පුබුදු, රුවින් ත්‍රිත්ව විද්‍යාලය ඉදිරියෙන් තබයි

250

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2018/19 පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර සුහද තරගය අද (21) මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

මේ තරගයේ පළමු දිනය අවසන් වන විට ත්‍රිත්ව විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 69ක් ඉදිරියෙන් සිටියේ රුවින්රි පීරිස්ගේ හා පුබුදු බණ්ඩාරගේ වැඩි දස්කම් නිසයි.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා පොඩ්ඩන්ට ලකුණු 13ක් හරස් වේ

සිව් දිනක් මුළුල්ලේ කොළඹ එන්. සී. සී. පිටියේ පැවති නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ යොවුන් පන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ලකුණු 13ක…

කන්ද උඩරට පාසල් ද්විත්වයක් අතර පැවැත්වෙන මේ තරගයේ දෙපිලේ නායකයින් අතර ඉහළ නැගුණු කාසියේ වාසිය ජය ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල නායකයා පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ගේ පිතිකරුවන් හට එම ලබා ගත් වාසියට නිසි ඇගයීමක් ලබා දීමට නොහැකි විය.

පන්දුවාර 42යි පන්දු 5ක් පුරාවට ඇදී ගිය සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම සුනුවිසුනු කළ ශ්‍රී ලංකා 19න් පහළ දකුණතින් වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක රුවින් පීරිස් ලකුණු 40ක් තුල කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මනෝහරන් පවිත්‍රන් ලකුණු 28කට දැවී ගියේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම ලකුණු 88ක් වැනි මට්ටමකට හෝ ඔසවා තබමිනි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ පළමු ඉනිමට පිළිතුරු දුන් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩක පුබුදු බණ්ඩාර සාන්ත සිල්වෙස්ටර් පන්දු යවන්නන්ව දැඩි පීඩනයකට හසු කළේය. ඔහු එලෙස පිතිකරණයේ නිරත වූයේ නොදැවී ලකුණු 83*ක් සිය ලකුණු ගොන්නට එකතු කරගනිමිනි.

එංගලන්තය වැසි නියැදිය අභිබවා තරගාවලිය ජය ගනී

තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළ ද ප්‍රතිවාදීන්ගේ දක්ෂතා හමුවේ නැවත වතාවක් අසරණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තය සමඟ අද (20) මහනුවර…

ඊට අමතරව ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සවියක් වූ උමෙයිල් රයිසාන් නොදැවී ලකුණු 24*ක් ලබාගෙන පුබුදු හා එක්ව 5 වන කඩුල්ල වෙනුවෙන් අස්ගිරිය තණතීරුව මත රැඳී සිටියි. ශානුක කුමාරසිංහ ලකුණු 21යි. මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබාගෙන තිබේ.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල පළමු ඉනිම – 88 (42.5): මනෝහරන් පවිත්‍රන් 28,  රුවින් පීරිස් 6/40

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 157/4 (37.2): පුබුදු බණ්ඩාර 83*, උමෙයිල් රයිසාන් 24*, ශානුක කුමාරසිංහ 21

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය හෙට (22) දෙවන දිනයටත් ක්‍රියාත්මක  වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<