කන්ද උඩරටින් සහ මාතරින් සුපිරි 8 අසුන් දෙකක් ගනියි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

80

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් සහ සුපිරි 16 වටයේ තරග කිහිපයක් ඊයේ (22) පැවැත්විය. 

මාතර සාන්ත තෝමස් සහ සාන්ත අන්තෝනි සුපිරි 8 වටය අභියසට?

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක්…

සුපිරි 16 වටයේ පැවති තරග දෙකේ දී ඩී. එස් සේනානායක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සුපිරි 8 වටය සඳහා වරම් දිනා ගන්නා විට, මලියදේව විද්‍යාලය ඉනිමකින් සහ කඩුලු 9කින් පරාජය කළ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය ද සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඊට අමතරව පැවති සුහද කාණ්ඩයේ තරග හතර අතරින් සාන්ත ජෝසප් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර පැවති තරගය ඉනිමකින් සහ ලකුණු 25කින් ජය ගැනීමට සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව තරග කළ සහිරා විද්‍යාලය ද ඔවුන්ගේ අත්කාරක ක්‍රිකට් පිටිය මත ඉනිමක සහ ලකුණු 85ක ජයක් ලබා ගනිමින් තරගය නිමා කරන ලදි. 

සාන්ත ජෝසප් තරගයේ දී ශෙවෝන් ඩැනියල් සහ ශෙරන් ෆොන්සේකා පිතිකරණයෙන් දස්කම් දක්වන විට දකුණතින් පිට දඟපන්දු යවන අශේන් ඩැනියල් පන්දු යැවීමෙන් දස්කම් දක්වන ලදි. ඊට අමතරව නායක ජොහෑන් ද සිල්වා ද කඩුලු 6ක් දවා ගත්තේය.

Video – තරගය ජයගත්තත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් වැරදි වුනා! – Cricketry | SLvWI – 1st ODI

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමුවැනි එක්දින තරගය අද (22) කොළඹ එස්.එස්.සී ක්‍රිකට් පිටියේ දී…

සාන්ත ජෝසප් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටිය

සාන්ත ජෝසප් විද්‍යාලය – 377/8d (62.4) ශෙවෝන් ඩැනියල් 117, ශෙරන් ෆොන්සේකා 102, දුනිත් වෙල්ලාලගේ 70, දිනෙත් ජයකොඩි 44, දෙනෙත් නිස්සංක 3/77, ජනිඳු ජයවර්ධන 2/53, දසුන් තාරුක 2/67.

ආනන්ද විද්‍යාලය – 247 (74.2) හංසජ ජයසිංහ 77, ජනිඳු ජයවර්ධන 37*, තුශාල් ධර්මරත්න 27, දසුන් තාරුක 27, නෙත්ම කරුණාරත්න 26, අශේන් ඩැනියල් 5/50, ශාලින්ද සෙනෙවිරත්න 3/40. සහ 105 (35.4) ජනිඳු ජයවර්ධන 41, සවිඳු බණ්ඩාර 42, ජොහෑන් ද සිල්වා 6/36, ශාලින්ද සෙනෙවිරත්න 2/21.

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 25ක ජයක්

Photos: St.Joseph’s College v Ananda College | School Cricket 2019/20

ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – ත්‍රිත්ව විද්‍යාලය
  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාල ක්‍රිකට් පිටිය 

ත්‍රිත්ව විද්‍යාලය – 281/9d (71.2) පසන් ගනේගොඩ 87, තෙවින් අමරසිංහ 62, රනුද සෝමරත්න 42, ඩිරෙන් ද සිල්වා 3/52, යසිරු රොද්‍රිගෝ 3/56. සහ 35/4 (10.3)

සාන්ත තෝමස් විද්‍යාලය – 250 (81.2) ගැවින් බොතේජු 79, තෙවින් ඊරියගම 37*, ශලින් ද මෙල් 37, දිල්මින් රත්නායක 29, රයන් ප්‍රනාන්දු 22, අභිෂේක් ආනන්දකුමාර් 6/79, උවිඳු විලමධර්ම 2/61.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (21)…

ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (සුපිරි 16 වටයේ තරගයක්)

  • ස්ථානය – උයන්වත්ත ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 107 (36.1) මනුර පීරිස් 27, සචිර රශ්මික 3/10, සිනෙත් සිතාර 3/23, හිරුෂ ජීවජිත් 2/30. සහ 42/4 (13)

සාන්ත තෝමස් විද්‍යාලය – 285 (73.5) හිරන්ත ලක්ෂාන් 77, සචිර රශ්මික 66*, නිපුන් සමරසිංහ 24, සංජය මදුරංග 24, සනිරු දිසානායක 2/19, චමත් යටවර 2/36, උමේෂ් අදීශ 2/52.

සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් සහ සුපිරි 8 වටයට වරම්

මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (සුපිරි 16 වටයේ තරගයක්)

  • ස්ථානය –  සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලය  – 109 (47) මතීෂ වීරසිංහ 46, ගිහාන් ඊබර්ට් 4/29, නිම්නක ජයතිලක 4/29. සහ 128 (39.5) මුදිත ප්‍රේමදාස 39, අමේෂ් තෙන්නකෝන් 26, අසිත වන්නිනායක 5/06, නිම්නක ජයතිලක 4/54.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 204 (54.1) අංජන බණ්ඩාර 57, චමිඳු වික්‍රමසිංහ 49, සකිඳු විජේරත්න 5/69, පසිඳු තෙන්නකෝන් 4/57 සහ 34/1 (5.4) 

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 9ක ජයක් සහ සුපිරි 8 වටයට වරම්

කිංග්ස්වුඩ් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය  (සුහද තරගය)

  • ස්ථානය – සහිරා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – කිංග්ස්වුඩ් විද්‍යාලය

කිංග්ස්වුඩ් විද්‍යාලය – 77 (27) ඉමිතියාස් ස්ලාසා 6/08, ඉශාන් රහීම් 2/19. සහ 140 (36.4) විනුක පුස්සපිටිය 40, දිනිදිය පොල්කොටුව 26, අනුල් සෙනෙවිරත්න 25, මොහොමඩ් ශමාස් 6/05, ඉමිතියාස් ස්ලාසා 4/56.

සහිරා විද්‍යාලය – 302 (60.2) මොහොමඩ් ශමාස් 115, ඉශාන් රහීම් 55*, මොහොමඩ් රහිදි 28, කේෂාන් කෙවින් 3/40, අමේෂ් රූපසිංහ 3/70, චමුදික අබේරත්න 2/27.

සහිරා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 85ක ජයක් 

ඩිල්ස්කූප් මෙහෙයුමෙන් හැඩ ගැන්වෙන “ශ්‍රී ලංකා Legends කණ්ඩායම” එළිදකියි

යුගයක් කල එළි කළ ඒ ප්‍රතාපවත් ක්‍රිකට් විරුවන් එකම වේදිකාවක දී යළිත් වරක් එකිනෙකා පරයා යමින් නැඟී සිටිනු දැක…

ගුරුකුල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය  (සුහද තරගය)

  • ස්ථානය – මොරටු මහා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය

ගුරුකුල විද්‍යාලය – 189 (55.3) ප්‍රවීන් නිමේෂ් 86, රශ්මික මෙවන් 36, ශෂික අශාන් 24, දිනෙත් චාමර 24, මදුර ගිම්හාන 3/26, දුල්ශාන් ගවීෂ 2/10, රෂාන් කවිෂ්ක 2/42, එරන් හංසමාල් 2/52. සහ 170 (60) කෙමිර නයනතරු 90*, විනුක හේෂාන් 24, එරන් හංසමාල් 7/74, රෂාන් කවිෂ්ක 2/48.

මොරටු මහා විද්‍යාලය – 131 (55) දුල්ශාන් ගවීෂ 44, සුසිත දෙව්තිලින 23, තුෂාර මදුශාන් 4/40, ලික්ශාන් සසංග 2/18, රශ්මික මෙවන් 2/35. සහ 66/8 (19) රශ්මික මෙවන් 4/07, රිෂිත සංකල්ප 2/26.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<