අවිශ්ක, කමේෂ් හා මුදිත ශතක ලාභීන් බවට පත්වේ

769

පාසල් ක්‍රිකට් පිටියේ චමත්කාරම හා තරගකාරීම වයස් කාණ්ඩය වන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (22) ක්‍රියාත්මක විය.

මදුෂිකගේ දක්ෂ පන්දු යැවීමෙන් සාන්ත ආනාවරුන් තිගැස්සෙයි!

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (21) පැවැත්විය. සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත්…

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

තර්ස්ටන් විදුහල් පිටියේ දී නිමා වූ මේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට වෙස්ලි විද්‍යාල සමත් විය.

මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ වෙස්ලි විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 318ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල ස්ථානයක පසු විය. අද දිනයේ දී එම ඉනිමට තවත් ලකුණු 15ක් එක්වෙද්දී ඔවුන්ගේ අවසන් කඩුලු දෙක ද දැවී ගියේය. අයේෂ් හර්ෂණ කඩුලු 4යි.

Photo Album :  Thurstan College v Wesley College | Singer U19 Cricket Tournament 2018/19

 

එයට පිළිතුරු දුන් තර්ස්ටන් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 153ක් පමණි. තේනුක පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් යොහාන් ලියනගේ හැර තර්ස්ටන් විද්‍යාලයේ අනෙක් සියලුම පිතිකරුවන් අසාර්ථක විය.

ලකුණු 180ක පළමු ඉනිමේ වාසියක් හිමිකරගත් වෙස්ලි විද්‍යාල නැවත වතාවක් පන්දු යැවීමට තීරණය කළේ ඉනිමක ජයක් අපේක්ෂාවෙන් වුවත් එය සාර්ථක කරගැනීමට අර්ධ ශතකලාභී ජයවිහාන් ප්‍රදීප්ත හා නායක සඳරු ඩයස් (ලකුණු 31*) අවස්ථාව නොදුනි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම –  333 (100): තිසුරක අක්මීමන 104, ශෙනාල් දංගල්ල 59, දෙනුවන මෙන්ඩිස් 41*, අයෙෂ් හර්ෂණ 4/86.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම –  153 (53.5): යොහාන් ලියනගේ 66, තේනුක පෙරේරා 5/27, රාහුල් ගුණසේකර 3/29.

තර්ස්ටන් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 174/3 (36): ජයවිහාන් ප්‍රදීප්ත 72, සඳරු ඩයස් 31*, යොහාන් ලියනගේ 31.

යලිත් වරක් අංක එකේ විනිසුරු වූ ‘උනන්දුවා’

පසුගිය වසර පුරාවට ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට තම දායකත්වය ලබා දුන් විනිසුරුවරුන්…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 272කට සීමා විය.

පිළිතුරු ඉනිම දියත් කළ ධර්මපාල විද්‍යාලය තරගයේ අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 203ක් පසුපසින් සිටිමිනි.

Phot Album : Richmond College vs Dharmapala College – Singer U19 Cricket Tournament 2018/19

නායක විහඟ ගුණරත්න ධර්මපාල විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 37ක් ලබාගෙන ලකුණු 205ක් දක්වා ධර්මපාල විදුහල් පළමු ඉනිම ඔසවා තැබුවේය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දිලුම් සුධීර ලකුණු 75ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත විය.

ලකුණු 67ක පළමු ඉනිමේ වාසියක් සමඟ නැවත වතාවක් පිටියට පැමිණි රිච්මන්ඩ් විද්‍යාලය තරගයේ නිමාව සනිටුහන් වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 141ක් ලබාගෙන ඉනිම අත්හිටුවන ලදි. සඳුන් මෙන්ඩිස් ලකුණු 66යි.

අවසානයේ රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ප්‍රසාද ලකුණක් හිමිකරදෙමින් මේ තරගය නිමාවට පත්විය.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 272 (71.1): ආධිත්‍ය සිරිවර්ධන 61, තවීෂ අභිෂේක් 57, සඳුන් මෙන්ඩිස් 47,  භානුක මනෝහර 36, චමිඳු සමරසිංහ 4/50.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 205 (89.2): විහඟ ගුණරත්න 37, නඳුන් හේවානායක 31, ශෙවෝන් නදීජ 31, දිලුම් සුධීර 6/75.

රිචමන්ඩ් විද්‍යාල දෙවන ඉනිම – 141/2d (35.4): සඳුන් මෙන්ඩිස් 66, ආධිතය සිරිවර්ධන 52*.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

වත්තල සාන්ත අන්තෝනි විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය  තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය (21) පුරාවටම පන්දුවට පහර දෙන ලදි. එසේ අවසානයේ අද උදෑසන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 260කට සීමා කරගැනීමට සාන්ත අන්තෝනි පන්දු යවන්නන් හට හැකි විය.

Photos : Singer U19 Cricket Tournament 2018/19 | St. Thomas College Matara vs St. Anthonys College Wattala

එම ඉනිමට පිළිතුරු ලෙස සිය පිතිකරණය දියත් කළ සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක තරිඳු (ලකුණු 101*), විශාල් සිල්වා හා අරින්ද පසිඳු ශතක හා අර්ධ ශතක අතරට පිවිසියේය. පන්දු යැවීමේ දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වන  සචිර රශ්මික කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ අවසන් හා දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා සිටියේය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 360 (102): හරිඳු ජයසේකර 76, වෝෂිත අප්සර 58, ගිෂාන්තික ජයවීර 50, ම්හිසල් අමෝද 35, සංචිත රණසිංහ 34, කවිෂ දුලංජන 5/144.

සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 287/7 (96): අවිශ්ක තරිඳු  101*, විශාල් සිල්වා 65, අරින්ද පසිඳු 54, සචිර රශ්මික 4/86, තිනෙත් තිසර 3/73.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය මෙම මස 29 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර එයට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්…

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ආනන්ද විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාල පළමු ඉනිම සාන්ත බෙනඩික්ට් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 136කට සීමා විය.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ පළමු  පැය 2ක පමණ කාලය තුල සිය පළමු ඉනිමේ ජය තහවුරු කරගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වන්නට වූයේ කවීෂ ජයතිලක ලබාගත් අර්ධ ශතකය නිසාවෙනි. කවිරු පෙරේරා ලකුණු 38යි. අවසානයේ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ලකුණු 207කට සීමා වූ අතර ලකුණු 71ක් පළමු ඉනිමේ වාසියක් අතැතිව නැවත වතාවක් පන්දු රැකීම සඳහා පිටියට පැමිණීමට ඔවුන්ට ආනන්ද විද්‍යාල නායක කමේෂ් නිර්මාල් ශතකයකින් සංග්‍රහ කළේය.

Photo Album : Ananda College v St.Benedict’s College | Singer U19 Cricket Tournament 2018/19

 

කලන විජේසිරි ලකුණු 76ක් ලබාගෙන ආනන්ද විද්‍යාල මැදපෙළ සවිමත් කිරීම නිසා ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව සාර්ථක හා ස්ථාවර මට්ටමකට පැමිණීමට ඔවුන්ට හැකි විය. මෝදිත රණතුංග ලකුණු 53යි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 136 (53): දමින්ද රේෂාන් 56*, මහීෂ තීක්ෂණ 4/55, ඔනිල පතිරණ 3/22.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 207 (59.1): කවීෂ ජයතිලක 52, කවිරු පෙරේරා 38, ෂෙහාන් ප්‍රනාන්දු 24, සවිරු බණ්ඩාර 3/36.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම –  276/6 (71.5): කමේෂ් නිර්මාල් 101, කලන විජේසිරි 76, මෝදිත රණතුංග 53.


පළමු දිනයට පැවැත්වුණු තරග

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම සාන්ත සෙබස්තියන් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 163කට සීමා විය

Photos: St. Sebastian’s College vs St. Aloysius’ College | Singer U19 Cricket Tournament 2018/19

ත්‍රිත්ව විද්‍යාලයේ පළමු කඩුලු කිහිපය අවම ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගියත් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ නායක පුබුදු බණ්ඩාර ඉවසිලිවන්ත පිතිකරණයක් දියත් කරමින් ලකුණු 53ක් රැස්කර ගන්නා ලදි. අග්බෝ රණසිංහ ලකුණු 34යි.

පන්දු යැවීමේ දී විනුජ රූපසිංහ කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 128ක් ලබා සිටියේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට 4 පහර 6ක් එල්ල කරමින් නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දුනිත් ජයතුංග ලකුණු 72*යි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 163 (53.1): පුබුදු බණ්ඩාර 53, අග්බෝ රණසිංහ 34, විනුජ රූපසිංහ 4/48.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 128/4 (45): දුනිත් ජයතුංග 74*, කවිෂ්ක සේනාධීර 3/42.


බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 269කට සීමා විය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුල් පෙළ පිතිකරුවෙක් වන මුදිත ලක්ෂාන් ලකුණු 113ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක රුවින් සෙනෙවිරත්න ලකුණු 72කට කඩුලු 6ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කකිසිවෙක් නොදැවී ලකුණු 21ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 248ක් පසුපසින් සිටිමිනි.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 269 (83.4): මුදිත ලක්ෂාන් 113, රුවින් සෙනෙවිරත්න 6/72.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 21/0 (9):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (23) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<