මදුෂිකගේ දක්ෂ පන්දු යැවීමෙන් සාන්ත ආනාවරුන් තිගැස්සෙයි!

192

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (21) පැවැත්විය.

සිතාර, ශෙනාල්, අරෝෂණ හා හංසික වැඩි දස්කම් අතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (19) සාර්ථකව නිමාවට පත්විය. පාසල් ක්‍රිකට් වාර්තා පොත් අලුත් වන 2018/19 සිංගර් කුසලාන…

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

ඊයේ (20) දිනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. එහි දී සාන්ත ආනා විද්‍යාලය ලබාගත් ලකුණු 259ට පිළිතුරු ලෙස ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 167ක් පමණි.

තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සාන්ත ආනා විද්‍යාලයේ ලසිත් වර්ණකුලසූරිය දියත් කළ දක්ෂ පිතිකරණ රටාව නිසාවෙන් සාන්ත ආනා විද්‍යාලය දැවැන්ත ලකුණු මට්ටමක් වෙත ගිය අතර කවිඳු රණසිංහ ලකුණු 41ක් ලබාගෙන සාන්ත ආනා මැදපෙළ සවිමත් කරන ලදි.

එම ඉනිමට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ ඉසිපතන විද්‍යාලයේ මුල්පෙළ කඩුලු කිහිපය ඉක්මනින්ම බිඳ වැටී ගිය නමුත් අශේන් ගුණවර්ධන ලබාගත් අර්ධ ශතකය නිසාවෙන් ඉසිපතන විද්‍යාල ඉනිම යම් ප්‍රශංසනීය මට්ටමක් වෙත රැගෙන යාමට හැකි විය.

ලකුණු 92ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත ආනා දෙවන ඉනිම ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව නොසිතූ ලෙස බිඳ වැටෙන්නට වූයේ ඉසිපතන නායක මදුෂික සඳරුවන්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා වන නමුත් අවසානයේ තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. මදුෂික තරගය පුරාවට කඩුලු 7ක් දවා ගන්නා ලදි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 259 (110.2): ලසිත් වර්ණකුලසූරිය 93, කවිඳු රණසිංහ 41, පසිඳු තෙන්නකෝන් 30, මදුෂික සඳරුවන් 3/58.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 167 (62.1): අශේන් ගුණවර්ධන 67, මදුෂික සඳරුවන්  27, රිසිත පෙරේරා 3/15, පසිඳු තෙන්නකෝන් 3/59.

සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 25/7 (16): මදුෂික සඳරුවන් 4/10.

පොඩිම තැනින් ලොකුම තැනට ගිය වසීම් අක්‍රම්

ඒක සම්පූර්ණයෙන්ම අහම්බයක්. 1984 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වුණා එක්තරා ක්‍රිකට් පුහුණු කඳවුරක්. වේගපන්දු යවන්නෙකු ලෙස මමත් එයට සහභාගී වුනා.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග

කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවැත්වෙන මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ වෙස්ලි විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 318ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවිය.

කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවෙක් වන තිසුරක අක්මීමන හතරේ පහර 8ක් සමඟින් ලකුණු 104ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව වෙස්ලි විද්‍යාල පළමු ඉනිම ගොඩනැංවීමට දායක වූ නායක ශෙනාල් දංගල්ල ලකුණු 59ක් ලබාගෙන සිය විද්‍යාලයේ පළමු ඉනිම ඔසවා තබන ලදි. පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ බවන්ත ජයසිංහ ලකුණු 40කට කඩුලු 2ක් දවා ගනිමින් තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්විය.

Photos: S.Thomas’ College v Wesley College | Singer U19 Cricket Tournament 2018/19

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  318/8 (95): තිසුරක අක්මීමන 104, ශෙනාල් දංගල්ල 59, දෙනුවන මෙන්ඩිස් 34*, තේනුක පෙරේරා 26, බවන්ත ජයසිංහ 2/40.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 272කට සීමා විය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආධිත්‍ය සිරිවර්ධන ලකුණු 61ක් ලබාගත් අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ තවීෂ අභිෂේක් ලකුණු 57ක් ලබා ගත්තේය. ඊට අමතරව සඳුන් මෙන්ඩිස් ලකුණු 47ක් ලබාගෙන සිය අර්ධ ශතකයට ආසන්නව සිටිය දී දැවී ගියේය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක නායක චමිඳු සමරසිංහ  ලකුණු 50කට කඩුලු 4යි.

පිළිතුරු ඉනිම දියත් කළ ධර්මපාල විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 203ක් පසුපසින් සිටිමිනි.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම – 272 (71.1): ආධිත්‍ය සිරිවර්ධන 61, තවීෂ අභිෂේක් 57, සඳුන් මෙන්ඩිස් 47,  භානුක මනෝහර 36, චමිඳු සමරසිංහ 4/50.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 69/4 (23): මලිත් සඳකැලුම් 25, දිලුම් සුධීර 2/08.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

වත්තල සාන්ත අන්තෝනි විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය  තරගයේ පළමු දිනය පුරාවටම පන්දුවට පහර දෙන ලදි.

හරිඳු ජයසේකර හා ගිෂාන්තික ජයවීර පිළිවෙළින් ලකුණු 76ක් හා ලකුණු 50ක් වාර්තා කරන ගන්නා ලදි. පන්දු යැවීමේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා වන කවිෂ දුලංජන කඩුලු 5ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාතර සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙක් කඩුලු 8ක් දැවී ලකුණු 336ක් ලබා සිටියේය. නොදැවී ක්‍රීඩා කරමින් සිටින වෝෂිත අප්සර ලකුණු 49*යි.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 336/8 (96): හරිඳු ජයසේකර 76, ගිෂාන්තික ජයවීර 50, වෝෂිත අප්සර 49*, ම්හිසල් අමෝද 35, සංචිත රණසිංහ 34, කවිෂ දුලංජන 5/128.

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ආනන්ද විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාල පළමු ඉනිම සාන්ත බෙනඩික්ට් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 136කට සීමා විය.

ආනන්ද විද්‍යාලයේ පළමු කඩුලු 6 අවම ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගියත් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ දමින්ද රේෂාන් නොදැවී ලකුණු 56*ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩක මහීෂ තීක්ෂණ කඩුලු 4ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා සිටියේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි කවීෂ ජයතිලක ලකුණු 46*යි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 136 (53): දමින්ද රේෂාන් 56*, මහීෂ තීක්ෂණ 4/55, ඔනිල පතිරණ 3/22.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 149/5 (39): කවීෂ ජයතිලක 46*, සවිරු බණ්ඩාර 2/35.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (22) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<