීන් බවට පත්වේ

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

තරගයේ දෙවන දිනයේ ආරම්භය සටහන් වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී 128ක් ලබාගෙන තිබුණි.

නොදැවී ක්‍රීඩා කරමින් සිටි දුනිත් ජයතුංග ලකුණු 90 සීමාවේ දී දැවී ගියේ කවිෂ්ක සේනාධීරගේ පන්දුවක් හමුවේ වන අතර දුනිත්ගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 8 ඇතුළත් විය. අවසානයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම අභිබවා යමින් සියල්ලන්ම දැවී ලකුණු 181ක් රැස්කර ගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිෂ්ක සේනාධීර කඩුලු 6ක් දවා ගත්තේය. භිෂේක් ආනන්දකුමාර් කඩුලු 3යි.

Photos: Trinity College v St.Sebastians College | Singer U19 Cricket Tournament 2018/19

ලකුණු 18ක පළමු ඉනිමේ අවාසියක් සහිතව දෙවන ඉනිම ආරම්භ කළ ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 198ක් ලබාගෙන සිටිය දී සිය ඉනිම අත්හිටු වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 181ක ඉලක්කයක් හිමිකර දෙමින් වුවත් එය හඹා යාමට තරම් ප්‍රමාණවත් පන්දුවාර ප්‍රමාණයක් නොතිබීම නිසාවෙන් තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රනුද සෝමරත්න ලකුණු 83යි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 163 (53.1): පුබුදු බණ්ඩාර 53, අග්බෝ රණසිංහ 34, විනුජ රූපසිංහ 4/48.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 181 (67.4): දුනිත් ජයතුංග 90, කවිෂ්ක සේනාධීර 6/67, අභිෂේක් ආනන්දකුමාර් 3/22.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම –  198/5d (60.2): රනුද සෝමරත්න 83, අවිෂ්ක සේනාධීර 60, අභිෂේක් ආනන්දකුමාර් 32.

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 33/1 (17):

රත්වූ යකඩය කෙසේ හෝ නවාගන්නට සිංහයින් සීරුවෙන්

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 269කට සීමා විය.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටියේ ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 248ක් පසුපසින් සිටිමිනි.

Photos: St.Peter’s College v D.S.Senanayake College | Singer U19 Cricket Tournament 2018/19

සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සන්තුෂ් ගුණතිලක ලකුණු 122ක් හා නායක රන්මිත් ජයසේන නොදැවී ලකුණු 120*ක් ලබාගෙන පළමු ඉනිමේ ජය සාන්ත පීතර විද්‍යාලයට ලබා දුන්නේය. එසේම මේ තරගය සන්තුෂ්ගේ ක්‍රිකට් දිවියේ නොමැකෙන මතකයක් ලෙස සටහන් වූයේ 2018/19 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවන ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකියාව ලැබීම නිසාවෙනි. ඒ අතරට ශතක 6ක් හා එක් ද්විත්ව ශතකයක් ඇතුලත්ය.

සාන්ත පීතර විද්‍යාලයේ මැදපෙළ සවිමත් කළ දිනිත් අංජුල අර්ධ ශතකයක්  වෙත පිවිසියේය. පන්දු යැවීමේ දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වන  සචිර රශ්මික කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ අවසන් හා දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා සිටියේය.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 269 (83.4): මුදිත ලක්ෂාන් 113, රුවින් සෙනෙවිරත්න 6/72.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම  – 360/3 (103): සන්තුෂ් ගුණතිලක 122, රන්මිත් ජයසේන 120*, දිනිත් අංජුල 65, භානුක ද සිල්වා 24.

ප්‍රදීප්ගේ හිදැසට වමතෙක්

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

සාන්ත සර්වේසස් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 96ක ජයක් හිමිකර දෙමින් මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී තරගය අවසන් විය.

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 124කට සීමා වූයේ ශෂික දුල්ශාන් හා කේසර නුවන්ත ක්‍රියාත්මක කළ දක්ෂ පන්දු යැවීම නිසයි.

සාන්ත සර්වේසස් විද්‍යාලයීය පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 183ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිමේ තරම් දුරට හෝ සාර්ථක නොවීය. මේ තරගය පුරාවටම සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ ශෂික දුල්ශාන් පන්දු යැවීමේ දී කඩුලු 8ක් දවා ගත්තේය.

මේ තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම – 307/7d (61): චේතක දෙනුවන් 102, චිහාන්  කළිඳු 39, ශෂික දුල්ශාන් 39, තිනෙත් වීරසූරිය 4/103.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම  – 124 (56.5): ගජිත කොටුවේගොඩ 30, පසන් වීරසිංහ 23, ශෂික දුල්ශාන් 3/21, කේසර නුවන්ත 3/34.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 87 (48.3): ශෂික දුල්ශාන් 5/13, කේසර නුවන්ත 3/36.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මහානාම විද්‍යාලයට ඉනිමක හා ලකුණු 27ක දැවැන්ත ජයක් හිමි වූ මේ තරගය ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය ලබා ගත් ලකුණු 159ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 87ක් ලබාගෙන ප්‍රබල තැනක සිටියේය.

>>Photos : Richmond College vs Dharmapala College – Singer U19 Cricket Tournament 2018/19<<

එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන පවන්ත වීරසිංහ (ලකුණු 120), ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පවන් රත්නායක (ලකුණු 63*) හා විනුක රූබසිංහ ලබාගත් අර්ධ ශතකය නිසාවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 267ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට මහානාම විද්‍යාලය තීරණය කරන ලදි.

ලකුණු 108ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පිටියට පැමිණි සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් කිසිදු පිතිකරුවෙක් හට සාර්ථක වීමට අවස්ථාව නොලැබුණේ සොනාල් දිනූෂ ඇතුළු මහානාම විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසාවෙනි. අවසානයේ සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම ලකුණු 76කට සීමා විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 159 (58.3): මනුෂ්ක සමිත් 41, පවන්ත වීරසිංහ 3/33.

මහානාම විද්‍යාල පළමු ඉනිම – 267/7d (88): පවන්ත වීරසිංහ 120, පවන් රත්නායක 63*, විනුක රූබසිංහ 55.

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම – 76 (27): සොනාල් දිනූශ 4/23, ලහිරු විතරාන 3/24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<