මහේල – සංගා කුසලානය විසඳුමක් සහිතව අවසන් වන ලකුණු

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

72

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද (20) දින ආරම්භ විය. ඒ අතර “මහේල – සංගා කුසලානය” වෙනුවෙන් නාලන්දා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන සුහද ක්‍රිකට් තරගය කැපී පෙනුනි. 

විශාල් මහානාම බලාපොරොත්තු සුන් කරද්දී තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරග………….

නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 

අස්ගිරිය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාල නායක අවිශ්ක පෙරේරා පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කරන ලද්දේ වැඩි ලකුණු පුවරුවක් වෙත යාම සඳහා වූ නමුත් ඒ අරමුණ සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. ඒ නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම පන්දුවාර 27 කුත් පන්දු 5 ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 82 ක් පමණි. 

මහීම වීරකෝන් සහ රවීන් ද සිල්වා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වන විට ඔවුන්ගේ පිතිකරුවන් දමනය කළ ත්‍රිත්ව විද්‍යාලයේ නායක රුවින් පීරිස් නැවත වතාවක් කඩුලු 5 අවස්ථාවක් සාර්ථක කර ගත්තේය. ඊට අමතරව පිතිකරණයෙන් ද ලකුණු අතරට පැමිණි අභිෂේක් ආනන්දකුමාර් නාලන්දා පළමු ඉනිමේ කඩුලු 3 ක් තමන් සතුකර ගන්නා ලදි. 

නාලන්දා පළමු ඉනිමට පිළිතුරු දුන් සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයේ ආනන්දකුමාර් සහ දීමන්ත බණ්ඩාර රැස්කර ගත් ලකුණු සවිමත් අඩිතාලමක් බවට පත්කර ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 214 ක් දක්වා රැගෙන ගියේය. 

ඒ නිසාවෙන් ලකුණු 132 ක දැවැන්ත පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය සිය දෙවන ඉනිම ආරම්භ කළ නාලන්දා විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 17 ක් රැස්කර ගෙන සිටින්නේ ඉනිමක පරාජයෙන් ගැලවීමේ අරමුණ අතැතිවයි. 

නාලන්දා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 82 (27.5) මහීම වීරකෝන්  25, රවීන් ද සිල්වා 24, රුවින් පීරිස් 5/32, අභිෂේක් ආනන්දකුමාර් 3/25. සහ 17/1 (4.2) 

ත්‍රිත්ව විද්‍යාලය : 214 (57) අභිෂේක් ආනන්දකුමාර් 60, දීමන්ත බණ්ඩාර 49, දිනිත සිරිවර්ධන 20, රවීන් ද සිල්වා 4/101, චමෝද්‍ය රාජපක්ෂ 3/46. 

එල්. ඩී. එච්. පීරිස් අනුස්මරණ කුසලානයට නැවතත් රාජකීය පහස

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (18) නිමාවට පත්විය.

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 

A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනු අතර තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දේවපතිරාජ විද්‍යාලය කඩුලු 6 ක් දැවී ලකුණු 64 ක් වාර්තා කරගෙන සිටියි. 

ගුරුකුල විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 127 ක් රැස්කර ගත් අතර රශ්මික මෙවන් සහ ලික්ශාන් සසංග පිළිවෙලින් ලකුණු 43 ක් සහ ලකුණු 30 ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්විය. දකුණතින් පිට දඟපන්දු යවන සුධීර වීරරත්න ලකුණු 50 ක් තුළ කඩුලු 5 ක් දවා ගනිමින් මෙවර තරග වාරය තුළ දවා ගත් තවත් කඩුලු 5 ක් සඳහා හිමිකම් කියන ලදි. 

ගුරුකුල විද්‍යාලය : 127 (51.2) රශ්මික මෙවන් 43, ලික්ශාන් සසංග 30, ප්‍රවීන් නිමේෂ් 21, සුධීර වීරරත්න 5/50, ඉරුෂික තිමිර 3/34. 

දේවපතිරාජ විද්‍යාලය : 64/6 (41) දිනිත ප්‍රභංක 27, සසිත අශාන් 3/07, තුෂාර සංකල්ප 3/14. 

පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරග දෙකම හෙට (21) දින දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<